gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ජුන අත්අඩංගුවට නොගත්තොත් තෙල් බෙදාහැරීම නවතනවලු

දෙමටගොඩ ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ අද (28)  සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු
ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්ම නොකළහොත් හෙට (29) සිට තෙල් බෙදා හැරීම නවතා වෘත්තීය ක්‍රියා මාර්ගයක  නියැලෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර  මහතා පැවසීය.

ඇමති ධූරය අහිමිවීමෙන් පසු ලිපි ලේඛන රැගෙන යාමට කාර්යාලයට පැමිණි හිටපු අමාත්‍යවරයාට එළියට ඒමට නොහැකි ආකාරයට සේවකයන් කටයුතු කර තිබූ අතර මෙම අවස්තාවේ ගැටුමක් හටගෙන ඇත. ඇමතිවරයාගේ ආරක්සාවට හිටපු ඇමතිවරයාගේ ආරක්ෂකයෙකු සිදුකළ වෙඩි තැබීමකින් සංස්ථා සේවකයින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදි.

වෙඩි තැබීම සිදු කළ නිලධාරියා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. නමුත් හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගෙන නොමැත.
අර්ජුන රණතුංග  අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්ම නොකළහොත් හෙට (29) සිට තෙල් බෙදා හැරීම නවතා දමන බව වෘත්තීය සමිති අනතුරු හඟවා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka