උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ... ප්‍රතිඵල බලන්නේ මෙහෙමයි

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වුණි. 

මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 269,613 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 229,057ක් පාසල් අයදුම්කරුවන් ය.

පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 40,556ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 173,444ක් සුදුසුකම් ලබා ඇති අතර අපේක්ෂකයින් 190කගේ ප්‍රතිඵල අත්හිට වූ බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පාසල් විභාග ප්‍රතිඵල ලේඛන විදුල්පතිවරුන් වෙත නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිසීමෙන් ජූනි 5 වනදා සිට 2024.06.19 වන දින දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

කැලණි ගඟේ කි.මී.3ක් ගසාගෙන ගිය කතක් බේරාගනී – ‘ඉතිපිසෝ ගාථාව’ කියමින් ඉඳලා!

ඉතිපිසෝ ගාථාව කියමින් තමා බේරාගන්නා ලෙස කෑ ගසමින් කැලණි ගං දියේ පාවෙමින් ගිය කාන්තාවක් කඩුවෙල ප්‍රදේශවාසීන් විසින් දැක තිබේ.

පෙරේදා (29) රාත්‍රී නවයට පමණ කඩුවෙල තොටුපොළ ආසන්නයේ සිටි පිරිසකට ඉතිපිසෝ ගාථාව කියන කාන්තාවකගේ හඬක් ඇසී තිබේ. ඒ සමඟම දිය මතුපිට පාවෙමින් තමාව බේරාගන්නා ලෙස ඉල්ලමින් කාන්තාවක් ගඟ පහළට ගසාගෙන ගොස් ඇත.

කඩුවෙල පාලම මතට දිවගිය ප්‍රදේශවාසීන් මෙම කාන්තාව දිය මතුපිට ගසාගෙන යන අයුරු දැක තිබේ. කඩුවෙල පොලිසියේ කණ්ඩායමක් මෙම කාන්තාව බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කළ අතර, වැලිවිට බෝගහවත්ත පාර ප්‍රදේශයේ පිහිටි පාලම මතින් කඹයක එල්ලී ගඟට බැසි සමන් අසිත පිගේරා නමැත්තා කඩුවෙල පොලිසියේ නිලධාරින් සමඟ එක්ව මෙම කාන්තාව නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව ඇත.

වයස අවුරුදු 14 හා 21 අතර පසුවන පුතුන් දෙදෙනෙකුගේ මවක් වන එම කාන්තාවගේ 14 හැවිරිදි පුතු උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවකු වන අතර ඒ හේතුවෙන් එම මව මානසිකව පීඩා විඳ සිය ජීවිතය අහිමි කර ගැනීමේ චේතනාවෙන් නි‍වෙසින් පිටවී පැමිණ නවගමුව ප්‍රදේශයේ පාලමකින් කැලණි ගඟට පැන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

පසුව ඇය මුල්ලේරියාව රෝහල වෙත යොමුකළ අතර, ඇය වැලිවේරිය, කිරිකිත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි විවාහක කාන්තාවකි. ඇය දැනට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ගනිමින් පසුවේ. ඇය කැලණි ගඟේ වතුර මත පාවෙමින් මෙසේ කිලෝමීටර් තුනක් පමණ පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

දෙදරු මව මව බේරා ගැනීමට දිවි පරදුවට තබා කඹයක් ආධාරයෙන් කැලණි ගඟට බැස්ස සමන් අසිත මෙසේ පැවසීය.

“මම වැඩ ඇරිලා ගෙදර ඉන්නකොට තමයි මේ ආරංචිය ආවේ. අජිත් අයියා කියලා අයිය කෙනෙක් ඉන්නවා. එයාට කොහෙන් හරි ආරංචි ඇවිල්ලා ගඟේ ගෑනු කෙනෙක් ගහගෙන යනවා කියලා.

ඊට පස්සේ මමයි තාත්තයි අයියයි තුන්දෙනාම ගඟ ගාවට ගියා. යනකොට කඩුවෙල පොලිසියේ මහත්තුරුත් ඇවිල්ලා හිටියා. එම මහත්වරුන්ගේ ආධාර ඇතිව මම කඹයක් අරන් ගඟට බැහැලා සැඩ පහරට පහළට ගහගෙන පැමිණෙමින් තිබූ ගෑනු කෙනාව ගත්තා. පස්සේ පොලිස් ජීප් රථයෙන්ම රෝහලට අරන් ගියා. කොහොමහරි ඒ ගෑනු කෙනාගේ ජීවිතේ බේරගත්තා. ජීවිතයක් බේරාගැනීමට ලැබීම ගැන මට ගොඩක් සතුටුයි”

මේ පිළිබඳ අදහස් දැක්වූ 46 හැවිරිදි එම කාන්තාවගේ සැමියා මෙසේ පවසා ඇත.

“අපි දෙන්නට වයස අවුරුදු 14 ක හා 21ක පුතුන් දෙදෙනෙක් ඉන්නවා ලොකු පුතා රස්සාවක් කරනවා. පොඩි පුතා අසනීප තත්ත්වයකින් තමයි නිවසේ ඉන්නේ.

මම පෙරේදා (29) උදේ ඉඩම් කච්චේරියට ගියා අවශ්‍යතාවකට. ගෙදර හිටියේ මගේ නෝනයි දෙවැනි පුතයි විතරයි එනකොට දවල් 1.30ට පමණ ඇති. ගෙදරට ආ හැටියෙම පුතා කිව්වා අම්මා ගියා අම්මා ගියා කියලා. මම හැම තැනම හොයලා බැලුවා එයා පේන්න හිටියේ නෑ.

එයා මානසික රෝගයකට බෙහෙත් ගන්නවා. එයාට යන්තරයක් දාලා ඒකත් ගෙදර ගලවලා දාලා ගිහිල්ලා තිබුණේ. පස්සේ මම මේ බව ලොකු පුතාටත් දුරකතනයෙන් දැනුම් දුන්නා එයත් ගෙදර ආවා. නෝනව හැම තැනම හෙව්වා. පන්සල්වල ගිහිල්ල බැලුවා කනත්තවලට ගිහිල්ල බැලුවා. මේ යාළුවෝ කිහිපදෙනෙකුත් අපිට උදව් කළා. රාත්‍රි හතට විතර අපි උඩුපිල පැත්තේ ඉඳලා කඩුවෙල පාලම පැත්තට ආවා එන විට මිනිස්සු වගයක් කෑගහනවා කවුද ගඟේ ගහගෙන එනවා කියලා. මගේ යාළුවා බයිසිකලින් බැහැලා ගිහිල්ලා ගඟ දිහා බලලා මා ගාවට ඇවිල්ලා කිව්වා අපි යමු කඩුවෙල පොලිසියට කියලා.

මම හිතුවා මගේ නෝනා තමයි ගඟේ ගිහිල්ලා තියෙන්නේ කියලා. මොනවා වුණාද කියලා හිතාගන්න බැරි වුණා. දරුවෝ දෙන්නම මතක් වුණා. එයාලට දැන් අම්මා කෙනෙක් නෑ නේද කියලා.

පැය භාගයක් විතර යනකොට මට කඩුවෙල පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා කතා කරලා කිව්වා. ඔයාගේ නෝනා ජීවත් වෙලා ඉන්නවා බයවෙන්න එපා. අපි බේරගත්තා කියලා මුල්ලේරියාව ඉස්පිරිතාලෙට යන්න කියලා. මට හිතුණා හීනයක් ද කියලා. මම ආයි පාරක් ඕ.අයි.සී. මහත්තයට කෝල් කරා ඇත්තද සර් කිව්වේ කියලා. ඔව් ඔයා යන්න ඉස්පිරිතාලෙට ඔයාගේ නෝනා හොඳින් ඉන්නවා කියලා කිව්වා.

කඩුවෙල ඕ.අයි.සී. මහත්තයයි බෝගහවත්ත ප්‍රදේශයේ සමන් අසිත කියන මහත්තයකුයි පොලිසියේ මහත්වරුයි ගම්වාසීන් කීප දෙනෙකුයි එකතුවෙලා ගඟේ ගහගෙන ගිය මගේ නෝනව බේරගෙන කියලා. සියලුම දෙනාට මේ වෙසක් සතියේ පින් සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

(දිනමිණ)

ගම්පහ විභාග රාජ­කාරි කළ රුවනි ටීචර් මහ­නු­වර රෝහණ සර් එක්ව OL පේපර් ලීක් කළ හැටි

සාමාන්‍ය පෙළ විභා­ගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවැනි කොටස් ජංගම දුර­ක­ත­න­ය­කින් ඡායා­රූප ගත කර ටියු­ෂන් ගුරු­ව­ර­ය­කුට යැවීමේ චෝද­නාව මත අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි ගුරු­ව­රිය සහ විශ්‍රා­මික ගුරු­ව­රයා රුපි­යල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී­මට ගම්පහ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සීලනී පෙරේරා මහ­ත්මිය ඊයේ (30) නියම කළාය.

මහේ­ස්ත්‍රා­ත්ව­රිය විසින් ඔවුන් දෙදෙ­නාට විදේශ ගමන් තහ­න­මක් ද පැන­වනු ලැබු­වාය.

මෙසේ ඇප නියම වූයේ පසු­ගි­යදා පැවැති අධ්‍යා­පන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ නිරී­ක්ෂ­ක­ව­රි­යක ලෙස ගම්පහ රත්නා­වලී බාලිකා විදු­හලේ රාජ­කාරි කට­යුතු කළ රුවනි නදීෂා නමැති ගුරු­ව­රි­යක සහ රෝහණ චන්ද්‍ර­සිරි නමැති විශ්‍රා­මික ටියු­ෂන් පන්ති ගුරු­ව­ර­යෙකි.

මෙහිදී වැඩි­දුර වාර්තා­ව­කින් අධි­ක­ර­ණයේ හමුවේ කරුණු දක්වා සිටි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ විම­ර්ශන අංශයේ උප පොලිස් පරී­ක්ෂක තුෂාර මහතා පැවැ­සුවේ දෙවැනි විත්ති­කා­රිය ගම්පහ රත්නා­වලී බාලිකා විදු­හලේ මෙවර අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ හය වැනි නිරී­ක්ෂ­ක­ව­රි­යක ලෙස රාජ­කාරි කර­මින් සිටි­යදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ පළමු සහ දෙවන කොටත් ජංගම දුර­ක­ත­න­යෙන් ඡායා­රූ­ප­ගත කොට වට්ස්ඇප් ජාලය මඟින් යවා ඇති බවයි.

අංක 45250 සහ 45263 අතර වූ ප්‍රශ්න පත්‍රය සැක­කා­රිය වෙත නිකුත් කොට තිබූ බව විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර විභාග කොම­සා­රිස් සුභ්‍ය­ම­නි­යම් විශ්ව­නා­දන් මහ­තාගේ වාර්තා­වට අනුව සනාථ වන බව ද කියා සිටි­යේය.

පළමු වැනි විත්ති­කාර විශ්‍රා­මික පාසල් ගුරු­ව­රයා මහ­නු­වර ප්‍රදේ­ශයේ ටියු­ෂන් ගුරු­ව­ර­යකු ලෙස කට­යුතු කරන බවත්, ඔහුගේ වට්ස්ඇප් ජාල­යට එම ප්‍රදේ­ශයේ ටියු­ෂන් ගුරු­ව­රුන් 1064 දෙනකු සම්බ­න්ධව සිටින බවත් උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා වැඩි­දු­ර­ටත් කීවේය. එම විභා­ගය පෙර­වරු 8.50ට ආරම්භ වීමට නිය­මි­තව තිබූ බවත් සැක­කා­රිය පෙ.ව. 8.20 ප්‍රශ්න පත්තර කොටස් දෙක ඡායා­රූ­ප­ගත කොට පෙ.ව. 9.01ට මුදා හැර ඇති බවත් ඒ මහතා පැවැ­සු­වේය.

මෙහිදී වැඩි­දු­ර­ටත් කරුණු දැක්වූ ඒ මහතා හස­ලක ප්‍රදේ­ශයේ ටියු­ෂන් ගුරු­ව­ර­යකු පිළි­බ­ඳව විම­ර්ශන ආරම්භ කර ඇති බවත් එම විම­ර්ශන කට­යුතු අව­සන් වන­තුරු සැක­ක­රු­වන් රිමාන්ඩ් භාර­යට පත් කරන බවත්ය. මෙහිදී පළමු වැනි විත්ති­කරු වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ දසුන් නාග­ස්හේන මහතා කරුණු දක්වා සිටි­මින් මෙසේ කීවේය. "පළමු වන විත්ති­කරු විශ්‍රා­මික පාසල් ගුරු­ව­ර­යෙක්. ඔහු මහ­නු­වර ප්‍රදේ­ශයේ පෞද්ග­ලික උප­කා­රක පන්ති පව­ත්ව­නවා.


ඔහුගේ වට්ස්ඇප් ජාලයේ සිටින අනෙ­කුත් ටියු­ෂන් ගුරු­ව­රුන්ගේ පහ­සුව සඳ­හායි ඔහු එම දුර­ක­තන ජාලය පව­ත්වා­ගෙන යන්නේ. මේ සිද්ධි­යේදී කිසිදු පාර්ශ්ව­ය­කට අග­ති­යක් සිදුවී නෑ. මහ­ජන කැල­ඹී­මක් ද ඇතිවී නෑ. ඕනෑම ඇප කොන්දේ­සි­යක් මත අස­නීප තත්ත්ව­යෙන් පසු­වන ඔහුව මුදා හරින ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­නවා."

දෙවන සැක­කා­රිය වෙනු­වෙන් කරුණු දැක්වූ නීතිඥ උපේන්ද්‍ර දිසා­නා­යක මහතා මෙලෙස පැවැ­සු­වේය.
"ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර ඡායා­රූ­ප­ගත කර මුදා හැරි බව ප්‍රකාශ කළත් ඒ වන­විට විභා­ගය ආර­ම්භවී සිසුන් ප්‍රශ්න පත්ත­ර­ව­ලට පිළි­තුරු ලිය­මින් සිට තිබෙ­නවා. යහ­පත් ජීවි­ත­යක් ගත කරන තම සේවා­දා­ය­ක­යාගේ එම දුර­ක­තන ජාලය පෞද්ග­ලික ඉංග්‍රීසි ගුරු­ව­රුන්ගේ පහ­සු­කම් සල­සන ජාල­යක්. ඕනෑම කොන්දේ­සි­යක් මත සැක­ක­රු­වන් මුදා හරි­න්නැයි ඉල්ලා සිටි­නවා."

එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සීලනී පෙරේරා මහ­ත්මිය විසින් ඔවුන් ඇප­මත මුදා හරිනු ලැබු­වාය.

නිල් නිළි හුටපට නඩුවකට ට්‍රම්ප් වරදකරු වෙයි!

කාම සිනමාවේ නිළියක සමඟ අනියම් සබඳතාවක් පවත්වා, එය යට ගැසීම පිණිස ස්ටෝමි ඩැනියෙල්ස් නමැති ඇයට මුදල් ලබා දීම ඇතුළු චෝදනා 34ක් සම්බන්ධයෙන් ඇමරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබෙනවා. නිව්යෝක අධිකරණය හමුවේ මෙම නඩුව විභාග වූ අතර ඒ අනුව අපරාධ චෝදනාවලට වරදකරු වූ එකම හිටපු ඇමරිකන් ජනපති බවට ට්‍රම්ප් පත් වෙනවා.

මෙම නඩුවේ තීන්දුව ජූලි මාසයේ දී ප්‍රකාශයට පත් වෙනු ඇති අතර මෙම වසරේ නොවැම්බරයේ ඇමරිකානු ජනපතිවරණය පැවැත්වෙනවා. එහිදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් නැවත ජනපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව තිබු අතර එයට මෙම සිදුවීම විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

හර්දික්ගේ විවාහය බිඳී යන්නට හේතුව පවුලේ මිතුරෙක්ද? හැමෝම කතා වෙන සිද්ධියේ ඇත්ත නැත්ත මෙන්න

හර්දික් – නටාසා විවාහය සිදුවෙන්නේ 2020 වසරේ මැයි මාසයේදී.

Covid-19 වසංගත සමය තුළ සිදුවූ ඔවුන්ගේ විවාහය එකල සමාජ මාධ්‍යයේ වැඩි කතාබහට ලක්ව තිබුණා.

කොහොම වුණත් අද වෙනකොට ඒ විවාහය ගැන ඇහෙන්නේ ඒ තරම් හොඳ කතාවක් නම් නෙවෙයි.

ඇය මෙවර IPL 2024 තරග නැරඹීමට නොපැමිණීමත් සමඟ මේ ගැන ගොඩක් දෙනෙක් කතා කළා.

ඒ අනෙක් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු වගේ ඇය තම සැමියාට සහයෝගය දැක්වීම සඳහා නොපැමිණීම කාටත් ප්‍රශ්නයක් වුණ නිසා කිව්වොත් හරි.

කොහොම වුණත්, මෑතකාලීනව එකිනෙකා ගැන කිසිවක් සමාජ මාධ්‍ය වේදිකාවන්හි පළ කරගෙන තිබුණෙත් නැහැ.

මාර්තු 4 වනදාට යෙදී තිබුණු නටාසාගේ උපන්දිනය වෙනුවෙන්, හර්දික් කිසිම පළ කරලා තිබුනෙත් නැහැ.

මේ කාරණා ඔක්කෝම නිසා බහුතරයකගේ නිගමනය තමයි හර්දික් – නටාසා වෙන් වෙලා කියන කතාවත් නුදුරේදීම ඔවුන් දික්කසාද වනු ඇති බවයි.

නමුත් ඔවුන් දෙදෙනාම මීට ඉහත එකිනෙකා වෙනුවෙන් පළකළ සමාජ මාධ්‍ය සටහන් හෝ ඡායාරූප කිසිවක් ඉවත් කර නැහැ.. පුතු අගස්ත්‍යා එක්ක දෙන්නා ඉන්න ඡායාරූප පවා එහෙමම තියෙනවා.

මේ විදියට පැතිරෙන තවත් කතාවක් තමයි හර්දික් සිය බිරිඳගෙන් දික්කසාද වුවහොත් ඔහුගේ වත්කම්වලින් 70% ක් ඔහුට අහිමි විය හැකි බවයි.

ඒවා කොහොම වුණත් නටාසා හෝ හර්දික් මේ වන තුරුම දෙදෙනාගේ වෙන්වීමක් ගැන තහවුරු කරලා නැහැ.

කොහොම වුණත් නටාසාගේ සහ ඇගේ අලුත් පෙම්වතා යැයි සිතන තරුණයෙක් ගැනත් මේ දවස්වල ඡායාරූප කතා මවනවා.

ඇත්තටම නතාසාගේ අලුත් ආලවන්තයා හර්දික්ගේත් මිතුරෙක්ද?

‘වෙසක් පෝය දවසේ කර්මය ඉස්සරහාට ආව ලස්සන’ තාඹුගල හා ප්‍රාණ සම සේ උන් අජිත් මුතුකුමාරණ, තාඹුගල රිමාන්ඩ් වුණාම කිව්ව දේ!

‘(දොස්තර) විරංජිත් තාඹුගල’ අත්අඩංගුවට පත් වීම පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ අතිශය කතාබහට ලක් වූ ‘සිදුවීමක්’ වුණා.

‘විරංජිත් තාඹුගල’ විසින් ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් 21ක්, අතිවිශාල මුදලකට ‘මිලයට ගැනීම’ (ලක්ෂ 50කටත් වැඩි) පසුගිය සමයේ සංගීත ක්ෂේත්‍රයේ මතභේදයට ලක්වුණා ඔබටත් අමතක නැතුව ඇති.

එවන් තත්ත්වයක් තුළ සංගීත කණ්ඩායම් බොහෝමයක්, ‘ගෙවීම් කටයුතු’ නිසි ආකාරයෙන් සිදු නොවන බැව් කියමින් ‘අවුරා ලංකා’ ගිවිසුමෙන් ඉවත්වීමට ද කටයුතු කර තිබුණා. (මේ ගැන සමාජ මාධ්‍ය තුළත් ලොකු කතාබහක් ඇතිවුණා)

‘අවුරා ලංකා’ හා ගිවිසුම් ගත වූ ‘සකුරා රේන්ජ්’ සංගීත කණ්ඩායමේ නායක ‘අජිත් මුතුකුමාරණ’ අවස්ථා කිහිපයකදී ම ‘අවුරා ලංකා’ වෙනුවෙන් ‘දරදිය අදින්නට’ කටයුතු කර තිබුණා.

‘අවුරා ලංකා’ වෙත එදිරි ප්‍රකාශවලට පවා ඔහු සිය ‘මුහුණු පොත’ හරහා දරුණු ප්‍රතිචාර දක්වා ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.

‘දෙපාර්ශවයේ ම කැමැත්ත මත මේ ගිවිසුම ගැහුවේ… මම කියන් නෑ ගැහුව ෂෝ ඔක්කොම සක්සස් කියලා. මේක තාම අපි අත්හදා බැලීම් කරමින් යන ගමනක්… කෑම එක බලාගෙනම මේ වැඩේ කළා නෙවෙයි. මේ වැඩේට අකුල් හෙළනව නම් මොකද්ද පදනම? මම මගේ බෑන්ඩ් එකේ කවුරුවත් අනාථ කරන්නෙ නෑ…..’ (අජිත් මුතුකුමාරණ, ‘ගීත්’ යූටියුබ් චැනලය සමඟ අදහස් දක්වමින්)

කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන් ‘අජිත්’ සහ ‘තාඹුගල’ විරසක වූ අතර, මේ බැව්, අජිත් සිය මුහුණු පොතේ ද සටහන් කොට තිබුණා. (ඒ මීට මාස කිහිපයකට පෙර දී) එමෙන්ම අජිත්ගේ ‘සකුරා රේන්ජ්’ සංගීත කණ්ඩායම ද මේ හා සමඟ නතර කෙරුණා.

‘සකුරා රේන්ජ් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නවතා ඇත!!’
‘ඉන්නකන් හොඳ අහන, ගියාම බැනුම් අහන, බෑන්ඩ් ගැහිල්ල!’
‘හොඳම මිතුරන් ද ලොකුම සතුරෝ වෙති!!’

කෙසේ වෙතත්, ‘තාඹුගල අත්අඩංගුවට පත් වීම’ සිදු වූ වහාම අජිත් සිය සමාජ මාධ්‍යයේ නවතම සටහනක් යොදා තිබුණා.

‘පරිස්සමින් වචන හසුරුවන්න, කරන කියන සියල්ලම පේනවා දන්නවා.
උත්තර දුන්නේ නැහැ තවම.
විබාගෙට ඉඳගත්තා විතරයි.
උකුස්සෝ එක්ක පියබන්න ඕනිනම් පාත්තයන්ගේ ඇසුර අනවශ්‍යයි.
වෙසක් පෝය දවසේ කර්මය ඉස්සරහට ආව ලස්සන’

දෙදෙනාම විවාහකයි... දවසෙන් අඳුනගෙන, හෝටල් කාමරයක අනියම් පෙම් සුව විඳින්න ගිය යුවළකට අත් වූ නොසිතූ ඉරණම!

එක්දින හදුනාගැනීමකින් පසු හෝටලයක කාලය ගතකරමින් සිටි අනියම් යුවළකගෙන් කප්පම් ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විමර්ෂණ වලට අනුව සහ පැමිණිලිකරු ලබාදුන් තොරතුරු වලට අනුව සිද්ධිය මෙසේයි.

මෙම පුරුෂයා සහ කාන්තාව වරකාපොලදී අහම්බෙන් මුණ ගැසී තිබෙනවා.

සුලූ කාලයක් ආගිය තොරතුරු කතාකරමින් සිටියදී හොදින් දන්නා හදුනන දෙදෙනෙකු සේ කුලූපගව වැඩිදුර තොරතුරු කතා කිරීම සඳහා දෙදෙනාගේම යෝජනා ස්ථීරත්වයෙන් එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට ගොස් තිබෙනවා.

දෙදෙනා මෙසේ හෝටලයේ පෙමින් වෙලීසිටියදී එකවර හෝටලයට කඩාවැදුනු පුද්ගලයින් දෙදෙනෙකු මෙම පුරෂයාට මරණ තර්ජන එල්ලකර මෙම සිද්ධිය තම බිරිඳට, දරුවන්ට සහ සමාජයට කියන බව දන්වා ඇති අතර එසේ නොකිරීමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් අවශ්‍ය බව පවසා ඇති බව සදහන්.

ඒ අනුව අනියම් පෙම්වතා විසින් මෙය ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වේ යැයි බියෙන් රුපියල් ලක්ෂ දෙක කප්පම්කරුවන් හට ලබාදී තිබෙනවා.

වහා හෝටලයෙන් එලියට පැමිණි අනියම් පෙම්වතා මෙම සිද්ධිය පිළිබඳව සමීපතමයෙකුට පැවසීමෙන් අනතුරුව මෙය කුමන්ත්‍රණයක් බවට තහවුරු කරගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අත මුදල් ඇතිබව දැනගැනීමෙන් පසු කාන්තාව විසින් මෙසේ රගපා සැලසුම් සහගත ලෙස එම පුද්ගලයින් හෝටල්වෙත කැදවාගන ගොස් මෙසේ කප්පම් ගෙන ඇති බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

සැමියාගේ හිතට ඒක නිතරම වගේ වද දුන්නා..! සිය රූමත් බිරිඳගේ අනියම් ඇසුරක් අල්ලගන්න ගිය සැමියෙකුට අත්වුණු කිසිවෙකු නොසිතූ ඉරණම!

බිරියගේ හොර අල්ලන්න හොරට කැපූ වළේ සැමියාම වැටුණ පුවතක් කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වෙනවා.

ඔහු සිය බිරිය නිතරම සැක කළේය. මෙය ඊයේ අදක පටන් ගත්තක් නොවීය. කසාද බැදපුදා ඉඳන්ම සිදුවූවකි. ඒ තමාට වඩා බිරිය රූමත් යයි ඔහු සිතීම නිසාත්, ඇය බොහෝ සමාජශීලී කෙනකුවීම නිසා හා තමා කළ කුරුඳු තැලීමේ රැකියාව ඉතා පහත් එකක් යයි ඔහු සිතූ නිසාත්ය.

කුරුඳු තැලීමට ඔහු දිස්ත්‍රික්කයෙන් දින ගණනාවක් පිටට යන්නේ බිරිය ගැන ඇති සැකයෙනි. මෙය ඔහුගේ හිතට නිතරම වද දෙන්නක් විය. මේ නිසාම නිවසින් පිටව ඉන්නා දිනවලදී රාත්‍රියේදී ඔහුට හරි නින්දක් පවා නොලැබීය.

ඔහුගේ නිවෙස පිටුපස තිබුණේ කැලෑවකි. බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන එන අයෙකු මේ හරහා ඒවී යයි ඔහු සැක කළේය. ඒ නිසාම බිරිය නිවසේ නොමැති අවස්ථාවකදී ඔහු සිය නිවසට වැටී ඇති කැලෑබද මාර්ගය මැද බොරු වළක් කැපුවේය.

කාලය ගෙවී ගියේය. සිය නිවසට රාත්‍රියේ කවුරුත් එන්නේ නැතැයි සිතමින් සිය බිරිය පිළිබඳව රාත්‍රී කාලයේ තිබූ සැකය ඔහු දුරුකර ගෙන තිබුණේය. නිවසේ සිටි දිනක රාත්‍රියේදී ඔහුට හදිසි බඩේ අමාරුවක් සෑදෙන්නේ නිවසේ තිබූ එකම වැසිකිළියේ භාර්‍යාව සිටියදීය.

අවශ්‍යතාව බලවත්වීය. වැසිකිළි යාමේ අවශ්‍යතාවද මීට සමගාමීව වැඩිවිය. කරන්න අන් කිසිම දෙයක් නොවූ තැන නිවස පිටුපස බැද්දට දිව යාමට ඔහු තීරණය කළේය. ඒ තීරණය ක්‍රියාත්මක කෙරුණේ ‘‘බුදු අම්මෝ මම ඉවරෝ’’යි කියමින් ඔහු කැපූ වළේම ඔහු වැටෙමිනි.

සතුන් පමණක් භාවිතා කරන තමන්ගේ නිවසේ අය භාවිතා නොකරන මේ මාර්ගයේ වන සතකු එළා ගැනීමට මෙසේ බොරු වළක් කැපූ බව ඒ අවස්ථාවේදී පැවසුවත් පසුව හීන් අඩියක් දාගෙන සිය බිරිය ගැන තිබූ සැකය දැන් ඉවරයි කියා ඔහු සිය හිතවතකුට මේ සිද්ධිය පැවසීමත් සමගම ඇත්තටම ඔහු බොරු වළ කපා ඇති සිද්ධිය කරළියට ආවේය.

"මෙයා මට පණටත් වඩා ආදරෙයි... ඒත් දෙයියනේ මම මොකද කරන්නේ... බැඳලා අවුරුදු දෙකක්, මම තාම කෙල්ලෙක්..." අගනුවරින් ඇහෙන හිතාගන්නවත් බැරි වෙනස්ම විදිහේ කතාවක්!

ඔයාත් විවාහක කෙනෙක් වෙන්න පුළුවන්, සමහර විට ඔයා තවමත් යෞවන වියේ පසුවන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් , මේ කතාව නම්, කියවලාම බලන්න ඕනේ.. මේක ඇත්තම කතාවක්..

සමහර විට මේ වගේ ජීවිත ගත කරන අය තව ඕන තරම් අපි අතර ඇති.. ඒත් ඒ දේවල් පිටින් අපිට පෙන්නේ නැතුව ඇති... මේ අන්න ඒ කතාව , කියවලාම බලන්නකෝ...
 
මිනිස්සු අපිට මුලදී පෙන්වන ප්‍රතිරූපය මොන තරම් මායාවක්ද කියලා මම කසාද බැදලා පළවෙනි දවසෙම තේරුම් ගත්තා.. නමුත් එතකොට මම ගොඩාක්ම පරක්කුයි, එතකොට හැමදේම සිද්ද වෙලා..
 
''මම බැදපු කෙනා මට හමු වෙන්නෙ විවාහ යෝජනාවකින්, ඒක ගෙනාවේ මගේ හොදම යෙහෙළිය, එයාගේ නෑදෑ වෙන පිරිමි ළමයෙක්, මගේ යෙහෙළියට ඕන උනා අපේ යාලුකම හැමදාම එක විදියට තියා ගන්න ඉතින් ඒ නිසාම මමත් කැමැති උනා, මගේ යෙහෙළියත් ඉතාම හොද වැදගත් පවුලක කෙනෙක්, ඉතින් මමත් හිතුවා මේ පුද්ගලයාගේ පසුබිමත් ඒ වගේම ඇති කියලා
 
"අපි ටික කාලයක් ආශ්‍රය කරා, මගේ මෝඩකමද මගේ අනුවණ කමද කියලා මම දන්නේ නැහැ , අපි ආශ්‍රය කරපු කාලේ එයාගේ මට දකින්න කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඇත්තටම කිව්වොත් මාව හමු වෙන්න එන වෙලාව මේකයි කිව්වොත් එයා හරියටම ඒ වෙලාවට ඇවිල්ලා ඉන්නවා මාව හමු වෙන්න.එතකොට මාව පරිස්සම් කරේ දරුවෙක් වගේ, අපි කොහේ ගියත් එයා මම ගැන තියන දක්වන අවධානය එක දශමයක් මගෙන් ගිලිහෙන්න ඉඩ දුන්නේ නැහැ.මම වෙනුවෙන් පැය ගණන් රස්තියාදු වෙලා ඇති,මම වෙනුවෙන් දේවල් ඕන තරම් දරාගෙන ඇති.නමුත් මට විවාහ වෙලා මංගල රැය එළඹෙනකම් මම දැනගෙන හිටියේ නැහැ මේ මනුස්සයට ඒ පහුගිය කාලය තුළම මම ගැන ඇති වෙමින් තිබුණේ ඉතාම අමානුෂික මානසිකත්වයක් කියලා..." 

ඔව් මාව ගැස්සිලා පුදුමයෙන් පුදුමයට පත් කරමින් මේ මනුස්සය ඒ හැමදෙයක්ම මට අකුරක් නෑරම එක දිඟටම කියවන්න ගත්තා, මගේ ඔලුව විකාර වෙලා මම ගල් ගැහිලා බලන් හිටියා..එයා මුලින්ම කිව්වේ මට කසාදය කරන්න මුලදී ලොකු ඕනකමක් තිබුණේ නැහැ , නමුත් උඹේ අම්මා ඒ දවස්වල හැසිරුණු විදිය නිසයි මම මේ කසාදය කරනවාමයි කියලා හිතා ගත්තෙ..එදා රෑ කිසිම හිතක් පපුවක් නැති නරුමයෙක් වගේ මට මේ කතාව කියලා දැම්මා..ඔව් ඇත්ත අපේ අම්මා මුලින්ම මේ කසාදයට අකමැති උනේ කේන්දර ප්‍රශ්නයක් නිසා, නමුත් මගේ බලවත් පෙරැත්ත කිරීම හමුවේ අම්මලා මේකට කැමැති උනා, ඇත්තටම කිව්වොත් ඒක ඕනම අම්මා කෙනෙක්ගෙ විදිය මම ඒකේ වරදක් දකින්නේ නැහැ.

කොහොම නමුත් මෙයාට ඒක දැනිලා තේරිලා තියෙන්නේ එයාව ඉතාම නරක විදියට ප්‍රතික්ෂේප කරා වගේ හැඟීමකින්.අන්න ඒක තමයි එයාට මම ගැන අම්මා ගැන මහා ලොකු වෛරයක් ඇති වෙන්න හේතුව..නමුත් එයා කසාදයට කලින් ඒ ගැන කිසිම දෙයක් ඇගෙව්වෙ වත් නැහැ.ඉතින් කොහොමද මිනිස්සු විශ්වාස කරන්නේ ..හරි එහෙම කියලා මේ මනුස්සය කරේ එදා මංගල රාත්‍රීයේ හොදට කාලා බීලා ඇදේ මුල්ලකට ගිහිල්ල නිදා ගත්ත එක.මම ඇදන් හිටපු ඇදුම් පිටින් එළිවෙනකම් අඩපු එක තමයි කරේ,

මට බය හිතුණා ඒ කතා කරපු සහ කියපු දේවල් එක්ක මේ මනුස්සයට මුකුත්ම කියන්න .. ඒ තරම් මාව බයෙන් ත්‍රස්ත වෙලා හිටියේ..උදේම නැගිටලා මුකුත්ම නොවුණ ගාණට එයා එයාගේ යාලුවෝ කීප දෙනෙක්ට call කරලා හිනා වෙවී කතා කරා බැල්කනියට වෙලා,මම වොෂ් කරගෙන බාත් රූම් එකේ ඉදලා එළියට එනකොට හෝට⁣ලයේ සේවකයෙක්අපිට ඕන කෑම මොනවද අහන්න දොරට තට්ටු කරා, මෙයා මට කිව්ව ගිහිල්ල දොර ඇරලා බලන්න කවුද කියලා.

එහෙම කියලා එයා මගේ පිටිපස්සට වෙලා බලන් ඉන්නවා මම දැක්කා, ඒ පිරිමි ළමයා හොදින් හිනා වෙලා Good morning මැඩම් කියලා මමත් එක්ක බොහොම ආචාරශීලිව කතා කරලා උදේ කෑමට මොනවද ඕන කියලා මගෙන් ඇහුවා. මම පිටිපස්ස හැරිලා මෙයා දිහා බැලුවා, එතකොට මෙයා එක පාරටම ඉස්සරහට ඇවිල්ලා අර පිරිමි ළමයට කිව්වේ අපිට මුකුත් ඕන නැහැ ඔයා යන්න කියලා හරිම සැර පරුෂ විදියට, ඒ පිරිමි ළමයත් හොදටම බය වෙලා එතනින් ගියා,මෙයා මහා හයියෙන් දොර වහලා මගේ බෙල්ලෙන් අල්ලලා මාව ඇද උඩට තල්ලා කරලා දැම්මා, ආයේ මාව ඇදලා අරන් මගේ කණට එකක් ගහලා කිව්වා..

පට්ට බැල්ලි මොකක්ද තොට ඌත් එක්ක හුරතල් වෙන්න ඔය තරම් තියන තදියම, තෝ එළිවෙනකම් බැල්ලියක් වගේ අඩා අඩා ඉදලා අරූ දැක්ක විතරයි හොදට පෝම් උනා, තෝ දැන ගනින් ආයේ තෝ මොකෙක් හරි දිහා බලලා මට අහු උනොත් මම තොගේ ඇස් දෙක උගුල්ලනවා...දෙවියන්ගේ නාමෙට මම කියන්නේ මම ජීවිතයේ කිසිම දවසක ඒ තරම් අසරණ වෙලා බයාදු වෙලා බය වෙලා නැහැ ..ඒක කොයි තරම්ද කියනවා නම් මට අඩන්නවත් බැරි උනා..හරි ඊට පස්සේ අපි හිටපු ⁣හෝටලයේ එදාම රෑ එයා එයාගේ යාලුවෝ එක්ක පොඩි පාටියක් දැම්මා ,, ඒකට එයාගේ හොදම යහලුවන් හතර පස් දෙනෙක් ඇවිල්ලා හිටියා අපි බිව්වා කෑවා, ඩාන්ස් කරා, මම ඒ දේවල් කරද්දී දහස් වර කල්පනා කරා මෙතනින් පස්සේ මට මොනවා වෙයිද කියලා, මට ඒ දේවල් නොකරත් බැහැ කරන්නත් බයයි.

ඔය අතරේ මම හොදින්ම දැක්කා එයා මම දිහා හොදින්ම බලනවා මාව හොදට නිරීක්ෂණය කරනවා කියලා , අපි බොනකොට කට්ටියම එකට එයා ඉද ගත්තෙ මාව හොදින්ම බලන්න පුලුවන් විදියට , එයා කා එක්ක කතා කරත් මම දිහා හොද අවධානයකින් ඉන්නෙ කියලා මට තේරුම් ගියා,, ඒ හැම යහළුවගෙම වයිෆ්ලත් මේ සාදයට ඇවිල්ලා හිටියා,
හැමෝම අපිට විෂ් කරලා අපිට ආශිවාද කරලා බොහොම සතුටින් අපිට විහිළු කරලා විසිරිලා ගියා,

අපි දෙන්නත් අපේ කාමරයට ඇවිල්ලා වොෂ් කකරගෙන ඇදට ආවා, එයාත් කලින් දවසේ රෑ වගේම ඇදේ මුල්ලකට ගිහිල්ල හොදට නිදා ගත්තා ,, මටත් නින්ද ගියා,හරි පහුවදා මම උදෙන්ම නැගිටලා එයාට අදින්න හොද කමිසයක් කලිසමක් තොරලා ඒ දෙක අයන් කරන්න පටන් ගත්තා, මම දැක්කා මෙයා ඇහැරිලා බාත් රූම් එකට ගියා, ඉතින් ඒ වෙලාවේ මම ප්‍රාර්ථනා කරා දෙවියන්ගේ නාමෙට අදවත් අපිට සතුටින් ඉන්න ලැබෙන්න කියලා.

මෙයා බාත් රූම් එකෙන් එළියට ඇවිල්ලා මගේ පිටු පසින් අත් දෙක දාලා මාව එයා ළගට ඇදලා ගත්තම මම හරිම සතුටු උනා, මෙයා මේ හදන්නේ මාව තුරුළු කර ගන්න නේද කියලා, එයා මගේ අතින් අයන් එක එයාගේ අතට ගත්තා අරන් මගේ වම් අත ටේබල් එක උඩ තියලා තද කරලා අර රත් වෙච්චි අයන් එක මගේ අත උඩින් එක පාරටම තියලා තද කරා, මගේ අත පිච්චෙන්නම, ඇත්තටම කිව්වොත් මට ඒ වෙලාවේ දැණුන වේදනාවට මුත්‍රා පිට උනා,,උඹ මේ අතින් ⁣නේද සුරාජ්ගේ අත තද කරලා අල්ලගෙන හිටියේ පාහර බැල්ලි, මම හොදට බලන් හිටියා තෝ උගේ අත ගොඩාක්ම වෙලා මිරිකගෙන හිටියා, තෝත් හරිම ආසාවෙන් ඒ අත අල්ල⁣ගෙන හිටියා නේද , තෝ දන්නවදඔය සුරාජ් කියන එක මට පේන්න බැරි එකෙක් ඕකට ගැහැණු ගොඩාක්ම ඉන්නවා , අපේ Office එකේ ඉන්න මනුස්සයෙක්ගෙ.ගෑණිත් ඕක තියාගෙන හිටියා,එහෙම එකාගේ නේද තෝ අත අල්ලගෙන හිටියේ.

ආයේ මේ එක අතකින් හරි පිරිමි කාගේ හරි අතක් අල්ලනවා මම දැක්කොත් උබේ අත් දෙක මම පුච්චන්නෙ රත් කරලා යකඩයකින්.සුරාජ් කියන්නේ මෙයාගේ office එකේ මෙයාට වඩා ඉහළ නිලයක් දරණ කෙනෙක්.මට පුදුම මේ මනුස්සය යහලුවන් එක්ක හැසිරෙන විදිය සහ ඒ මිනිස්සු නැති තැන හැසිරෙන විදිය,ඔය සුරාජ් කියන මනුස්සය ඒ පාටි එකේදී බදාගෙන දෙන්න එකට ඒ අයගේ මිතුරුකමේ ඉතිහාසය ගැන ගොඩාක්ම වෙලා කතා කරා, අන්න ඒ සුහදත්වය සහ මිතුරු කම ගැන කියමින් තමයි සුරාජ් මගේ අත අල්ලගෙන මට විෂ් කරේ, එයා ඒක නරක විදියට කරේ නැහැ ඉතාම ආචාරශීලි විදියට සිදු කරා..මෙයත් ඒ දිහා හොදට හිනා වෙලා බලන් හිටියා.හරි, ඔය විදියට අපි දවස් හතරක් අපේ හනිමූන් එක ගත කරා,පුරුදු විදියට එයා කෝල් වල යහලුවන් එක්ක රෑට කට්ටිය එක්ක බොනවා, ඇවිල්ලා එයා වෙනදා වගේ ඇද අයිනට ගිහිල්ලා නිදා ගන්නවා...

සමහර වෙලාවට එඒ යහලුවන් පවා කියනවා අපි මචං ඉක්මනින් කාලා බීලා යන්නම් වැඩි වෙලා අපි ඉන්න ⁣හොද නැහැ ඔය දෙන්නට හොදින් සතු⁣ටු වෙන්න තියන දවස් නේ මේ ඒක නිසා කියලා,මෙයා ඒ කියන කතා වලටත් ⁣හොදින් හිනා වෙනවා...ඔය විදියට ඔය දවස් කිහිපය ගෙවිලා ගියා, අඩුම තරමේ මේ මනුස්සය මගේ අතකින් ඇල්ලුවේ නැහැ , මගේ ඇගේ ගෑවෙන්න වත් හිටියේ නැහැ ..මට හිතා ගන්න බැහැ,මොකද මට කලින් විවාහ වෙච්චි මගේ යාලුවෝ එයාගේ මංගල රාත්‍රීන්වල සුන්දර තැන අත් විදපු දේවල් ගැන බොහොම විවෘතව කතා බහ කරලා තියනවා ..ඒ වගේම මගේ වෙඩින් එක දවසේ මගේ යෙහෙළියන් මාව වටකරගෙන ඔයාට අරම වෙයි මෙහෙම වෙයි කියලා ⁣ගොඩාක්ම දේවල් කිව්ව උපදෙස් ලබා දුන්නා , ඒ කිසිම ⁣දෙයක් නම් ඒ දවස් කිහිපය තුළ සිද්ද උනේ නම් නැහැ.

අපි කසාද බැදලා වෙනම ගෙදරක ජීවත් වෙන්නෙ,, අදට අවුරුදු දෙකක , නමුත් මම තාම ගැහැණු ළමයෙක්, අපේ මංගල රැය තුළදී සිදු වෙච්චි ⁣දේවල් විතරමයි මමයි මගේ හස්බනුයි අතරේ තාම සිද්ද වෙන්නෙ ..මට හිතා ගන්න බැහැ මේ කිසිම ⁣දෙයක් මට මුකුත් අහන්න බැහැ මට මුකුත් කියන්න බැහැ, මට අඩුම තරමේ ඒ මොකද කියලා වත් අහන්න බැහැ, මම තරම් මේ මනුස්සයට බයයි, මේ මනුස්සය අර දවස් දෙක තුන තුළ මාව ඒ තරම් බය බිරාන්තර කරලා දැම්මා, දැන් ඒක මට ෆෝබියාවක් වෙලා ඉවරයි..අපි අතර කිසිම කතාවක් බහක් නැතිව දවස දෙක තුන ගෙවෙනවා,අපේ අම්මලා මගෙන් අහනවා මෙයාගේ අම්මලා කියනවා දැන් දරුවෙක් හදන්න කාලය හරි නේද කියලා..

ඒ තියා මම තාම කෙල්ලෙක් කියන එකවත් මේ මිනිස්සු දන්නේ නැහැ ..ඒ වගේමයි මේ මනුස්සයා මම ඉන්න තැනක අඩුම තරමේ ඇදුමක් වත් මාරු කරන්නේ නැහැ.මුල් දවස්වලම මාව මෙල්ල උනා කියලා හොදට ⁣තේරුම් ගත්ත නිසාත් මම බය මෙයාට බයයි කියලා තේරුම් ගත්ත නිසාත් දැන් මට ලොකු පීඩාවන් වෙන දේවල් කරන්නේ නැහැ , නමුත් මට දැඩි මානසික පීඩනයක් තියනවා මේ වෙච්චි ⁣දේවල් වලට මගේ ජීවිතයට උන දේට,මම හීනයකින් වත් නොසිතපු දෙයක් තමයි මට සිද්ද උනේ.හැබැයි අපි දකින අපි ඉන්න විදිය දකින කිසිම ⁣කෙනෙක් හිතන්නේ නැහැ මම ඉන්නෙ ලොකු ප්‍රශ්නයක කියලා,

මෙයා හරියටම වෙලාවට මාව ගන්න කාර් එකේ මගේ office එක ළඟට එනවා, උදේට මාව බස්සලා යනවා,මට ඕන හැමදේම කරනවා, මට ඕන හැමදේම ගෙනල්ලා දෙනවා,, මාව එයාගේ office පාටි වලට එක්ක යනවා ට්‍රිප් යනවා, මගේ ඒවාටත් එනවා, මගේ යාලුවෝ එක්ක office එකේ අය එක්ක හරිම එකතුයි..නමුත් අපි දෙන්නා තනි උනාම ඉන්නෙ⁣දෙන්නට දෙන්නා අදුරන්නෙ නැති ගාණට, අත්‍යාවශ්‍යම දේවල් කතා වෙනවා විතරයි.ඇත්තටම මම හරිම අහිංසක විදියට මෙයාට ගැටලුවක් ඇති නොකර ඉන්න නිසයි මෙයා තරහා ගන්නෙ නැතුව ඉන්නෙ කියලා මම දන්නවා..ඇත්තටම ⁣මෙයා ගොඩාක්ම සතුටින් ඉන්නෙ කියලා මට තේරෙනවා දැණෙනවා, එයා life එක enjoy කරනවා,
මට හිතා ගන්න බැහැ මෙයාට මම ගැන තියන හැඟීම මොකක්ද කියලා,,

පසු සටහන,
මේ ව⁣ගේ ජීවිත ගත කරන මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඇති, විවිධ මානසික ව්‍යාකූලත්වයන් ශාරීරික ආබාධ හේතුවෙන් ඒවා වහගන්න ඒවා හෙළිවීම වළක්වන්න තවත් කෙනෙක්ගෙ ජීවිතය ප්‍රාණ ඇපයට ගන්න මිනිස්සු ..
ඉතින් විවාහය කියන්නේ තවදුටත් රටට ලෝකෙට පේන්න තමන් සෑම අතින් පරිපූර්ණ බව අඟවන්න භාවිතා කළ යුත්තක් නොවේ,
එය සිදු විය යුත්තේ තමන්ටත් අනෙකාටත් එයින් හොදක් වනවා යන්න හැගෙනවා නම් පමණි.
( උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්.. )

අපි දෙන්නා හමුවුනේ ඉන්ටර්නෙට් ඩේටින් සයිට් එකකින් – සසන්ති පෙම් කතාව දිග හරී!

මීට කළකට පෙර රංගනයෙන් ඈත් වුණු කෙනෙක් තමයි සසන්ති ජයසේකර.

පුංචි තිරයේ වගේම රිදී තිරයේදීත් රසික ආදරය දිනාගත්තු කෙනෙක් සසන්ති ජයසේකර.

ඇගේ පුද්ගලික ජීවිතේ යම් යම් ගැටලුකාරී තැන් හමුවේ ඇය විදෙස්ගත වුණා.

අනතුරුව සසන්ති සුදු ජාතිකයෙක් හා යුග දිවියට පිවිසෙනවා.

සුදු ජාතික ආදරණීය සැමියා ස්ටීව් රික්ෂන් සමග ඇය රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වී තිබුනේ ප්‍රථම වරටයි.

“මම ඉස්සලම ආවේ ටීවී කොමර්ෂල්ස් වලින් ඊට පස්සේ තමයි චන්ද්‍රරත්න මාපිටිගමගේ ටෙලි නාට්‍ය වලට තෝරගත්තේ. මම රෝහණ වීරසිංහ ලක්ෂ්මන් විජේසේකර සර් ලාගේ ‘කලා භූමි’ ආයතනයේ තමයි හිටියේ. අපි ඒ අයගේ පළවෙනිම ශි්‍ෂ්‍ය ශිෂ්‍යාවෝ පොඩිම තැනින් පටන් අරගෙන අන්තිම වෙනකම් හිටපු කට්ටිය.. ඉතින් මියුසික් ඉගෙන ගත්ත රෝහණ සර්වයි දැනට ජීවතුන් අතර නැති මගේ ආදරණීය ලක්ෂ්මන් විජේසේකර සර්වයි මං ආදරෙන් මතක් කරනවා.ඒගොල්ලො තමයි මට කිව්වෙ රඟපාන්න තිබෙන අවස්ථා ගැන. ඩී බී. නිහාල්සිංහ මහත්මයාගේ එකාලේ ස්ක්රීන් ටෙස්ට් වලට යන්න කියලත් උදව් කරා. ටෙලි සිනේ ආයතනය ඒ කාලේ තිබ්බ ආයතනයක් මං ඒකට ගියා.ගෙදරින් මගේ කැමැත්තට ඉඩ දුන්නා. ඒක නිසා කොහොම හරි ගියා. ඊට පස්සේ රඟපාන්න ගියා.මේ කාලෙ වගේ නෙමෙයි ලොකේෂන් වල තත්වය අලුත් එක්කෙනෙක් එක්ක රඟපාන්න කිව්වම කවුද කවුද කියලා අහනවා. ලේසි නෑ තැනකට යන්න.එහෙම තමයි මම ක්ෂේත්‍රයට ආවේ.
 මට කුසලතා සම්මානයක් හම්බුනා ‘එක් මෘගාංගනාවියක්’ කතාවට. සුමති ටෙලි සම්මාන වලදී. ඊට පස්සේ හොඳම නිළිය සම්මානය හම්බුනා. ‘හදවිල සක්මන’ නාට්‍යයට ප්‍රසන්න ජයකොඩි තමයි ඒක කළේ 2003 විතර. කොමර්ෂල් චිත්‍රපට ගණනාවකත් මං රඟපෑවා.මං ආස වුනේ නම් ෆිල්ම්ස්වලට. ඒකේ හරි ගැම්මක් තියෙනව.නමුත් ෆිල්ම් සුළුවෙන් කරේ. මට කරන්න හරි ගැඹුරු චරිතයක් හම්බ උනේ නෑ එකයි හම්බවුනේ ‘ජුලියා’ එකේ.

මේ ආදරණීය සැමියා ගැන කතාව මෙහෙමයි. එයාට තේරෙන් නෑනේ සිංහල .ඒ  වුනාට මාත් එක්ක ඉද්දි ෆිල්ම් බලන්නත් එනවා හින්දි ෆිල්ම් බලනකොට හෝල් එකේ . ෂාරුක් ඛාන්ගේ එකක් තිබ්බොත් යනවා. ගිහින් ඉතිං කියනවා ‘මයි ගෝඩ් මේ බලන්න මං විතරයි සුද්දෙක් ඉන්නෙ’ කියලා.සබ්ටයිටල් දාලා තියන ඒවා බලනවා.අපි දෙන්නා හමුවෙලා වසර 13 ක් වෙනවා.ඔහුත් මාත් හමුවුනේ අන්තර්ජාලයෙන් ඉන්ටර්නෙට් ‘ඩේටින් සයිට්’ එකකින්. ඔහුට මට වඩා වයස 5 ක් වැඩියි. මගෙන් මුලින් ඇහුවාම. දැනට බැහැ කියල කිව්වා.ඇත්තමයි ඒ කාලෙ වෙන කෙනෙක් හිටියා ඒ ගැන හිතුවා. පස්සෙ පස්සෙ මෙයා ලියපු වාක්‍ය කියවලා මට හිත ඇදුණා. අපි මුණගැහෙන්න තීරණය කලේ ඊට පස්සෙ.අපි දෙන්නා ආදරේ කරා මාස 6 ක් විතර. අපි අඳුනගන්න කථා කරා ගොඩක් කල් යාළුවො වගේ. මෙහෙමයි දැක්කහම ආදරේ වෙනයි ඉන්න ගිහාම වෙනයි. ඒ නිසා දැන් කාලෙ කෙරෙන ඒව වගේ නෙමෙයි අපි අතර සම්බන්ධය ගොඩ නැගුනේ.

 අපි එකට ආදරේ කරනවා නම් අපිට සහකරුවෙක් හෝ සහකාරියකගෙ බලාපොරොත්තු වෙන දේවල් අප තේරුම් ගැනීම සහ ඒවාට මානසික වදයක් නැතිවීම වැදගත්.මගේ පවුල හිටපු අවාසනාවන්තම වෙලාවෙදී මෙයා මං ළඟ හිටපු විදිය හරි වටිනවා. ඒ වෙලාවෙ වෙන මනුස්සයෙක් නම් ලංකාවේ කෙනෙක් නම් ඇත්තටම දාල ගිහින් සුද්දෙක් වුණත්. නමුත් මෙයාගෙ ඉවසිලිවන්තභාවය විශිෂ්ටයි.කොච්චර මම ඇඬුවද.. සද්ද නැතිවම මෙයා අත අල්ලගෙන මගේ. මෙයා මගෙත් ඇස් දිහා බලං ඉන්නවා විතරයි කතාවත් කරන් නැතිව සැනසීමක් දුන්නා. මොකද එයාට  දුක් වෙන වෙලාවට එයා ළඟ ඉන්නවා හැඟීම දෙන එක විතරයි වටින්නෙ.මං තාත්තා මල්ලිලා දෙන්නා ගාවට හොඳම ගතිගුණ දැක්ක මහත්මයා මෙයා.”

හදිසි අනතුරු වාට්ටුවට මහ රෑ මෝටර් සයිකලෙන් ඇවිල්ලා – මුද්‍රණ යන්ත්‍රයකින් සේවකයෙක්ගේ ඔලුව පළලා!

යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට මහ රාත්‍රියේ යතුරුපැදියකින් කඩාවැදුණු තරුණයන් දෙදෙනකු රෝහල් සේවකයෙකුට පරිගණක මුද්‍රණ යන්ත්‍රයකින් හිසට පහරදීම නිසා ඔහු බරපතළ ලෙස තුවාල ලබා පෙරේදා (28 දා) රාත්‍රී රෝහල්ගත කොට තිබේ.

යතුරුපැදියෙන් රෝහලේ හදිසි අනතුරු වාට්ටුව තුළටම පැමිණි තරුණයන් දෙදෙනා අධික ලෙස බීමත්ව සිට ඇති අතර යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා ප්‍රකාශ කොට ඇත්තේ තමන් සමග සිටින අනෙක් තැනැත්තා කඩු ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා සිටින බැවින් ඔහුට ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු බවයි.

ඒ ගැන රෝහල් සේවකයකු ප්‍රශ්න කිරීමත් සමගම රෝහලේ පරිගණකයට සවිකොට තිබූ මුද්‍රණ යන්ත්‍රය ගලවා ඉන් එම රෝහල් සේවකයාගේ හිසට පහර දී තිබේ.

මේ කලබලය නිසා සෙසු සේවකයන් පැමිණ ඔවුන් දෙදෙනාව අල්ලා ගැනීමට ගිය අවස්ථාවේදී ඔවුන් පැමිණි යතුරු පැදියෙන්ම පලාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව රෝහලේ හා නගරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධති පරික්ෂාවට ලක්කිරීමෙන් පසුව යතුරුපැදියත් සමග එම තරුණයන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ සංගමය උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වෙත ලිපියක් යවමින් රෝහල් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව වහාම සහතික කරන ලෙස ඉල්ලීමක් කොට තිබේ.

යාපනය ශික්ෂණ රෝහල තුළට කඩා වදින බාහිර පුද්ගලයන් රෝහල් සේවකයන්ට ප්‍රහාර එල්ල කිරීම මෑතක සිට වැඩි වී ඇති නිසා සේවක සේවිකාවන්ට දැනට පවතින ආරක්ෂාවට වඩා දැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව වෛද්‍ය සංගමය විසින් ආණ්ඩුකාර වරියට යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.

ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන දෙවන පුහුණු තරගය ගැන තමයි මේ ආරංචිය

20-20 ලෝක කුසලානයේ කුසලාන සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලී හිතවතුනි මේ කියන්න යන්නේ ඔයා බලාගෙන සිටිය පුවතක්.

ඒ තමයි ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන පුහුණු තරගය අද පැවැත් වෙනවා.

ඒ අයර්ලන්තය සමග.

පළමු පුහුණු තරගය නෙදර්ලන්තය සමග පැවැත් වුණ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණේ ලකුණු 20කින්.

ඉතින් අද පැවැත්වෙන දෙවන පුහුණු තරගය ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ට පැවැත්වෙනවා.

පළමු පුහුණු තරගයේදී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂන පන්දු යැවීමෙන් වැළකී සිටියා.

ඌ සටන පාවා දීලා??? අනුෂ්ක, වොල්ගා WEDDING හුටපටේ ඇත්ත එළියට (VIDEO)

අනුෂ්ක උදාන – වොල්ගා කල්පනී පෙම්වතුන් කියලා කතා පැතිරෙන්න ගත්තෙ අදක ඊයෙක නෙවෙයි.

හැබැයි දෙන්නා ඒ ගැන ප්‍රසිද්ධියේ වචනයක්වත් එළියට නොදා ඉන්න තරම් පරිස්සම් වුණා.

ඔන්න එහෙම හැංඟි හැංඟි කළ ප්‍රේම ජවනිකාව එලිවුණා කියලා ගොඩක් කට්ටිය මුහුණු පොතේ පෝස්ටු පළ කළා.

හැබැයි ඒක වීඩියෝවක්.

එකපාරටම හිතාගන්නත් බැරි වුණා නේද..? ඇත්තටම ඉටි රූපයක් වගේ ලස්සන එයාටත් මේක දැකලා පුදුම හිතිලා!

ශලනි තාරකා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක්..

ශලනිගේ ජනප්‍රියත්වය නිසාම ඇයට ආදරය කරන රසික රසිකාවියන් ගොඩක් ඇයව පුදුම කරන වාර අනන්තයි..

ඉතින් මේ බලන්නකෝ ශලනිට ආස හිතෙන විදිහට  එයාගේ ෆොටෝ එකක් හදලා තියන අපූරුව.. දැක්කාම ආස හිතෙන විදිහට කරපු මේ නිර්මාණයට නම් ඇත්තටම එයාටත් ආස හිතිලා..

ඉතින් ඒ වෙනස් ඡායාරූපය ඇයට ඕන කියලා ශලනි සටහනකුත් එකතු කරලා තිබුණා..

කොළඹ කුණු කානුවක කාන්තා මල සිරුරක්.. දූෂණයට ලක්ව ඇති බවට සැකයක්!

ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලැබුණු තොරතුරක් අනුව කොළඹ ප්‍රදේශයේ කුණු කානුවක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත.

පොලීසියට ලැබුනු ඇමතුමකට අනුව පෙරේදා (29) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේ කානුවක තිබියදී මෙම කාන්තා මළ සිරුර සොයාගෙන ඇත.

එහි අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැම්පත් කර ඇත.

මියගිය කාන්තාව වයස අවුරුදු 45 ත් 50 ත් අතර උස අඩි 4 අඟල් 09 ක් වූ අයෙකු වන අතර ඇය කහ මල් සහිත රතු ඇඳුමකින් සැරසී සිට ඇති අතර දූෂණයට ලක්ව ඇති බවට සැක කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

තනුජක අම්මාට කියන්න උත්සාහ කළේ මොකද්ද..? සියල්ලන්ටම සැකයක් එක්කරමින් කුවේට් හිදී අවසන් ගමන් ගිය ඔහුට ඇත්තටම මොකද වුණේ..?

හීන දහසක් අතරේ ඔහු මේ සෙව්වේ අලුය්ත් ජීවිතයක්.. ඇත්තටම ඔහු ඒ හීනයට ළඟා වුණා..

ඒත් අවසානයේ කවුරුත් හිතපු නැති විදිහට ඔහුට ඒ හීනත් එක්කම සදහටම සමුගන්න වෙලා...

ඔහු මීට වසර එකහමාරකට පමණ ඉහතදී කුවේට් රාජ්‍යයේ නිවෙසක රියැදුරකු ලෙස සේවයට එක්වුණු ඩබ්ලිව්.ජී. තනුජක සඳරුවන් බණ්ඩාර නමැති අවිවාහක තරුණයාගේ මරණය ගැන තවමත් පවතින්නේ සැකයක්..

මීට වසර එකහමාරකට පමණ ඉහතදී කුවේට් රාජ්‍යයේ නිවෙසක රියැදුරකු ලෙස සේවයට ගිය සීගිරියේ ඉලූක්වල ප්‍රදේශයේ පදිංචි විසි හත් හැවිරිදි තරුණයාගේ හදිසි මරණය පිළිබඳව තවමත් විධිමත් පරීක්ෂණයක් පවත්වා නැහැ.. ඒ මරණයට හේතුව අනාවරණය කර දෙන්නැයි තනුජක පවුලේ ඥාතීහු ඉල්ලා සිටිනවා..

මීට වසර එකහමාරකට පමණ ඉහතදී ඔහු කුවෙට් හි ජහරාවල නිවෙසක රියැදුරු සේවාව සඳහා පිටව ගිය බවත් පසුගිය විසි වැනි දින තම සහෝදරයා රිය අනතුරකට ලක්ව තුවාල ලබා තිබෙන බව තරුණයා සේවය කළ නිවෙසේ හාම්පුතා දුරකතන ඇමතුමකින් දැන්වූ බව මියගිය තරුණයාගේ සහෝදරියක වන ශෂිනි මල්සානී පැවසුවේ..

සඳරුවන්ගේ මරණය පිළිබඳව දිගින් දිගටම සොයා බැලීමේදී ඔහු ගෙල වැලලාගෙන මියගිය බවට නැවත වරක් එම නිවෙසේ තොරතුරුවලින් වාර්තා වූ බවද නිවෙසේ ගබඩා කාමරයක ඔහු සිය දිවි හානි කරගෙන සිටින කුඩා වීඩියෝවක් වට්ස්ඇප් තාක්ෂණය හරහා එවා තිබුණු බවද පවුලේ ඥාතීහු පවසනවා..

තරුණයාගේ දේහය ලංකාවට රැගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගනිමින් ඇති අතර, තරුණයාගේ මව ද කුවේට් රාජ්‍යයේ වෙනමම ප්‍රදේශයක ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටින බවත් මරණය දැනගත් පසු ඇය මෙරටට පැමිණි බවද ශෂිනි පැවසුවා..

මෙම තරුණයාගේ ගමන් මල්ලක තිබී ඔහු මීට මාස හයකට පමණ පෙර ලියන ලද ලිපියක්ද සොයාගෙන ඇති අතර, එහි සඳහන් කර ඇත්තේ ජීවිතය නැති කර ගන්නා බවට මවට ලියන ලද ලිපියකි.. එම ලිපියද වට්ස්අප් හරහා තම නිවෙසට ඒවා ඇති බව ඔහුගේ නැඟණිය පවසනවා..

සිය දිවි හානි කර ගත් බව කියන තනුජක සඳරුවන් බණ්ඩාරගේ, පුංචි අම්මා කෙනෙකු කියා සිටියේ තමන්ට අරාබි භාෂාව හොඳාකාරව කතා කිරීමට හැකි නිසා එම නිවෙසේ හාම් පුතා සමඟ කතා කළ බවත් ඔහු සඳහන් කර ඇත්තේ, තම පුත්‍රයා රිය අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබෙන බවත් ඔහුට එතරම් කරදරයක් නැති බවත්ය..

කෙසේ වෙතත් මෙම තරුණයාට සියදිවි හානි කර ගැනීමට තරම් ප්‍රශ්න ගැටලු නොතිබූ නිසාවෙන් තම සහෝදරයාට කුමක් සිදු වූයේද යන්න විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ද මෙම පවුලේ පිරිස ඉල්ලා සිටියා..

මියගිය තරුණයාගේ නැඟණියගේ සැමියා කියා සිටියේ මිය ගොස් ඇත්තේ තමන්ගේ හොඳම මිතුරා බවයි... ඔහුට කුවේට්වල විවිධ ප්‍රශ්න ගැටලු තිබුණු බවත් එම ප්‍රශ්න ගැටලු කුමක්ද යන්න තමන්ට දැනුම් නොදුන් බවද සඳහන් කළා.. නිසා මෙම මරණය පිළිබඳව බරපතළ සැකයක් පවතින්නේ යැයි හෙතෙම සඳහන් කළා..

CCTV ඔක්කොමත් ගලවාගෙන ඇතුළේ දවස් තුනක්.. පෝය නිවාඩුව බැංකුව ඇතුළේම නිදහසේ ගත කළ සොරෙක් ගැන පුදුම හිතෙන කතාවක් මෙන්න

මේ කියන්න යන්නේ දින ගණනක් තිස්සේ බැංකුවක වූ සොරකමක් ගැනයි..  

ජාඇළ ප්‍රදේශයේ සමූපකාර ග්‍රාමීය බැංකුවකට ඇතුළුවී දින තුනක් එහි රැඳී සිටිමින් සේප්පු කපා මුදල් හා රන්භාණ්ඩ සොරාගත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

වෙසක් පෝය නිමිත්තෙන් බැංකු නිවාඩුවක් පවතිද්දී බැංකුවේ බිත්තිය කඩා සැකකරු ඊට ඇතුල්වී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ..

එහිදී රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් කිලෝ 2ක් බරැති රන් භාණ්ඩ තොගයක් සහ රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් සොරාගෙන තිබූ අතර බැංකුවේ CCTV කැමරා පද්ධතියද සම්පූර්ණයෙන්ම ගලවාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ..

පසුව මෙහි ප්‍රධාන සැකකරුව කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා..

විස්සයි විස්ස ලෝක කුසලානයට ත්‍රස්ත ප්‍රහාරයක්.? ආරක්ෂාව තර කරයි

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ISIS ත්‍රස්තවාදීන් නිකුත් කළ පෝස්ටරයක් පිළිබඳව මේ වනවිට අවධානය යොමුව ඇත.

මෙම පෝස්ටරයෙන් ඇමරිකාවේ නිවුයෝක්හි නසාව් ක්‍රීඩාංගණය ලෙස නම් කර ඇති අතර ජුනි මස (09) වනදා ලෙසත් “ඔබ තරග ආරම්භ වනතුරු බලා සිටිනවාද.?, අපි ඔබ එනතුරු බලා සිටිමු” යනුවෙනුයි සටහන් කර ඇත.

එළඹෙන ජුනි මස (09) වනදා එම ක්‍රීඩාපිටියේදී ඉන්දු – පාකිස්ථාන තරගය පැවැත්වෙන අතර ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය සදහන් කරයි.

කෙසේ වෙතත් එම පෝස්ටරය නිසා මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම පිළිබදව යළි බියක් මතුව ඇත.

ශ්‍රී ලාංකික තරුණියක් අඟගරු වෙත යෑමට සූදානමින්!

අඟහරු ග්‍රහයා මත ජීවත්වීම පිළිබඳ පර්යේෂණ සඳහා නාසා ආයතනය විසින් තෝරාගත් සිව් පුද්ගල කණ්ඩායමක් මෙහෙයුම් ආරම්භ කර ඇති බව නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ශ්‍රී ලාංකිකාවක් වන “පියුමි විජේසේකර” ඇතුළත් බව පැවසේ/

නාසා හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිර්මාණය කරන ලද අඟහරු පරිසරයේ අනුරුවක් වන Human Exploration Research Analog (HERA) තුළ දින 45ක් ගත කළ පළමු කණ්ඩායම මෙම කණ්ඩායමයි.

ඔවුන් මැයි 10 සිට ජූනි 24 දක්වා මෙම ආදේශක මොඩලය තුල පර්යේෂණ සිදු කරනු ඇත.

විශේෂයෙන්ම, එහිදී සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා යැවීමට පෙර ගගනගාමීන් හුදකලාව, කුඩා අවකාශයන්හි දිගු කාලයක් සහ දුරස්ථ තත්වයන්ට අනුගත වන ආකාරය අධ්‍යයනය කරයි.

මේ වසරේ මෙම පර්යේෂණයට සහභාගී වූ දෙවන කණ්ඩායම මෙම පිරිස වන අතර මෙම වසර අගදී තවත් කණ්ඩායම් දෙකක් පර්යේෂණ සඳහා සහභාගී වීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලාංකීය සම්බවයක් සහිත පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරයි.

පියුමි, සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ද, පෙන් පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්ව විද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධියක් ද ලබා සිටිනා විද්‍යාඥවරියකි.

පියුමි විජේසේකර දැනට පදිංචිව සිටින්නේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේය.

අම්බානි පුත්‍රයාගේ කසාදේ දෙවැනි අදියර ඇරැඹේ – අමුත්තන් 800කට යුරෝපා සංචාරයක් – ප්‍රසංගය ෂකීරාගෙන්!

ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ද් අම්බානිගේ සහ රාධික් මර්චන්ට්ගේ විවාහයේ මුල් අදියර පසුගිය මාර්තු මාසයේ පැවැත්වීමෙන් පසු දෙවැනි පූර්ව විවාහ උත්සවය ඊයේ  (29) සිට ආරම්භ වීමට නියමිතය.

දින හතරක් පුරා පැවැත්වෙන මෙම උත්සවය සඳහා සහභාගීවන අමුත්තන්ට අම්බානිගේ වියදමින් යුරෝපා සංචාරයක් සූදානම් කර ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ සුඛෝපභෝගී නෞකාවකින් අමුත්තන් රැගෙන යමින් රටවල් කිහිපයක උත්සවයේ ඉසව් පැවැත්වීමයි.

ඉන්දීය මාධ්‍ය මෙම අපූරු විවාහ උත්සවයේ කාලසටහන අනාවරණය කර තිබේ.

ඉතාලිය සහ ප්‍රංශය අතර මුහුදේ යාත්‍රාවක ගමන් කරන අතරතුර උත්සවය සමරනු ලැබේ.

උත්සවයේ පළමු දිනයේ පිළිගැනීමේ දිවා ආහාරය සහ තරු රාත්‍රී උත්සවයක් ඇත. දෙවැනි දිනයේදී, සෑම කෙනෙකුම රෝම නගරයේ සංචාරය කරන අතර රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ ටෝගා සාදයක් නෞකාවේ පැවැත්වේ. තුන්වැනි දිනයේදී සියල්ලෝම ප්‍රංශයේ කෑන්ස් වෙත ළඟා වන අතර මෙහිද නෞකාවේ සාදයක් පැවැත්වේ. හතරවැනිදා එනම් අවසන් දිනයේ නැවත ඉතාලියේ Portofino හි සංචාරයක් සිදුකෙරෙයි.

මෙම දෙවන පූර්ව විවාහ උත්සවය පැවැත්වෙන නෞකාවේ නම ‘Celebrity Ascent’ වන අතර එය මෝල්ටාවේ නිපදවා ඇත.මෙම නෞකාව තරු පහේ පහසුකම් සහිත පාවෙන නිවාඩු නිකේතනයකි. පූර්ව විවාහ උත්සවයට අමුත්තන් 800ක් සහභාගී වනු ඇත. මගී ධාරිතාව 3279ක් සහිත නෞකාවකි.

මෙම අමුත්තන්ට ආහාර සැපයීම සඳහා ආගන්තුක සත්කාරක කාර්ය මණ්ඩලය 600 ක් ඇත. යුරෝපීය සංචාරක මෙහෙයුම් සමාගමක් වන Aloschi Brothers එහි විධිවිධාන හසුරුවනු ඇත.

උත්සවය වෙනුවෙන් එය මැයි 29 වැනිදා ඉතාලියේ පැලර්මෝ වරායෙන් පිටත්ව කිලෝමීටර් 4380ක් ගෙවා දකුණු ප්‍රංශයට ළඟා වේ.

වාර්තාවකට අනුව, සුපිරි පොප් ගායිකාවක් වන ෂකීරා මෙම දෙවන පූර්ව විවාහ උත්සවයේ ප්‍රසංග රඟදක්වනු ඇත. මෙම පෞද්ගලික උත්සවයේ රඟදැක්වීමට ඇය ඉන්දීය රුපියල් කෝටි 10ත් 15ත් අතර මුදලක් අයකරනු ඇතැයි අසන්නට ලැබේ. මීට පෙර අන්තර්ජාතික පොප් ගායිකා රිහානා ජම්නගර් හි පැවැති පළමු පූර්ව විවාහ උත්සවයට ඉදිරිපත් කිරීම් කර ඇත.

දෙවැනි පූර්ව විවාහ අවස්ථාවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ සිට බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසක් ඉතාලිය බලා පිටත්ව ගොස් තිබේ. ෂාරුක් ඛාන්, සල්මන් ඛාන්, රන්වීර් සිං, රන්බීර් කපූර් සහ ආලියා භාත් වැනි නළුනිළියන්ගේ නම් මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ද් අම්බානි සහ රාධිකා මර්චන්ට් මාර්තු පළමු උත්සවයත් මැයි දෙවන උත්සවයත් පවත්වා අවසන් වූ පසු ජූලි මාසයේදී විවාහ වීමට නියමිතය.

මෙම උත්සව සැමරුම ඔවුනගේ පෞද්ගලික උත්සවයකටත් වඩා අනාගත ව්‍යාපාර අවස්ථා සඳහා ප්‍රතිරූප ප්‍රවර්ධනය පිණිස සංවිධානය කෙරෙන්නක් බවට පසුගිය කාලයේ කතාබස් ඇති විය.(දිනමිණ)

ලංකාවේ හොඳ කියන්න ආපු එංගලන්තෙ කෙල්ලගේ බෑග් එක බස් එකේදී හොරකං කරලා (VIDEO)

ඇල්ල ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළෙන් බස් රථයකට නැගුණු එංගලන්ත ජාතික තරුණියකගේ ගමන් බෑගය බස් රථය තුළදී සොරාගෙන තිබේ.

යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන එම තරුණිය ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා දිවයිනට පැමිණ තිබිණි.

ස්කයි මැගෝවන් සංචාර පිළිබඳ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන ඕස්ට්‍රේලියාවේ වාසය කරන බ්‍රිතාන්‍ය ජාතික තරුණියකි.

රටවල් 37ක පමණ සංචාරය කර ඇති ඇය පසුගිය මැයි 24වැනිදා මෙරටට පැමිණ තිබුණේ දෙවන වරටය.

දුම්රියෙන් ඇල්ල බලා යෑම සඳහා ඇය කොටුව දුම්රිය ස්ථානය වෙත ගියද පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය අවලංගු වීම නිසා ඇය බසයෙන් ඇල්ල බලා යෑමේ අරමුණින් බැස්ටියන් මාවත බස් නැවතුම්පළෙන් බසයකට ගොඩ වී තිබේ.

කෙසේවුවද බසයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඇයගේ බෑගය සොරාගෙන ඇති අතර එය බසයේ CCTV කැමරාවේ සටහන්ව තිබිණි.

සිය බෑගය සොරාගෙන ඇති බව දැනගත් වහාම ඇය එම බස් නැවතුම්පළේ පොලිසියට මේ බව දැනුම් දී තිබූ අතර ඔවුන් කොටුව පොලිස් ස්ථානයටද ඒ පිළිබඳ පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

බෑගය තුළ ඇගේ ගුවන්ගමන් බලපත්‍රය, කැමරාව, ලැප්ටොප් පරිගණකය මෙන්ම ඩොලර් 2,000ක මුදලක් තිබූ බව ස්කයි මැගෝවන් පවසන්නීය.

ඇගේ බෑගය සොයා දෙන හෝ ඒ පිළිබඳ තොරතුරුක් ලබාදෙන අයෙකුට ඩොලර් 5,000ක මුදලක් ලබාදීමට සූදානම් බවත් ඇය ප්‍රකාශ කළාය.

“ශ්‍රී ලංකාවේ මිනිස්සු කොච්චර හොඳද කියලා පෙන්වමින් මට උදව් කරන්න. ඒ අයගේ නම් පදිංචි ලිපිනය වගේම මේ අය හඳුනාගන්න පුළුවන් වුණොත් ගොඩක් හොඳ දෙයක්. මේ ගැන තොරතුරක් දෙන ඕනෑම කෙනෙකුට ඩොලර් 5,000ක් ලබාදෙනවා.”

සැමියා දවස් හතරකට කළින් මැරිලා-ගෙදර ලයිට් වතුර කපලා-කැබිතිගොල්ලෑවේ පවුලක් අසරණ වෙලා!

“මගේ නිවසේ මාස හතරකට කලින් විදුලිය කැපුවා. සති දෙකකට කලින් ජලයත් කැපුවා. කුලී වැඩ කර අපිව බලාගත්ත මහත්තයා දින හතරකට කළින් අනතුරකින් මියගියා. අපි දැන් අපා දුක් විඳිනවා” යැයි දරුවන් සිවුදෙනා සමග අසරණව සිටින කැබිතිගොල්ලෑව පදවිය පාරේ පී. අනුරාධා ස්වර්ණමාලී (33) තරුණ මව හැඬු කඳුළින් පැවසුවාය.

හයවැනි ශ්‍රේණියේ පුතකු සහ හතරවන ශ්‍රේණියේ දියණියක අධ්‍යාපනය ලබන අතර, අවුරුදු 2 ක පුතකු සහ දින 40 ක කිරිකැටි පුතකු ද හදාවඩා ගැනීමේ වගකීම මෙම මවට පැවරී තිබීමෙන් ඇයගේ හිසමත දැවැන්ත බරක් පැටවී තිබේ.

වෙනත් අයකුගෙන් ඉල්ලාගත් යතුරුපැදියක් පදවාගෙන යද්දී කැබිතිගොල්ලෑව නගරයේ දී පාර හරහා ගිය ගවයකුගේ හැපී බරපතළ තුවාල ලබා මියගිය පී. කේ. චතුරංග (34) වන සිය සැමියාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ඉකුත් 27 වැනිදා සිදුකළ බව ද ඇය පැවසුවාය.

සිය ස්වාමීපුරුෂයා කුලී වැඩ කර පවුල ජීවත් කළ අතර, වැඩ කළ ස්ථානයකින් මුදල් ඉල්ලා ගැනීමට මෙම මස 12 වැනිදා සවස කැබිතිගොල්ලෑව නගරයට ගිය අවස්ථාවේ දී අනතුරට පත්ව දින 13 ක් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබාසිටිය දී මියගිය බවත්, ඔහුගේ දේහයේ අවසන් කටයුතු කැබිතිගොල්ලෑව ප්‍රදේශවාසීන් එකතුව සිදුකළ බවත් ඇය කියන්නීය.

සැමියාගේ දේහය නිවසට ගෙනඑන විටත් විදුලි සහ ජල සැපයුම් විසන්ධි කර තිබූ බව කී ඇය, අසල්වාසීන්ගේ උදවු උපකාර ඇතිව ඒවා විසඳාගත් බව ද සඳහන් කළාය.

විදුලි බිල හතළිස්හතර දහසක් පමණ, ජල බිල විසිතුන් දහසක් පමණ එකතු වී ඇති බවත් මහත්තයා කුලීවැඩ කිරීමෙන් ලැබුණු මුදලින් දරුවන් පාසල් යැවීම ඇතුළු සියලුම දේවල් කිරීම නිසා බිල් ගෙවීමට නොහැකි වූ බවත් ඇය කීවාය.

මහත්තයා කුලීවැඩ කිරීමෙන් ලැබුණු මුදලින් දරුවන් සමග ජීවත් වුණේ ගොඩක් අමාරුවෙන් බවත් ඒ හේතුවෙන් බඩගින්නේ හිටි අවස්ථා ද ඕනෑ තරම් තිබූ බවත් ඇය පැවසුවාය.

කුඩා කටුමැටි ගෙයක ජීවත්ව සිටිය දී පසුගිය කාලයේ රජයෙන් ලැබුණු ලක්ෂ හයක මුදලින් සැමියා මහන්සිවී බාගෙට නිමකර ඇති දැන් ජීවත්වන නිවස හදාගත් බව ද ඇය වැඩිදුරටත් කීවාය.

මෙම අසරණ පවුල පිළිබඳව කළ විමසුමක දී කැබිතිගොල්ලෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පණ්ඩිත ධම්මකිත්ති හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.

“මෙම පවුල අන්ත අසරණ තත්වයට වැටී සිටින නිසා කාලයක සිට එම ප්‍රදේශයේ ජනතාව ඔවුන්ට උදවු කරනවා. මියගිය චතුරංග මහත්තයා දරුවන්ට බිරිඳට හොඳින් සැළකූවා. දින ගණනක දරුවකු සිටින නිසා මවට දරුවන් හතර දෙනා ජීවත් කිරීමට කන්න බොන්නවත් දෙන්න හැකියාවක් නෑ. ඒ නිසා මෙම පවුලට කවුරුන් හෝ උදවු උපකාර කිරීම මහා ආනිශංස ලැබෙන පිනක්” බවත් ධම්මකිත්ති හිමියෝ කීහ.

එම දරු පවුල සම්බන්ධව වැඩිදුර තොරතුරු 0718358999 යන දුරකථනයට ධම්මකිත්ති හිමියන් හෝ එම මවගේ සහෝදරිය වන පී. ඩී. සුභාෂිණි 0715455287 යන දුරකථනයට ඇමතීමෙන් හෝ 0112479212 යන ලංකාදීප පුවත්පතේ දුරකථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.(ලංකාදීප)

ඔබට මතකද මේ සිදුවීම? තරුණයින් පිරිසකගේ හෙල්මට් ප්‍රහාරවලින් මිය ගිය එක් දරු පියාගේ ඔළුවත් ගලවගෙන ගිහින්!

වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනකුගේ පහර කෑමට ලක්ව  මියගිය එක් දරු පියාගේ මෘතදේහය තැන්පත් කර තිබු  සොහොන හාරා තම ස්වාමිපුරුෂයාගේ හිස ඇතුළු කොටස් රැගෙන ගොස් ඇති බව  මියගිය අයගේ බිරිඳ  වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

2023 වසරේ පෙබරවාරි මස 14 වන දින ගල්මත්ත ප්‍රදේශයේදී පාසල් සිසුන් තිදෙනෙක් සමග ඇතිවූ ආරවුලකදී හෙල්මට් ප්‍රහාරයකට ලක්ව සිදුව දොන් රංග විරාජ් ජයසිංහ නමැති 35 හැවිරිදි එක්දරු පියකු මියගිය අතර ඔහුගේ දේහය අධිකරණ නියෝගයකට අනුව වැලිපැන්න පොලිස් වසමේ ගල්මත්ත ,කුරුදිප්පිට සුසාන භුමියේ කොන්ක්‍රීට් දමන ලද වලක භූමදානය කළේය.

එචික පටන් ඔහුගේ බිරිඳ සහ ඥාතීන් ඔහු වෙනුවෙන් ගුණානුස්මරණ පිංකම් පැවැත්වෙන දින වලදී සහ වෙනත් විශේෂ දිනවලදී එම සොහොන පවිත්‍ර කර පහන් දැල්වීම සිදුකර ඇති අතර මෙවර වෙසක් පොහොය වෙනුවෙන් ඔහුගේ සොහොන පවිත්‍ර කිරීමට පවුලේ ඥාති සොහොයුරන් දෙදෙනකු පැමිණි විට එම මිනී වල හරා තිබෙන බව දැක මියගිය අයගේ බිරිඳට දැනුම් දී ඇත.

අනතුරුව මියගිය අයගේ බිරිඳ වන පී.දිල්හාරි ප්‍රසාංගිකා යන අය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 

තවමත් ඒ අඳුරු මතක හැම හිතකම දෝංකාර දෙනවා.. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නිසා වසර පහක් දුක්විඳි ඇය සදහටම නිහඬ වෙයි

ඇයත් ඒ මතක අතරට එක්වුණ තවත් තැනැත්තියක් වී අවසානයි..

කුරිරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන අදටත් බොහෝ දෙනා අතර ඉතිරිව තිබෙන්නේ අමිහිරි මතකයක්..

තිළිණා හර්ෂනී, එදින ඒ කුරිරු ප්‍රහාරයේ ඉලක්කයක් බවට පත්වුණා.. ඉතින් මේ කියන්න යන්නේ ඇය අප සියලුදෙනා හැරදා ගිය ඒ කණගාටුදායක පුවතයි..

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා වසර 5කට අධික කාලයක් ඇය ප්‍රතිකාර ලබමින් සිටියා..

මේ සිද්ධිය වෙන අවස්තාවේ මේ ලෝකයේ වටිනාම වස්තුවත් හර්ෂණීට අහිමි වුණා..

එදින කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඇයගේ පුත්‍රයා වන දුලෝද් ඇන්තනි ද මෙම ප්‍රහාරයේ එක් ගොදුරක් වුණා..

කාලයක් අසනීප තත්වයේ හිටිය හර්ෂනී ඊයේ මෙලොව හැරගිය අතර ඇගේ අවසන් කටයුතු හෙට දවසේ සිදුකිරීමට නියමිතයි.. 

කුස්සියේ පිඟන් සෝදද්දී වෙඩි වැදුන මහ­දි­වු­ල්වැවේ දෙදරු මව දින දහ­ස­ය­කට පසු මරුට!

මැදවච්චිය මහ­දි­වු­ල්වැව ප්‍රදේ­ශයේ පසු­ගිය 10 වැනිදා රාත්‍රියේ වෙඩි තැබී­මක් සිදුව තිබුණි. හේර­ත්බ­ණ්ඩාගේ උක්කු­බණ්ඩා නමැති 51ක් හැවි­රිදි පුද්ග­ල­යෙකු විසින් දෙදරු මවක් ඉලක්ක කර­ග­නි­මින් පවුල් ආර­වු­ලක් මුල් කර ගනි­මින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට සැකකරයි. එම වෙඩි පහ­රින් බර­ප­තළ තුවාල ලබා සිටි දෙදරු මව අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටිය දී පෙරේදා (26) දහ­වල් මිය ගොස් ඇති බව මැද­ව­ච්චිය පොලි­සිය පව­සයි.

මෙලෙස මිය­ගොස් ඇත්තේ මහ­දි­වු­ල්වැව, මැද­ව­ච්චිය ලිපි­නයේ පදිං­චිව සිටි පිය­දා­සගේ දිලී­ෂියා ශිරෝමි පිය­සේන නමැති 44 හැවි­රිදි දෙදරු මවකි.

වෙඩි තැබූ සැක­ක­රුද මහ­දි­වු­ල්වැව, මැද­ව­ච්චිය ලිපි­නයේ ම පදිංචි අයෙකි.
 
මෙවර සාමාන්‍ය පෙළ විභා­ග­යට මුහුණ දෙමින් සිටි තම පුතා සමඟ පසු­ගිය 10 වැනිදා රාත්‍රි 7.45ට පමණ රාත්‍රි ආහාර ගෙන අව­සන් වී පිඟාන සේදීම සඳහා කුස්සි­යට පැමිණ පිඟාන සෝද­මින් සිටි අවස්ථාවක කාන්තාවට වෙඩි තබා ඇත්තේ කුස්සිය පිටු­පස මානා වර්ගයේ පඳු­රු­ව­ලට මුවා වී සිටි සැක­කරුයි. එහිදී වෙඩි පහර වැදී­මට පෙර හිස එස වූ එම කාන්තා­වගේ කලව සහ කොන්ද ප්‍රදේ­ශ­ව­ලට වෙඩි වැදී තිබූණි.

බෝර 12 දේශී­යව නිෂ්පා­ද­නය කළ ගිනි අවි­ය­කින් මෙම වෙඩි තැබීම සිදු­කර තිබුණි. එයින් තුවාල ලබා වැටී සිටි කාන්තාව අස­ල්වා­සීන් එක්ව මැද­ව­ච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇත. එහිදී මූලික ප්‍රති­කාර ලබා දී වැඩි­දුර ප්‍රති­කාර සඳහා අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහල වෙත ඇය මාරු කර යැවී­මට මැද­ව­ච්චිය සෞඛ්‍ය බල­ධා­රින් කට­යුතු කළේය.

එහිදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම මව දැඩි සත්කාර ඒක­කයේ දින 16ක කාල­යක් ප්‍රති­කාර ලබ­මින් සිටිය දී මෙලෙස මිය­ගිය බව රෝහල් බල­ධා­රින් ප්‍රකාශ කළේය.

මෙම අප­රා­ධය සිදු­කළ සැක­කරු ඉකුත් 10 වැනිදා රාත්‍රි­යේම මැද­ව­ච්චිය පොලිස් ස්ථානා­ධි­පති ආර්.එම්. අයි.බී. රත්නා­යක මහතා ඇතුළු මැද­ව­ච්චිය පොලි­සියේ විශේෂ පොලිස් කණ්ඩා­ය­මක් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

එදින සැක­ක­රු­ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවුල් ආර­වු­ලක් මුල් කර ගනි­මින් මෙම වෙඩි තැබීම සිදු කළ බවව පවසා ඇති අතර බෝර 12 ඔහු සැපයූ තොරතුරු අනුව මෙරට නිෂ්පා­දිත නීති විරෝධි ගිනි අවිය සහ වෙඩි තබන ලද එස්.ජී. පත­රොම් හිස් කොපුව මහ­දි­වු­ල්වැව වැවට විසි කර දමා තිබිය දී එදින අලු­යම 4.00ට පමණ සොයා ගැනී­මට පොලි­සි­යට හැකිව තිබේ.

එම සැක­කරු අන­තු­රුව පසු­ගිය 11 දින මැද­ව­ච්චිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට පොලි­සිය කට­යුතු කර තිබුණි. එහිදී මැද­ව­ච්චිය මහේ­ස්ත්‍රාත් ඉමේෂා මධු­භානි ධර්ම­දාස මෙ‍ෙන­විය සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට නියෝග කර ඇත.
 කැබි­ති­ගො­ල්ලෑව - එස්.ජී. උබේ­පාල

නයිට් ක්ලබ් ප්‍රශ්නයක් දුරදිග ගොස් සීදූවේදී එක්දරු මවක් කපා කොටා මරාදාලා!

රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටළුවක් මුල් කර ගනිමින් හට ගත් ආරවුලක් දුර දිග යාමෙන් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු සේවිකාවක අද (28) දින අලුයම සීදුව ලියනගෙමුල්ල ප්‍රදේශයේ දී මරා දමා තිබේ.

36 හැවිරිදි එක් දරු මවක වන බටහිර බටුවත්ත නෙළුව, ගාල්ල යන ලිපිනයෙහි පදිංචි උස්ගොඩ මානගේ තිසාරා මධුවන්ති නැමැති කාන්තාව මෙසේ මරා දමා තිබේ.

ඇය මීට වසර 06 කට පමණ පෙර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවය සදහා පැමිණ තිබූ අතර පසුව ඇය සීදුව සංචාරක හෝටලයක සේවය කරන පුද්ගලයෙකු සමග සීදුව , ලියනගෙමුල්ල , ජූඩ් මාවත ප්‍රදේශයේ නේවාසිකාගාරයක තාවකාලිකව පදිංචි වී සිට තිබේ.

ඇය රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ සිදු වීමක් මුල් කර ගෙන මෙම පුද්ගලයා සමග ආරවුලක් ඇති කර ගෙන ඇති අතර අද (28) දින අලුයම 02.00 ත් 03.00 ත් අතර කාළයේ ඇය සහ එම පුද්ගලයා සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඉදිරිපිටින් ගමන් කරන ආරක්ෂිත කැමරා දර්ශන සීදුව පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

ඒ අනුව මෙම දේවස්ථානය ඉදිරිපිට මාර්ගය අසළ දරුණු කැපුම් තුවාල සහිතව ඇය මරා දමා තිබුණි.

මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මෙම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාව සිදු කළ අතර ඇයගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබේ.

යානය පිටත්වීමට නිමේශයක් තිබියදී සියලු සැලසුම් කණපිට හැරෙයි.. උඩුගුවනේ වෙන්න ගිය මහා විනාසයක් වලක්වමින් ගුවන් ගමනක් අවලංගු කරයි

අපි කවුරුත් මරණයට ගොඩක් බයයි..

ඒ වගේම තමයි නොසිතූ මොහොතකදී අපට ජීවිතයෙන් සමුගන්න වුණොත්, ඒ ගැන හිතාගන්නවත් අමාරුයි නේද..? 

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්.. ජීවිත දහස් ගණනක් අනතුරේ හෙළමින් සිදුවන්නට ගිය මහා විනාසයක් වලක්වාගත් පුවතක් අද වාර්තා වුණේ ඉන්දියාවෙන්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර - ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලෙන් දිල්ලි සිට වරණාසි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත එම ගුවන් ගමන අවලංගු කර තිබෙනවා..

අද උදෑසන මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එහිදී ගුවන් යානයේ සිටි සියලූම මගීන් පිටතට ගැනීමට ගුවන් තොටුපළ බලධාරීන් කටයුතු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ...

ගුවන් යානය පිටත්වීමට සූදානම් වනවාත් සමගයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ...

ගැබ් අරන් කියලා දීපිකා කරන්නෙ බොරුවක් ??: කැමරා ඉස්සරහට ආව දීපිකාට රසිකයින්ගෙන් චෝදනා රැසක්!

දීපිකා පදුකෝන් ගැබ් අරන්. ඒක දැන් රහසක් නෙවෙයි.

ඔවුන් ඒ ගැන නිල වශයෙන්ම දැනුම් දුන්නා.

එළඹෙන සැප්තැම්බරයේ අලුත් අමුත්තා එන බවත් කල්තියාම කිව්වා.

ඊට පස්සෙ දීපිකා පේන්න හිටියෙ නෑ. පේන්න හිටියත් ඇය ගැබ් අරන් කියලා පැහැදිලිව පේන්න 'ඉදිරියට නෙරූ කුස' දකින්න ලැබුණෙ නෑ.

ඔය ප්‍රශ්නෙට පහුගිය දවසක උත්තර ලැබුණා.

ඒ ඇය ආදරණීය රන්වීර්ගේ රැකවරණයත් එක්ක ඉන්දීය මැතිවරණයේදී සිය සිවිල් අයිතිය ප්‍රකාශ කරන්න එළියට බැසීමත් එක්ක.

ඊටත් පස්සෙ ඇය වෙළෙඳ ප්‍රවර්ධන කටයුත්තක් උදෙසාත් මාධ්‍ය ඉස්සරහට ඇවිත් තිබුණා.

ගැබ් ගත් බව පෙන්වන කුස නම් පේන්න තියෙනවා. නමුත් ඇගේ බාහිර ශරීරයේ වෙනත් කිසිදු වෙනස්කමක් පේන්න නෑ !

ඔය ප්‍රශ්නෙ මතු කරලා තිබුණෙ ,රසික සමූහයා විසින්.

ඔවුන් කියන හැටියට ගැබ් ගත් පසු වන ශාරීරික වෙනස්කම් ,ඒ කියන්නෙ ඇඟ මහත් වීම ,මුහුණ වෙනස් වීම දීපිකාගෙ දකින්න ලැබෙන්නෙ නෑ.

ඔවුන් කියන්නෙ ඇය කුස මනාව පෙනෙන පරිදි විලාසිතාවක් කළොත් පමණි ,ඇගේ ගැබ් ගැනීම තහවුරු කරගත හැකි වන්නේ යනුවෙන්.

ඔය අතර තවත් පිරිසක් පෙන්වා දෙනවා දීපිකා පදුකෝන් වැනි සුපිරි නිළියක් ,ගැබ් ගැනීම හේතුවක් කරගෙන සිරුර ගැන නොතකා ඉන්නෙ නැති විත්තිය.

ඒ කියන්නෙ ඇය සිය රූපය ගැන වඩාත් සැලකිලිමත් වෙමින් මේ කාලය ගෙවන බව.

කොහොම නමුත් තරු චරිතවලට එල්ල වන පොදු මඩ නම් ,දීපිකා විෂයෙහි මේ දවස්වල සැරටම ක්‍රියාත්මකයි...

නිරුවතින් විවාහ වෙන්න කැමති අයට අවස්ථාවක්!

ඉතාලිය රජය විසින් මංගල උත්සවවලදී නිරුවත් වීමේ අයිතිය නීත්‍යානුකූල කර ඇති බව වාර්තා වේ.

ඉතාලියේ සොඩීනියාවේ නිරිතදිග වෙරළ තීරයේ නම් කරන ලද ප්‍රදේශයක නිරුවත් විවාහ සඳහා මෙසේ අවසර හිමිවී ඇත.

සැතපුම් හතරක් දිග වෙරළ තීරය වසර ගණනාවක් තිස්සේ ජනප්‍රිය නිරුවත් ස්ථානයක් බව සැන් වෙරෝ මිල්ස් නගරාධිපති ලුයිගි ටෙඩෙස්චි විදෙස් මාධ්‍ය වෙත පැවසීය.

එම අවසරය තුලින් නිරුවතින් විවාහ වීමට ලොව ප්‍රිය කරනා ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ ආකර්ෂණීය ස්ථානයක් ලෙස වෙරළ තීරය යොදා ගැනීමට ඉතාලි රජය බලාපොරොත්තු වන බව නගරාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය.

“කටුකුරුන්දේ ටෂීව ” අවසන් ගමන් යැවූ සැකකරු බන්ධනාගාරයේදී මියයයි

කළුතර දී පසුගිය 19 දා රාත්‍රි කලමුල්ලේ ටෂී නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරු ඊයේ කළුතර බන්ධනාගාරය තුළදී හදිසියේ මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, තිබුවන පැලපිටියා ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර රුක්මාල් සිල්වා නමැති රැඳවියකු බව සඳහන්වේ.

මියගොස් ඇති රැඳවියා මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ පසුගිය 25 දා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිට ඇති බව පොලිසිය පවසයි .

රැඳවියා ඊයේ (27) පස්වරුවේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අසනීපව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබේ.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(සුමිත් පොතුපිටිය)

අනියම් බිරින්දෑවරු දෙදෙනා සමග එක්වූ සැමියෙක් නීත්‍යානුකූල බිරිඳට කළ අපරාධය මෙන්න

කාලයක් ආදරය කරලා විවාහපත් වෙන බිරිඳට කාලයක් යද්දී තියන ආදරය අඩු වෙන්න පුළුවන්ද..?

අනියම් පෙමක් නිසා තමන්ගේ බිරිඳට සැමියෙක් කළ  අපරාධයක් ගැනයි මේ කතාව..

ඒ කතාව වාර්තා වෙන්නේ මුලතිව් ප්‍රදේශයෙන්..

මුලතිව්, මුල්ලියාවලෙයි, බූටන්වයල් ගම්මානයේ කාන්තාවක් ළිඳකට පැන සිය දිවි හානි කරගත් බව ඇගේ සැමියා විසින් පොලිසියට ප්‍රකාශ කළද, එය මිනීමැරුමක් බවට තහවුරු වීමෙන් අනතුරුව ඇයගේ සැමියා ඇතුලු තිදෙනෙකු මුල්ලියාවලෙයි පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා...

වවුනියාව, ආච්චිපුරම් ගම්මානයේ පදිංචිව සිටි 23 හැවිරිදි එස්. සුදර්ශනී නැමති කාන්තාව මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග විවාහ වී තිබෙනවා...

කළක් ගතවීමේදී ඇගේ සැමියා එම ප්‍රදේශයේම වෙනත් කාන්තාවන් දෙදෙනෙකු සමග අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එම කාන්තාවන්ගේ බහට අවනත වී සිය බිරිඳගේ ගෙළ සිරකොට ඝාතනය කර සිරුර ළිඳට දමා ඇති බවයි වාර්තාකරු පවසන්නේ..

අනතුරුව සිය බිරිඳ ළිඳට වැටුණු බව කියමින් කෑ ගසද්දී අසල පිරිසක් පැමිණ ඇයව ගොඩගෙන මුල්ලියාවලෙයි රෝහලට රැගෙන ගොස් තිබෙනවා..

එහිදී දේහය පිළිබඳව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී කාන්තාව ළිඳට වැටීමට පෙර හුස්ම හිරවීමෙන් ජීවිතක්සයට පත්ව ඇති බවත්, ඒ අනුව, එය ඝාතනයක් බවටත් අධිකරණ වෛද්‍යවරයා විසින් තීන්දු කර තිබෙනවා..

ඒ අනුව, සැකපිට ඇයගේ ස්වාමියා මුල්ලියාවලෙයි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්නකිරීම හමුවේ සැමියා විසින් සිදුවීම පාපොච්චාරණය කර ඇති අතර, සැකපිට අනියම් ඇසුර පවත්වා ගෙන ගියා යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

“ඔයා දවසක තේරුම් ගනිවී… මට බොරු කරලා වින්ඳ සතුට බොහෝම තාවකාලිකයි කියලා…” – ලිපියක් ලියා නොඑන ගමන් ගිය සුරූපී තරුණිය

ආදරේ කියන්නේ සමහර මිනිස්සුන්ට ඕනවටත් වඩා ලැබෙන තවත් පිරිසකට නොලැබෙන දෙයක්.

ආදරේ නොලැබෙන මිනිස්සු හරි අමාරුවෙන් ඒ ආදරේ ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේක අවුරුදු කිහිපයකට කලින් සිද්ධ වුණු කතාවක්.

ඒ කතාවේ අයිතිකාරිය මේ ලෝකේ දැන් නැහැ.

මේ එයාගේ අන්තිම ලියමන.

“ආදරේ කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා, ඒ ඔයා ළඟ කියලා මම දැනන් හිටියා. ඒ නිසයි ජීවිතේම ඔයාට දුන්නේ. ඔයා සල්ලාලයෙක් කියලා ඔයාගේම යාලුවෝ නොකියා කියද්දිත් මම ඔයාව විශ්වාස කළා. ඔයාගේ පස්සෙන් වැටුණා. ඔයාට පිස්සුවෙන් ආදරේ කළා. ඒත් ඒ හැම මොහොතකම ඔයා කළේ රඟපෑමක් කියලා මං දැනන් හිටියේ නෑ. ඔයාගේ ෆෝන් එක අහම්බෙන් දකිනකන් මම මේ කිසි දෙයක් දැනන් හිටියේ නෑ…”

“ඔයා මං වගේම තවත් කෙල්ලෙක්ට බලාපොරොත්තු දීලා. තවත් එක්කෙනෙක් හිටියා. අයියේ ඔයා එයා එක්ක සෙක්ස් චැට් කරලා. ඒ සමහර මැසේජ් මට බලන්න බෑ ඒ තරම් අප්පිරියයි. එයාට ඔයා කැමති වුණේ එයා කන්‍යාවියක් නොවුණු නිසද? කමක් නෑ අයියේ. ඔයා එයාට කියලා තිබ්බා, ඔයාව සතුටු කරපු එකම කෙනා එයා කියලා. එයා එක්ක ක්ලබ් ගියපු ෆොටෝසුත් මම දැක්කා. ඔයා ඔයාගේ රහස් තැනුත් ඒ ගෑනිට වට්ස්ඇප් කරලා…”

“මම ඒවා නොඉල්ලපු එක, ඔයාගෙන් ඒවා බලාපොරොත්තු නොවී ආදරේ කරපු එකයි මගේ වරද. සමහර විට ඔයාට කැමති විදිහට මගේ ඇඟ පූජ කෙරුවනම් ඔයාට මේ ලියුම කියවන්න වෙන්නෙත් නෑ. මගේ මළගෙදර එන්න වෙන එකකුත් නෑ. ඒත් අයියේ ඔයා දවසක තේරුම් ගනිවී. ශරීරයට කරන ආදරේ, ඔය මට බොරු කරලා වින්ඳ සතුට බොහෝම තාවකාලිකයි කියලා…”

“ඉතින් ඔයා සතුටින් ඉන්න. මම මේ ලෝකෙන් යනවා. මම ඉල්ලන්නේ මෙච්චරයි. ඔයා මගේ මළගෙදර එන්න හිතන් ඉන්නවා නම් එන්න එපා. ඔයා මට දුන්නු වේදනාව කොච්චර ද කියනවා නම් මගේ මිනියත් ඒ වෙලාවට නැඟිටලා ඔයාව මරන් කයි.. ඒක ඒ තරම් දරුණු වේදනාවක්..”

"මම ඔයාට හොඳට සලකන්නම්... වෙන කස්ටමර්ලා ළඟට යන්න එපා..." "අනේ ඒකනම් මට කරන්න බැහැ... ඒක මගේ ජොබ් එක..." - සම්බාහන මධ්‍යස්ථානයේ අවසන් ගමන් ගිය තායි යුවතිය‍

ඇය මෙරට මුහුදුකරය ආශ්‍රිතව පිහිටි සමබාහන මධ්‍යස්ථානයක සේවය කළාය. රූමත් තරුණියක වු නිසාම මෙම සම්බාහන මධ්‍යස්ථානයට සේවය ලබා ගැනිම සදහා පැමිණෙන ගනුදෙනුකරුවන්ගෙන් ඇයට තිබුණේ ඉහළ ඉල්ලුමකි.

බෝහෝ ගනුදෙනුකරුවන් පැමිණියේ මේ තරුණියගේ පහස ලබා ගැනීම සඳහාය. මේ අතර ඇගේ පහස ලබා ගැනීම සඳහා පැමිණි එක්තරා තරුණයකු ඇයට වශිවි සිටියේය. ඔහු සතියකට වරක් දෙවරක් මෙම සම්බාහන මධ්‍යස්ථානයට පැමිණීමට පුරුදුව සිටියේය.

මේ අතර කාලයේදී මේ තරුණයා සහ තරුණිය අතර ප්‍රේම සම්බන්ධයක්ද ගොඩනැඟි තිබිණි. මේ තරුණයා ධනවත් ව්‍යාපාරිකයකු වු නිසා ‘අතදිගහැර‘ තායි තරුණියට මුදල් වියදම් කළේය. ඔහු තායි තරුණියගෙන් බලාපොරොත්තු වූයේ තමන්ට පමණක් ඇගේ සේවය සලසා ගැනිමයි.

තායි තරුණිය තමන්ගේ ගනුදෙනුකරුවකු බවට පත්කර ගැනීම ඔහුගේ පළමු බලාපොරොත්තුව වූයේය.
 
“මම ඔයාට හොඳට සලකන්නම්... ඔයා වෙන කස්ටමර්ලා ළඟට යන්න එපා...“තරුණයා කිහිප විටෙකදීම තායි තරුණියට එලෙස කියා තිබිණි. තරුණයා, තායි තරුණියට හදවතින්ම ආදරය කළේය. එහෙත් තායි තරුණියගේ අරමුණ වූයේ ඇය සොයා එන වෙනත් ගනුදෙනුකරුවන්ටද සේවය සලසාදි හැකිතරම් මුදල් උපයා ගැනීමයි. තායි තරුණිය මුදල්වලට දැක්වුයේ දැඩි කෑදරකමකි; ගිජු බවකි. කොටින්ම කිවහොත් ඇය මෙම ධනවත් තරුණයට බොරු ආදරයක් පෙන්වූවාය. ඇයට අවශ්‍ය වුයේ තරුණයාට බොරු ආදරයක් පෙන්වා තරුණයාගෙන් මුදල් කඩාවඩා ගැනීමයි.
 
තරුණයා තායි තරුණිය සමඟ රාත්‍රි සමාජ ශාලාවලටද ගියේය. එහිදි ඔහු ඇය සමඟ රිසිසේ විනෝද විය. තරුණයා තායි තරුණිය වෙනුවෙන් කිසිම ලෝබකමක් නොමැතිව අතදිග හැර මුදල් වියදම් කළේය. ඒ තරමට මේ තරුණයා තායි තරුණියට ආදරය කළේය.
 
මේ අතරේ වෙනත් ගනුදෙනුකරුවන්ට සිය සේවය ලබා නොදෙන ලෙස තායි තරුණියගෙන් ව්‍යාපාරික තරුණයා කෙතරම් ඉල්ලීම් කළද තායි තරුණිය ඒ කිසිවක් ගණන් ගත්තේ නැත.

“අනේ ඒකනම් මට කරන්න බැහැ... ඒක මගේ ජොබ් එක...“ඇය ව්‍යාපාරික තරුණයාට කීවාය. තායි තරුණියගේ මේ හැසිරීම ගැන තරුණයා සිටියේ එතරම් හිතහොඳකින් නොවේ.

මේ නිසා තරුණයා ටික කලක් යද්දී තායි තරුණිය සමඟ දැඩි වෛරයකින් පසු වුයේය. දිනක් ඔහු සම්බාහන මධ්‍යස්ථානයට පැමිණෙන විට තායි තරුණිය වෙනත් ගනුදෙනුකරුවකුට සිය සේවය ලබා දෙමින් සිටියාය. එය දැකීමෙන් තරුණයා කෝපාවිෂ්ට විය. ඔහුගේ ඇඟේ ලේ රත්වන්නටද ඇත. ඔහු එදින තායි තරුණියගෙන් සේවය ලබා නොගෙන සම්බාහන මධ්‍යස්ථානයෙන් පිටව ගියේය.

පසුදින ඔහු යළි එම සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ තායි තරුණියගෙන් සේවය ලබා ගනිමින් සිටියේය. ඔහු එදින සම්බාහන මධ්‍යස්ථානයට පැමිණියේ තායි තරුණිය සමඟ ‘දෙකෙන් එකක්‘ බේරාගැනිම සඳහාය. තායි තරුණිය, තරුණයා ඉතා උණුසුම් ලෙස පිළිගත්තාය. නමුත් තරුණයාගේ මුහුණේ කිසිම සිනහවක් නැත. මුහුණ රත්පැහැ ගැන්වි තිබුණේය. මේ අතර තරුණයා තායි තරුණියගේ සේවය ලබා ගනිද්දී ඇයත් සමඟ පසුවුයේ දැඩි වෛරයකිනි.

එදින මේ තරුණයා සම්භාහන මධ්‍යස්ථානයට පැමිණ සිටියේ පිහියක්ද රැගෙනය. තරුණයා තායි තරුණිය සමඟ ලිංගිකවද එක්වුයේය. ගතවූයේ නිමේෂයකි. තරුණයා තමන් ළඟ තිබූ පිහියෙන් තායි තරුණියට කීප වාරයක් ඇන්නේය.

ඇගේ සිරුරෙන් රුධිරය ගලායන්නට විය. මේ දෙදෙනා සිටි කාමරය රුධිරයෙන් තෙත් වි තිබිණි. තායි තරුණිය නිරුවතින් සිටි අතර රෝහලට රැගෙන එන විටත් ඇය මියගොස් සිටියාය. ඇගේ උදරයේ උල් පිහිය රැඳි තිබිණි. තායි තරුණියට පිහියෙන් අැන තරුණයා පළා ගියේය. පසුව මෙකි ඝාතනයට සැකපිට තරුණයා පොලිස් අත්අඩංගුවට පත්විය.

අවසානයේ තායි තරුණියගේ ඝාතනයට සම්බන්ධ තරුණයාටද මරණ දඬුවම හිමි විය.
 
( මෙහි එන නම්-ගම් මනංකල්පිතය)

"මට වයස අවුරුදු 20යි... වයිෆ්ට 19යි... කැමති වැඩිහිටි කපල් එකක් දැනගන්න කැමතියි" - ෆේක් එකවුන්ට් හදාගෙන, හොර රහසේ යන ගේමක් ගැන අමුතුම විදිහේ හිතා ගන්න බැරි කතාවක්!

ව්‍යාජ ෆේස්බුක් ගිණුම්වලින් පෙනී සිටින අය මෙන්ම අස්භාවික, එසේම ශිෂ්ඨ සම්පන්න සමාජය මොහොතකටවත් අනුමත නොකරන කරුණු කාරණා පෙරදැරිකරගෙන අසභ්‍ය එසේම විකෘති අදහස් කාමාශාව උද්දීපනය කරන ෆේස්බුක් සමූහ හෙවත් ගෲප් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මෙවැනි විකෘති අදහස් සමාජගත කිරීමම පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන සමූහවලට එක්ව ඒවායේ සාමාජීකයින් අතර සිදුවන අනුචිත ක්‍රියාදාමයන්ට හසු වී ජීවිතයට නැති නාස්ති කරගත් බොහෝ දෙනෙකු ද මේ ජනසමාජයේ සිටිනවා.

එහෙත් පෙර කීවාක් මෙන් පුදුමයට කරුණ වන්නේ මේවායේ හැටි දැන දැනත් ඊට එකතු වන සාමාජීකයින් දිනෙන් දින ඉහළ යාමයි.

"ඇන්ටිලාට ආදරය කරන්නන්ගේ එකමුතුව" යනුවෙන් සක්‍රීය කොට ඇති මේ සමූහය තුළ වැඩිහිටි කාන්තාවන්ට ලිංගික ඇසුරකට ආරාධනය කරන ළාබාල පිරිමි දරුවන් රොත්තක්ම බිහිවී සිටින අතර ඔවුන් වැඩිහිටි කාන්තාවන් සමඟ සබඳතා ඇති කර ගැනීමට අදාළ ස්ථානය ඔස්සේ පළ කළ පෝස්ට් වල සඳහන් කරුණු අතිශය ජුගුස්සා ජනකයි.

"මට අවුරුදු 21 යි.. 55 ක විතර ඇන්ටි කෙනෙක් අඳුනගන්න ආසයි..." මේ එහි පළවූ තිබූ එක් පෝස්ටුවක්. ඊට කාන්තාවන් හෝ කාන්තාවන් මෙන් පෙනී සිටින අය මෙහි පළ කළ නොහැකි විදිහේ කමේන්ට්ස් දක්වා තිබුණා.

ශිෂ්ඨ සම්පන්න ජන සමාජය මොහොතකටවත් අනුමත නොකරන කරුණු කාරණා මාතෘකා කරගෙන සක්‍රීය කරගෙන පවත්වාගෙන යන ෆේස්බුක් සමූහ ගණන ද අති විශාලයි.

බිරින්දෑවරු හා සැමියන් බෙදා හදාගෙන පරිහරණය කිරීම සඳහාම ෆේස්බුක් සමූහයක් ක්‍රියාත්මක වන බව බැලූ බැල්මට කිසිවෙකු පිළිනොගන්නා කාරණායක් වුවත් එවැනි සමූහයක් මුහුණු පොතේ සක්‍රීයව පවත්වා ගෙන අයුරු ඒ ගැන සොයා බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඕනෑම කෙනෙකුට දැකගත හැකියි.

මේ සමූහයේ සාමාජීකයින් විසිපන්දහසක් ද ඉක්මවා තිබීම පුදුමයට කාරණයක් නොවෙන්නේ එහි පළවන දේ ගැන සොයා බලද්දියි.

"මට අවුරුදු 27යි, වයිෆ්ට 22යි. අපිත් එක්ක එකතු වෙන්න කැමති තවත් විවාහක කපල් එකක් දැන අඳුනගන්න ආසයි..."

මේ ඒ ගෲපයේ පළව තිබූ පෝස්ටුවක්. ඊට පළවූ අදහස් ගණන ද දෙසීයකට වැඩියි. බොහෝ දෙනා පවසා තිබුණේ තමන් හා බිරිඳ වැඩේට කැමති බවයි. ඇතමුන් දුරකථන අංක පවා එහි සඳහන් කර තිබුණා.

"මට වයස අවුරුදු 20යි. වයිෆ්ට 19යි. අපට මුදල්වලින් උදව් කරන්න කැමති වැඩිහිටි කපල් එකක් දැනගන්න කැමතියි. එහෙම කැමති අයට අපිත් එක්ක අපේ ගෙදරම දවසක් දෙකක් ගත කරන්නත් පුළුවනි..."කාන්තාවන් මෙන්ම සමලිංගිකයින් වෙනුවෙන් ද පවත්වාගෙන යන සමූහ කිහිපයක්ම මුහුණු පොතේ ක්‍රියාත්මකයි.

එවැනි සමූහයක සාමාජීකයින් විසිපන්දහස ඉක්මවා තිබීම විශේෂයි.

"අද රෑට හම්බෙන්න පුළුවන් 20ට අඩු මල්ලියෙක් හෝමාගම අවට ප්ලේස් තියෙන, ඉන්බොක්ස් එන්න." මේ එහි පළව තිබූ පෝස්ටුවක්. එයටද බොහෝ දෙනා ප්‍රතිචාර දක්වා තිබුණා.

"අංකල්ලාට ආස කොල්ලන් හා කෙල්ලන්ගෙන් සමන්විත" තවත් එක සමූහයකද සාමාජීකයින් 25,000 ඉක්මවා තිබුණා.

මෙම සමූහවල විශේෂය යන්නේ ප්‍රසිද්ධියේ තම දුරකථන අංක පවා සඳහන් කරමින් මෙවා පවත්වාගෙන යාමයි.

මේ සයිබර් දඩයක්කරුවන්ට හසුවන අහිංසකයින් සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යාම කණගාටුවට කරුණක්. 

කොතරම් දැනුම්වත් කළත් මුහුණු පොතේ පරිශීලකයින් මෙන්ම මහජනතාව ද සයිබර් අවකාශයේ වංචාකරුවන්ට ජාවාරමුන්ට හසුවීම නම් හැමදෙනාගේම අභාග්‍යයක්.
"මාංචු" පුවත්පතේ ලිපියක් ඇසුරිණි...