gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රංගන හේරත් ගත් තීරණය මෙන්න

ලොව බිහි වූ වමත් දගපන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන එංගලන්ත පළමු ටෙස්ට් තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ටෙස්ට් තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලියේ පළමු තරඟය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී
නොවැම්බර් 6 ආරම්භවනවා.

1978 වර්ෂයේ මාර්තු මස 19 දින කුරුණෑගල දී උපත ලද රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත්තේ 1999 වර්ෂයේ සැප්තැම්බර් මස 22 දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවයි.

ඔහු එක්දින වරම් දිනාගත්තේ 2004 වසරේ අප්‍රේල් මස 25 දින හරාරේ හීදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

රංගන පසුගිය ජනවාරි මාසයේ ලෝකයේ සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා බවට ද පත් වුණා.

ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු දවා ගත් කඩුලු හතරත් සමග ඔහු මෙතෙක් දවාගෙන තිබෙන සම්පූර්ණ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 415 දක්වා ඉහළ යාමත් සමගයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka