gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය අනතුරු දෙකකින් වන අලි දෙදෙනෙක් මරුට

දුම්රිය අනතුරු දෙකකින් ‍වන අලි දෙදෙනෙක් මිය ගොස් තවත් අලියෙකු තුවාල ලබා තිබේ.

ඊයේ(20) රාත්‍රියේ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රියේ වන අලීන් ‍දෙදෙනෙක් ගැටී තිබේ.

කෙසේ වෙතත් මෙම අනතුරින් එක් වන අලියෙකු මිය ගොස් ඇති අතර, අනෙක් වන අලියා බරපතළ තුවාල ලබා තිබේ.

මෙය රාත්‍රී 12ට පමණ සිදුව ඇති බව වාර්තා වෙයි.

අද(21) අලුයම 1 ‍පමණ කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වු මීනගයා දුම්රියේ ගැටී තවත් වන අලියෙකු මිය ගොස් තිබේ.

පළුගස්වැව ප්‍රදේශයේ දී ‍දුම්රිය පීලිපැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිපැනිමකට සීමා වී ඇති අතර, දුම්රිය ධාවනය කැකිරාවට සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka