ජකර්තා සිහින සාප්පුව ගිනිගනියි !

ජාත්‍යන්තර මට්ටමේ පදක්කමක් යනු ඕනෑම ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට සිහිනයකි. එම සිහිනය සැබෑ වීම කිසිවිටෙක පහසු කටයුත්තක් නොවන්නේ ඒ සදහා විශාල කැපවීමක් කල යුතු බැවිනි .

ඒත් සමහරු ගහක අත්තකට නගින්න පෙර හඳට යාමට වෙර දරති.

අප රටෙත් බොහෝ ක්‍රීඩා වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්

ලංගමයේ ආදායම ඉහළ යයි… දිනකට මිලියන 100 පනී…

විවිධ දේශපාලන බඳවා ගැනීම් හේතුවෙන් පසුගිය කාලවකවානුවේ දී මූල්‍ය පරිහානියට ලක්ව තිබූ ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විට දිනකට රුපියල් මිලියන 100ක ආදායමක් උපයන බව වාර්තා වේ.

මෙම වාර්තාගත ආදායම ඉපැයීම සඳහා බස් රථ 6100ක් මෙන්ම රියදුරු, කොන්දොස්තර, ලිපිකරු, කාර්මික සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 30463ක සේවක පිරිසකගේ සේවය ලබා ගෙන තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රගති

ලොකු සැලළිහිණියා වඳ වෙයි

ලංකාවේ සිටින සැලළිහිණියන් අතරින් ලොකු සැලළිහිණි වර්ගය වඳ වී ගොස්‌ ඇතැයි පරිසර සංවිධාන පවසයි.

 'කෂිපොටයා' නමින් හඳුන්වන මෙම ලොකු සැලළිහිණින් අනිකුත් සැලළිහිණියන් සමග ගස්‌වල ගෙඩි ආහාරයට ගනිමින් වනාන්තරවල ජීවත් වන බවත් බිත්තර දමන සමය ළං වනවිට මොවුන් දිරාගිය කිතුල් කොට සහ ගස්‌ බෙන සොයා ගම්වලට පැමිණෙන බවත් බිත්තර දමා පැටවුන් ලොකු මහත්

කුරුණෑගල ප්‍රධාන පාසල්වල දරුවන් අනතුරේ

වයඹ පළාතේ කුරුණෑගල නගරයේ ඇති බොහොමයක් ප්‍රධාන පෙළේ පාසල්වල මත්කුඩු ව්‍යාප්තිය මෙන්ම දරුවන් ලිංගිකත්වයට මුල් තැන දෙමින් අපචාරයේ යෙදීම ඉහළ ගොස් ඇතැයි වයඹ පළාත් හා උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පවසයි.

වැල්ලව පොලිසිය විසින් සංවිධානය කර තිබූ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්

මහවැලි ගඟ අනතුරක - තව අවුරුදු දෙක තුනකින් කාන්තාරයක්

තී‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයට අයත්, ප‍්‍රදේශ කිහිපයක සිදු කෙරෙන වැලි ජාවාරම හේතුවෙන් මහවැලි ගඟ අවධානමකට ලක්ව ඇතැයි ගොවි සංවිධාන කිහිපයක් පෙන්වා දෙනවා.

මහවැලි ගගේ වැලි ජාවාරම වැඩි වශයෙන් සිදු කෙරෙන්නේ සෙරුවිල, මුතූර් සහ වෙරුගල් යන ප‍්‍රදේශවල බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙම වැලි ජාවාරම් හේතුවෙන් ආශි‍්‍රත ප‍්‍රදේශවලට සිදුවිය හැකි පරිසර හා සමාජයීය හානි පරිසර ඇගයීම් වලින්ද

ප්‍රශ්නයක් නම් සංගට කතා කරන්න -1333

අඳුරෙන් එළියට යන නමින් පැවැත්වෙන පාපාදි සවාරියේ අරමුණ 1333 අංකය පිළිබඳව ජනතාව අතරට ගෙන යෑම බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

මෙම පාපැදි සවාරිය අද පුත්තලමෙන් ආරම්භ කළ අතර එය ඊයේ දිනයේදී දඹුල්ල නගරයෙන් අවසන් කිරීමට නියමිතය.

“අඳුරෙන් එළියට පාපැදි සාවාරියේ අරමුණ ජනතාවට දැනුම ලබා දීලා ඔවුන්ට ඕනෑම

ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට පැවරෙයි

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් නියෝජනය කරන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය අද (31) ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට පිරිනැමෙනවා. ඒ, නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 04වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සමාප්තිය සටහන් කරමින්.

රටවල් 07ක් බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරනවා. ශී‍්‍ර ලංකාව හැරුණු විට එහි සෙසු සාමාජික රටවල් වන්නේ ඉන්දියාව, බංග්ලාදේශය,

විමල්-සජිත් විවාදයට රූපවාහිනී නාලිකා දෙකක් සූදානම්..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

සජිත් ප්‍රේමදාස මහතා,

උපාධිධාරීන් දහසකගේ පත්වීම් අවලංගු වෙයි!

පසුගියදා රාජ්‍ය සේවයේ පත්වීම් ලැබූ උපාධිධාරීන් හාරදහස්‌ එකසිය (4100) දෙනා අතරින් උපාධිධාරීන් දහසක්‌ පමණ මේ දක්‌වා රැකියාවට වාර්තා කර නැතැයි රජය පවසයි.

ඉදිරි දෙදින ඇතුළත එම උපාධිධාරීන් සිය පත්වීම් අනුව රාජ්‍ය සේවයට වාර්තා නොකළහොත්

රාජ්‍ය සේවකයින්ට හිමි දීමනා ගුරුවරුන්ටත් අවශ්‍යයි

ගුරුවරුන් පාසලෙන් පරිබාහිරව සිදුකරන සේවා සඳහා 20/2018 චක‍්‍රලේඛයෙන් රජයේ සේවකයන්ට වැඩි කළ සංයුක්ත දීමනාව නොගෙවීම බරපතල අසාධාරණයක් බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

රජයේ නිලධාරීන් විසින් සේවාස්ථානයෙන් බැහැරව සිදු කරන රාජකාරි සඳහා මෙම සංයුක්ත දීමනා ගෙවීම සිදුකරන අතර 2018.08.21 දින නිකුත් කළ

සියලු මැතිඇමතිවරුන්ට විවෘත ආරාධනයක්

පාර්ලිමේන්තුවේදී පරාජය කෙරුණු පළාත් සභා සීමා නිර්ණ වාර්තාවේ අඩුපාඩු මොනවාදැයි එම වාර්තාව නැවත අධීක්ෂණයට පත් කළ සමාලෝචන කමිටුව හමුවේ විධිමත්ව කරුණු දක්වන ලෙස සියලූ මැති ඇමතිවරුන්ට විවෘත ආරාධනයක් කෙරෙනවා.

පළාත් සභා සීමා නිර්ණ වාර්තාවේ අඩුපාඩු පිළිබඳ එවැනි විධිමත් කරුණු දැක්වීමක් පාර්ලිමේන්තුවේදී

සජින් වාස්ගේ නඩුවකට දින දෙයි

මිහින් ලංකා ගුවන් සමාගමට රුපියල් මිලියන 883 ක අලාභයක් සිදුකර ඇතැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝම්බර් 19 වනදා විභාගයට ගැනීමට දින නියම කෙරුණා. ඒ, අදාළ නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (29) කැදවූ අවස්ථාවේදීයි.

හිටපු මන්තී‍්‍රවරයා මිහින් ලංකා ගුවන් සමාගමේ

කුඹුරේ තිබූ කාන්තා මළ සිරුර ඥාතීන් හඳුනගනී (PHOTOS)

කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක තිබි සොයාගත් කාන්තා මළ සිරුර ඊයේ (29) සවස හඳුනාගෙන තිබෙනවා.

ඒ මියගිය කාන්තාවගේ ඥාතීන් විසින්.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ මාන්කුලම, මුරුකණ්ඩි, වසන්තනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු මවක් වන කරුපයියා නිත්‍යකලා නැමැති

ඇමති නවින්ට ජනතාවගෙන් විරෝධය

ගාල්ල කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නව කාර්යයාලය විවෘත කිරීමේ අවස්ථාව ඊයේ (29) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

එම උත්සවය අතරතුර නව කාර්යාලය ඉදිරිපිටට රැස්වූ විනාශකාරී

ගාළු වරායේ ටකරන් මඩුවක මහ වංචාවක්.. සෞදි සමාගමක්ද පැටලේ..

පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ගාලුවරායේ ඉදි නොවුනු නාවික යාත්‍රා අලුත්වැඩිය කරන අංගනයේ ඇතුලු පැත්ත.

2013 මැයි මස 6 වන දින ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා සීගල්ෆ් ෂිප්යාඩ් (පුද්ගලික) සමාගම අතර ගාලු

BMW රියේ වීදුරුව කුඩු කර රිය අනතුරක් කළ බවට බොරු පැමිණිළි කරලා

කොළඹ සිට සංචාරයක්‌ සඳහා ඉකුත් 25 වැනිදා ගාල්ල කොටුවට යුවළක්‌ පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක ඉදිරිපස වීදුරුවට පහරදී රුපියල් තුන්ලක්‍ෂ අනූදහසක අලාභයක්‌ සිදුකරන ලද සැකකරුවකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 මේ අතර එම මෝටර් රථය තම දියණිය හප්පා රිය අනතුරක්‌ සිදුකළ බවට පොලිසියට අසත්‍ය පැමිණිල්ලක්‌ කිරීම සම්බන්ධයෙන් සැකකරුට

ඥාණසාර හිමියන් අවසර ඉල්ලයි

සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඳහා අභියාචන පෙත්සමකට අවසර දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ කරුණු සලකා බැලීම ලබන සිකුරාදාට කල්තැබුණා.

ඒ, සිද්ධියට අදාළ නඩුව අද (29) කැඳවූ

2019 අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් !

ලබන වසර අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් එන බවත් ඊට කලින් පළාත් සභා මැතිවරණයක් එන බවත් ඒ මැතිවරණ සඳහා මුහුණ දීමට එජාපය සූදානම් බවත් පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසුවේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ වතු කම්කරුවන්ට ඉඩම් අයිතිය ලබාදීමේ "හරිත භූමි" වැඩසටහන් මාලාවේ තෙවැනි අදියර සඳහා සහභාගි වෙමිනි.

පාම් තෙල් බද්ද රු. 20 කින් නංවයි

පාම් තෙල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණිඩ බද්ද රුපියල් 20කින් වැඩිකර තිබේ.

ඉකුත් 25 දා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය මගින් සිදුකර ඇති මෙම බදු වැඩි කිරීමට අනුව මෙතෙක් පාම් තෙල් කිලෝවක් සඳහා රුපියල් 155ක් වශයෙන් පැවති බද්ද රුපියල් 175 දක්වා ඉහළ ගොස් ඇත.

මේ දිනවල පොල්තෙල් මිල අඩුවී තිබීම පාම් තෙල් බද්ද වැඩි කිරීමට

කාන්තාවන් විදෙස්ගත වීමේදී බලපෑ නීතියක් වෙනස් වෙයි

කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබා ගැනීමට තිබු නීතිය ඉවත් කරන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාගත යුතු බවට නීති පනවා තිබීම හේතුවෙන් නොයෙක් වංචනික මාර්ග ඔස්සේ කාන්තාවන් විදේශගත වීම හමුවේ ඔවුන්ගේ මෙන්ම එම පවුල්වල ආරක්ෂාවට බරපතල හානියක් සිදුව

පිළිකාව ගැන ලංකාවෙන් භයානක අනාවරණයක්

මෙරට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව මහනුවර පිළිකා රෝහලේ වෛද්‍ය සුසිල් සිරිවර්ධන අනාවරණය කරනවා.

තලාතුඔය ප්‍රදේශයේ පැවැති ජන හමුවක දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම වර්ෂය තුළ නව පිළිකා රෝගීන් 10,000කට ආසන්න පිරිසක් හඳුණාගෙන ඇති බවයි.

එමෙන්ම ඉන් 70%ක්ම කාන්තාවන් බවයි ඔහු

පිටෙහි ගලක් බැඳ ගිල්වූ සිරුරක් වැලිතොටකින් සොයාගනී

දෑත් බැඳ පිටෙහි ගලක් ගැට ගසා මීගහකිවුල – මීගොල්ලඔයේ වැලිතොටුපළක ගිල්වා තිබූ පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම මළ සිරුර මීට දින කිහිපයකට පෙර අතුරුදන්ව සිටි අයෙකුගේ බවට හඳුණාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඔහු මීගහකිවුල – මොරහෙල – මීගොල්ල ප්‍රදේශයේ

නාමල් උස්සන්න යෝෂිතත් වේදිකාවට !

නාමල් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ලබන පස් වැනි දා කොළඹ දී පැවැත්වෙන ‘ජන බලය කොළඹට’ විරෝදතාවයට එක්වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

මෙම විරෝධතාවය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා කන්තලේ නගර ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් ඔහු එබව සඳහන් කළේය.

මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන

‘ක්‍රිකට්’ මට භාර දුන්නොත් මාස හයෙන් හදලා දෙනවා

'ෆයිසර් ඇමැතිතුමා මට වඩා ක්‍රිකට් දන්නවා. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව එතුමාට භාරදීලා මම නිහඬව ඉන්නවා. හැබැයි ඉදිරි ආණ්ඩුවක් ආ වෙලාවක මම ක්‍රිකට් ටික හදලා දෙන්නම්' යි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවැසුවේ මාධ්‍යවේදී තමීර මංජු මහතා විසින් රචනා කළ 'සෙල්ලම් ද සෙල්ලම්' ක්‍රීඩා කෘතිය ජනගත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

ෆොන්සේකාගේ STF ආරක්‍ෂාව ඉවතට..?

වනජීවී හා ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා මහතාගේ ආරක්‍ෂාව සදහා යොදා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් එම ආරක්‍ෂාවෙන් සීමා කර ඇති බව වාර්තා වෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඉලක්ක කරමින් ඇමති ෆොන්සේකා විසින් දැඩි ප‍්‍රකාශයන් කිහිපයක්ම පසුගිය දිනවල සිදු කිරීමෙන් පසු මෙම

යාපනයේ යුවළ 79ක් රජයේ වියදමින් විවාහ කරවයි (photos)

යාපනය ප්‍රදේශයේ නීතියෙන් විවාහ නොවී සිටි අඹුසැමි යුවළ 41 රජයේ වියදමින් ඊයේ (27) නීත්‍යානුකූළ විවාහ දිවියට ඇතුලත් කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ යාපනය මරුතංකේණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවතී උත්සවයකදීයි.

පසුගිය දින හතරක කාලය තුලදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මෙහෙවර යටතේ විවාහ දිවියට

දෙවුන්දර ‘කළණ’ගේ තවත් රහසක් හෙළිවෙයි

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දැඩි වධ හිංසා විදිමින් සිටි කළණ හස්තියා දේවාලයට පැවරීමට අදාළ සන්නස් පත්‍රය ඇතුළු සියලු ලිපිලේඛන අතුරුදන් වී ඇතැයි දේවාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

1989 වසරේදී ජනපති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සන්නස් පත්‍රයක් මගින් කළණ හස්තියා

පුහුණුකරු නොමැතිව හඩා වැටුණු ධාවනශුරිය (video)

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට එක් වූ නිමාලි ලියනආරච්චි ඊයේ (27) හිමි කර ගත්තේ 4 වන ස්ථානයයි. තරගය අවසන් වීමෙන් පසු ඇය පැවසුවේ සිය පුහුණුුකරු සිටියේ නම් මීට වඩා දක්ෂතා දැක්වීමට තමන්ට හැකියාව තිබූ බවයි.

ඇය ඉන්දුනියාවේ සිට මේ බව කියා සිටියේ කදුලු

බදුල්ලේදී තවත් බසයක් ප්‍රපාතයකට - තරුණයෙක් මරුට, 34ක් රෝහලේ, අවසන් මොහොතේ ජීවිත බේරන ප්‍රාතිහාර්යක්!

බස් රථ අනතුරක් හේතුවෙන් දරුවෙකු මිය ගොස් තවත් 34 දෙනෙකු බරපතළ තුවාල ලැබූ අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. ඒ බදුල්ල ප්‍රදේශයෙන්.

බදුල්ල අලූගොල්ල ප‍්‍රධාන මාර්ගයේ ඊ‍යේ දින (27) උදෑසන ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 ක් පමණ ගැඹුරු ප‍්‍රපාතයකට පෙරළී යෑමෙන් මෙන අනතුර සිදුව

රනිල් පොදු අපේක්ෂක ඇඳුමට බසී (photos)

ඉන්දියන් සාගර සමුළුවට සහභාගී වීම සඳහා වියට්නාමය බලා ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දින බංග්ලාදේශ සැළසුම් අමාත්‍ය මුස්තාපා කමල් හමුවූවා.

අගමැතිවරයා එම අවස්ථාවට සහභාගි වීම සඳහා හැඳ සිටි ඇඳුම විශේෂයෙන් කැපී පෙණුනා.

එම ඇඳුම පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු

හිටපු හමුදාපති රොහාන් දළුවත්ත මිය යයි

හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම, කීර්තිමත් හමුදා සෙන්පතියකු වූ ජෙනරල් රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 77වැනි වියෙහි පසුවිය.

1941 මැයි 09වනදා අම්බලන්ගොඩ දී උපත ලද දළුවත්ත මහතා, ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක් ද වේ.

1961 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට කැඩෙට්

අධ්‍යාපන අමාත්‍යංශයේ පෙළ පොත් මගඩිය හෙළිවෙයි

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබියදී සමස්ත පෙළපොත් මුද්‍රණයෙන් 98%ක් පෞද්ගලික මුද්‍රණාලවලට ලබාදීම බරපතල දූෂණයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා නිවේදනක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වන විට අධ්‍යාපන

මට වෙඩි තිබ්බට කමක් නෑ - කාදිනල් තුමා

තමාට වෙඩි තැබුවද මත් උවදුරෙන් දරුවන් රැකගැනීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.

එතුමා මේ බව කියා සිටියේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා එතුමා

දේශීය ක්‍රිකට් තරගාවලිය මැද්දේ පෙන්වූ දර්ශනය දැඩි විවේචනයට

මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දේශීය ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙමින් තිබෙනවා.

එහිදී ඊයේ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර තරගයක් පැවැත්වුණා.

මේ ආකාරයේ ඊයේ (26) පැවැති තරගයේදී ප්‍රේක්ෂකාගාරය දෙසට කැමරාව යොමු කරමින්

එස්.බී.ට ඒකාබද්දයේ දැඩි විරෝධය.. දැඩි පිලිකුලෙන් හෙලා දකී…

ආණ්ඩුව විසින් සරසවි සිසුන්ගේ විරෝධතාවයට පහර දීම අනුමත කරන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය ඒකාබද්ද විපක්‍ෂයේ මතය නොවන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

ඔහුගේ එම ප‍්‍රකාශය දැඩි පිලිකුලෙන් හෙලා දකින්නේ යයි ඕකාබද්ද විපක්‍ෂයේ නියෝජ්‍ය සභාපති

"ඉන්දියාවේ මත්ද්‍රව්‍ය වඩමරච්චියෙන් මෙරටට" - ධීවර සංගමයෙන් හෙළිදරව්වක්

ඉන්දියාව හරහා උතුරට පැමිණෙන මත්ද්‍රව්‍ය වලින් විශාල ප්‍රමාණයක්  ගොඩබෑම් සිදු වන්නේ යාපනයේ වඩමරච්චි මුහුදු තීරයෙන් බව යාපනයේ වඩමරච්චි ධීවර සංගමයේ සභාපති පී මුරලි  යාපනයේදී කියා සිටියේය.

වඩමරච්චි පළාතේ ධීවරයින් මුහුණ දෙන ප්‍රශ්න පිළිබදව සාකච්ඡා කිරීම සදහා යාපනයේ මාධ්‍ය සමාජයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

වඩමරච්චි ප්‍රදේශයේ කිසිම ධීවර සමීතියක

යාපනයේ ස්ථාන දෙකකින් කොටි සැගවූ මෝටාර් උණ්ඩ හමුවෙයි (PHOTOS)

යාපනය නෙල්ලියඩි හා කයිට්ස් පොලිස් වසම්හි යුද සමයේදී කොටි සංවිධානය විසින් සගවා තබන ලද මෝටාර් උණ්ඩ 11 ක් වලදමා තිබියදී සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කියා සිටියහ.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව නෙල්ලියඩි තුන්නාලෙයි නැගෙනහිර  ප්‍රදේශයේ මෝටාර් උණ්ඩ 5 ක් වලදමා තිබියදී පෙරේදා (25) දින සොයාගෙන ඇති

05 වැනිදා ඒකාබද්දය කොළඹ වටලා හර්තාල්..

එළැඹෙන සැප්තැම්බර් 05 වැනිදා කොළඹ නගරය වටලා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමු අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජිත් සොයිසා හා

මධූෂ්ගේ ගෝලයකුගේ බිරිඳට මාලිගාවත්තේදී වෙඩිතබා මරයි

මේ වන විට ඩුබායි රටේ සිටින ප‍්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මධූෂ් නමැත්තා සමග සමීපව කටයුතු කරන පුද්ගලයකුගේ බිරිඳක ඊයේ (26 වැනිදා සවස 6.00 ට පමණ මාලිගාවත්ත ජුම්මා මංසන්ධිය ලොන්ඩරිය ආසන්නයේදී මිලි මීටර් 9

කොළඹ අවට වගුරු බිම් වල කිඹුල් අවධානමක් ගැන අනතුරු අඟවයි

කොළඹ අවට වගුරු බිම්, ඇළ මාර්ග සහ ගංගා ආශි‍්‍රතව කිඹුල් උවදුර උග‍්‍ර විමේ අවදානමක් පිළිබඳ පරිසරවේදීන් අනතුරු අඟවනවා. මෙම වගුරු බිම්, ඇළ මාර්ග සහ ගංගා ආශි‍්‍රතව ගැට කිඹුලන් ව්‍යප්තව සිටින බවයි වනජීවි විද්‍යාඥ ඩිනාල් සමරසිංහ පැවසුවේ. මෙමගින් අවදානමට ලක්වන පාර්ශව

වෙල්ගම, කරූ, දයා සහ දයාසිරි එකට රට යයි

කථානායක කරු ජයසුරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අද (26) දින කොරියානු සංචාරයක් සඳහා රටින් පිටව යන්නේ යැයි දයාසිරි ජයසේකර පැවසූ බව මාධ්‍ය වාර්තා කරනවා.

මෙම කොරියානු සංචාරය පිළිබඳව එම පුවත් වෙබ් අඩවියක් කළ විමසීමක දී දයාසිරි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ කොරියානු මිත්‍රත්ව සංගමය

ත්‍රිවිධ හමුදාව ආගමන විගමන නීතියට උඩින් !

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් නොදී විදේශගත වීම සඳහා බලයක් ත්‍රිවිධ හමුදා නියෝජනය කරන බලධාරීන්ට ඇති බව ආගමන විගමන පාලක ජෙනරාල් නිහාල් රණසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ නාවික හමුදාවේ නෞකාවන් හරහා විදේශගත වන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ආගමන විගමන පාලක ජෙනරාල්වරයාට

අගමැතිගේ කමිටු වාර්තාව ඔක්තෝබර් නම් ඡන්දය ජනවාරියේ

පළාත්  සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගලකමිටුවක් පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කර තිබේ.

මෙම කමිටුව ඉදිරියේදී නම් කිරීමට නියමිත අතර මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ

ඊයේ පරාජය වූ සීමා නිර්ණ වාර්තාව හැදූ මහාචාර්යවරයා හදිසියේ අභාවප්‍රාප්ත වෙයි

පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව ඊයේ (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයකින් පරාජයට පත්වුණා.

මෙම වාර්තාව සකස් කළේ පංච පුද්ගල කමිටුවක් විසින්.

මේ අතර එම කමිටුවේ සිටි මහාචාර්යවරයෙක් වන හිස්බුල්ලා  අද (25) හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.

ඔහු යාපනයේ පැවති වැඩසටහනකට සහභාගී වීමට

ත්‍රිරෝදයට වයස් සීමාවක් දානවාමයි

ත්‍රිරෝද  රථ රියැදුරන් සඳහා වයස අවුරුදු 35හි සීමාව ඇතුළත් ගැසට් නිවේදනය ජනාධිපතිවරයා ඉවත දමනු ලැබුවද, ඒ පිළිබඳව යළිත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට  වයස අවුරුදු 30 සීමාවට හෝ යටත්ව ඉදිරිපත් කිරීමට බලා‍පොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ  පැවැසීය.
ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා වයස අවුරුදු 35 සීමාව ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින්

ලක්ෂ 32ක රන් බඩු සොරකම ගැන පොලිස් අධිකාරීගෙන් ප්‍රශ්න කරයි

අනුරාධපුර ස්වර්ණාභරණ සාප්පුවක රුපියල් ලක්ෂ 32කට ආසන්න රන්බඩු සහ මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරී එච් සමුද්‍රජීව මහතාගෙන් ඊයේ (24) පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීමක් අනුව සමුද්‍රජීව මහතා ඊයේ  (24) උදේ 10ට පමණ එහි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටි අතර ඊයේ පස්වරු 3.00 පමණ වන තෙක් ඒ මහතාගෙන් ප්‍රශ්න කර

‘කුඩු සුරේන්’ ඝාතනය කළ ‘ලක්ෂ්මන්’ කොට්ටාවේදී STF දැලට කොටු වූ හැටි

2010 වසරේ නුගේගොඩ ගුවන් පාලම අසළ දී කුඩු සුරේන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හර්බි ලක්ෂ්මන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, කොට්ටාව ප්‍රදේශයේදියි. සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 200ක් සහ රුපියල් 45,000ක මුදලක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සොයාගෙන ඇති බව සඳහන්.

පසුව ඔහු වැඩිදුර විමර්ශන සඳහා කොට්ටාව

ඥානසාර හිමිට ජනාධිපති සමාව ගන්න සාකච්ඡා !

වසර හයක සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබා දීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟත් කැබිනට් මණ්ඩලය සමඟත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බොදු බල සේනා සංවිධානයට දැනුම් දී තිබේ.


බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී තවත් හස්තිරාජයෙකු සමුගනී

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත්  පලුගස්තුරෙයි ප්‍රදේශයේ දිය පොකුණක් තුළ හස්තිරාජයෙකු මරණයට පත්ව සිටි අයුරු එහි ගිය අප කැමරා කාචයේ (23) වන දින මෙලෙස සටහන් විය.

පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ ගමන් කරමින් එළුවන්කුලම පිවිසුම් දොරටුව ඔස්සේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ වී කිලෝ මීටර් 20ට ආසන්න දුරක් මන්නාරම දෙසට ගමන් කරද්දි හමුවන පලුගස්තුරෙයි ප්‍රදේශයේ පිහිටි ස්භාවික

නිකිණි පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබේ.

බෞද්ධයින් වශයෙන් විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝදිනය වැදගත් වී තිබේ.

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරති.

අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ