gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසයේ දරුණුතම එක්දින තරග පරාජය එංගලන්තයට අත්කර දුන් ශ්‍රි ලංකා පිළ ජයග්‍රහණය සැමරු හැටි මෙන්න (VIDEO/PHOTOS)

"සෑම ක්‍රිඩකයෙක්ටම අවස්ථාව දෙන්න අවශ්‍යයි. පහුගිය තරගවල වර්ෂාව නිසා ඒ අවස්ථාව ගිලිහුනා. ඊයේ තරගයේදී අළුත් ක්‍රිඩකයින්ට අවස්ථාව දෙන්න තීරණය කළේ  ඒ නිසයි. නමුත් ඊයේ අපි ක්‍රිඩා කළ ආකාරය ගැන සෑහිමට පත් වන්නේ නැහැ. ශ්‍රි ලංකාව හොදින් ක්‍රිඩා කළා". තරගයෙන් විවේක ගන්වා සිටි එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක ඉයන්
මෝර්ගන් ලැබූ පරාජය සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියා.

එක් දින තරගාවලිය එංගලන්තය තරග 3-1ක් ලෙස ජයග්‍රහණය කළත් තම එක්දින තරග ඉතිහාසයේ ලැබු දරුණුතම පරාජය විද ගැනිමට ඔවුන්ට සිදු වුනා. ඒ ඩක්වත් ලුයිස් න්‍යායට අනුව අවසන් එක්දින තරගයෙන් ශ්‍රි ලංකාව හමුවේ ලකුණු 219ක පරාජයත් සමගයී.

ශ්‍රි ලංකාව ලබා දුන් ලකුණු 366 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම ආර්. ප්‍රේමදාස පිටියට වර්ෂාව ඇද හැලෙන විට පන්දු ඕවර 26.1ක් අවසානයේදි කඩුළු 9ක් දැවි ලකුණු 132ක් ලබා සිටියා.

එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක්ස් පන්දු 60 කදි ලකුණු 67ක් ලබා ගත් අතර මෝයීන් අලී පන්දු 37කදි ලකුණු 37ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 19 ට කඩුළු 4ක් ලබා ගත් අතර දුෂ්මන්ත චමිර ලකුණු 20 කට කඩුළු 3ක් දවා ගනු ලැබුවා.

තරගයෙන් පසුව ශ්‍රි ලංකා කණ්ඩායම ජය සැමරුවේ ඔවුන් වෙනුවෙන්ම ලියන ලද ගීතයක් ගායනා කරමින්. ඒ අවස්ථාව නායක දිනේෂ් චන්දිමාල් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා. එම වීඩියෝව පහතින් නරඹන්න.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka