gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සහාය මහින්දට

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව ආණ්ඩුවට පළාත් නවය නියෝජනය කරන සියලූ ආණ්ඩුකාරවරුන්ගේ සහාය ලබාදෙන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පෙරේදා (28 ) පැවසීය.

ඔහු එසේ පැවසුවේ කොළඹදී පෙරේදා සවස පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් කතා කළ බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා මෙසේද කීය.

''පළාත් නවයම නියෝජනය කරන ආණ්ඩුකාරවරුන්
අපි ජනාධිපතිතුමා මුණගැහුණා. එහිදී අපි නව දෙනාම ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් මේ නව ආණ්ඩුවට සහාය ලබාදෙනවා කියලා පොරොන්දු වුණා. ජනාධිපතිතුමා හා හිටපු ජනාධිපතිතුමාගේ පවුලේ අය ඝාතන තැතක් හෙළිවුණා. ඒ හෙළිදරව් වුණ කරුණු අනුව හා රට අස්ථාවර වෙමින් පැවැති කාලයක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ තීරණය ගත්තේ.

ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට ආණ්ඩුකාරවරුන් වන අපි සියලූ දෙනාගේ සහයෝගය ලබාදෙනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා,

''රට අරාජික වෙමින් පවතින කාලයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් බුද්ධිමත් තීරණයක් මේක. එතුමා ව්‍යවස්ථානුකූලව ගත් මේ තීරණය මා ස්ථිර කරනවා. නව අගමැති ධුරයට පත්වුණු මහින්ද රාජපක්‍ෂ මහතාට මගේ සුබපැතුම් එක්කරනවා.''

සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා කුමාරි ඒකනායක මහත්මිය,

''රට ජාතිය, සංස්කෘතිය ආරක්‍ෂා කරන්නට ජනාධිපතිතුමා මේ ගත්තේ බුද්ධිමත් තීරණයක්. ජනාධිපතිතුමාගේ උපදෙස් පිළිපදිමින් නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හරියාකාරව රටට සේවයක් කරයි කියලා හිතනවා.''

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා,

''පසුගිය කාලසීමාවේ මේ රට තුළ අරාජික යුගයක් නිර්මාණය කළා. මේ නිසා රට තුළ ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියලා ජනතාව අතර මතයක් ඇතිවුණා. රට අරාජික වෙමින් තිබෙන සමයක ජනතාව අතර මතයක් ආවා අපිට ශක්තිවන්ත රජයක් අවශ්‍යයි කියලා. රටේ ආර්ථිකය විශාල ලෙසින් කඩා වැටීම, රටේ පරිපාලනය කඩාවැටීම රටේ නීතිය හා සාමය රැුකීම අවුලක පැවතීම වැනි මෙන්න මේ කාරණා නිසා රට අරාජික වෙමින් තිබුණා.

ජනාධිපතිතුමා ගත්තු මේ තීරණය ඉතා වැදගත් එකක්. ඒ වගේම එතුමා රටේ ස්ථාවරත්වය වෙනුවෙන් ගත්තු ඉතා හොඳ තීරණයක් මේක. ඒ නිසා එතුමා මේ ගත් තීරණයට ඌව පළාත් ජනතාවගේ ආශිර්වාදය හිමිවෙනවා.'

මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජී. බී. දිසානායක, ඌව පළාත් ආණ්ඩුකාර ආර්. ඒ. බී. රැුකව, දකුණු පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්. පී. ජයසිංහ, වයඹ පළාත් භාර ආණ්ඩුකාර ලෝගේෂ්වරම් යන මහත්වරුන්ද කතා කළහ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka