gossip lanka

"මම ඔයාට හොඳට සලකන්නම්... වෙන කස්ටමර්ලා ළඟට යන්න එපා..." "අනේ ඒකනම් මට කරන්න බැහැ... ඒක මගේ ජොබ් එක..." - සම්බාහන මධ්‍යස්ථානයේ අවසන් ගමන් ගිය තායි යුවතිය‍

ඇය මෙරට මුහුදුකරය ආශ්‍රිතව පිහිටි සමබාහන මධ්‍යස්ථානයක සේවය කළාය. රූමත් තරුණියක වු නිසාම මෙම සම්බාහන මධ්‍යස්ථානයට සේවය ලබා ගැනිම සදහා පැමිණෙන ගනුදෙනුකරුවන්ගෙන් ඇයට තිබුණේ ඉහළ ඉල්ලුමකි.

බෝහෝ ගනුදෙනුකරුවන් පැමිණියේ මේ තරුණියගේ පහස ලබා ගැනීම සඳහාය. මේ අතර ඇගේ පහස ලබා ගැනීම සඳහා පැමිණි එක්තරා තරුණයකු ඇයට වශිවි සිටියේය. ඔහු සතියකට වරක් දෙවරක් මෙම සම්බාහන මධ්‍යස්ථානයට පැමිණීමට පුරුදුව සිටියේය.

මේ අතර කාලයේදී මේ තරුණයා සහ තරුණිය අතර ප්‍රේම සම්බන්ධයක්ද ගොඩනැඟි තිබිණි. මේ තරුණයා ධනවත් ව්‍යාපාරිකයකු වු නිසා ‘අතදිගහැර‘ තායි තරුණියට මුදල් වියදම් කළේය. ඔහු තායි තරුණියගෙන් බලාපොරොත්තු වූයේ තමන්ට පමණක් ඇගේ සේවය සලසා ගැනිමයි.

තායි තරුණිය තමන්ගේ ගනුදෙනුකරුවකු බවට පත්කර ගැනීම ඔහුගේ පළමු බලාපොරොත්තුව වූයේය.
 
“මම ඔයාට හොඳට සලකන්නම්... ඔයා වෙන කස්ටමර්ලා ළඟට යන්න එපා...“තරුණයා කිහිප විටෙකදීම තායි තරුණියට එලෙස කියා තිබිණි. තරුණයා, තායි තරුණියට හදවතින්ම ආදරය කළේය. එහෙත් තායි තරුණියගේ අරමුණ වූයේ ඇය සොයා එන වෙනත් ගනුදෙනුකරුවන්ටද සේවය සලසාදි හැකිතරම් මුදල් උපයා ගැනීමයි. තායි තරුණිය මුදල්වලට දැක්වුයේ දැඩි කෑදරකමකි; ගිජු බවකි. කොටින්ම කිවහොත් ඇය මෙම ධනවත් තරුණයට බොරු ආදරයක් පෙන්වූවාය. ඇයට අවශ්‍ය වුයේ තරුණයාට බොරු ආදරයක් පෙන්වා තරුණයාගෙන් මුදල් කඩාවඩා ගැනීමයි.
 
තරුණයා තායි තරුණිය සමඟ රාත්‍රි සමාජ ශාලාවලටද ගියේය. එහිදි ඔහු ඇය සමඟ රිසිසේ විනෝද විය. තරුණයා තායි තරුණිය වෙනුවෙන් කිසිම ලෝබකමක් නොමැතිව අතදිග හැර මුදල් වියදම් කළේය. ඒ තරමට මේ තරුණයා තායි තරුණියට ආදරය කළේය.
 
මේ අතරේ වෙනත් ගනුදෙනුකරුවන්ට සිය සේවය ලබා නොදෙන ලෙස තායි තරුණියගෙන් ව්‍යාපාරික තරුණයා කෙතරම් ඉල්ලීම් කළද තායි තරුණිය ඒ කිසිවක් ගණන් ගත්තේ නැත.

“අනේ ඒකනම් මට කරන්න බැහැ... ඒක මගේ ජොබ් එක...“ඇය ව්‍යාපාරික තරුණයාට කීවාය. තායි තරුණියගේ මේ හැසිරීම ගැන තරුණයා සිටියේ එතරම් හිතහොඳකින් නොවේ.

මේ නිසා තරුණයා ටික කලක් යද්දී තායි තරුණිය සමඟ දැඩි වෛරයකින් පසු වුයේය. දිනක් ඔහු සම්බාහන මධ්‍යස්ථානයට පැමිණෙන විට තායි තරුණිය වෙනත් ගනුදෙනුකරුවකුට සිය සේවය ලබා දෙමින් සිටියාය. එය දැකීමෙන් තරුණයා කෝපාවිෂ්ට විය. ඔහුගේ ඇඟේ ලේ රත්වන්නටද ඇත. ඔහු එදින තායි තරුණියගෙන් සේවය ලබා නොගෙන සම්බාහන මධ්‍යස්ථානයෙන් පිටව ගියේය.

පසුදින ඔහු යළි එම සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ තායි තරුණියගෙන් සේවය ලබා ගනිමින් සිටියේය. ඔහු එදින සම්බාහන මධ්‍යස්ථානයට පැමිණියේ තායි තරුණිය සමඟ ‘දෙකෙන් එකක්‘ බේරාගැනිම සඳහාය. තායි තරුණිය, තරුණයා ඉතා උණුසුම් ලෙස පිළිගත්තාය. නමුත් තරුණයාගේ මුහුණේ කිසිම සිනහවක් නැත. මුහුණ රත්පැහැ ගැන්වි තිබුණේය. මේ අතර තරුණයා තායි තරුණියගේ සේවය ලබා ගනිද්දී ඇයත් සමඟ පසුවුයේ දැඩි වෛරයකිනි.

එදින මේ තරුණයා සම්භාහන මධ්‍යස්ථානයට පැමිණ සිටියේ පිහියක්ද රැගෙනය. තරුණයා තායි තරුණිය සමඟ ලිංගිකවද එක්වුයේය. ගතවූයේ නිමේෂයකි. තරුණයා තමන් ළඟ තිබූ පිහියෙන් තායි තරුණියට කීප වාරයක් ඇන්නේය.

ඇගේ සිරුරෙන් රුධිරය ගලායන්නට විය. මේ දෙදෙනා සිටි කාමරය රුධිරයෙන් තෙත් වි තිබිණි. තායි තරුණිය නිරුවතින් සිටි අතර රෝහලට රැගෙන එන විටත් ඇය මියගොස් සිටියාය. ඇගේ උදරයේ උල් පිහිය රැඳි තිබිණි. තායි තරුණියට පිහියෙන් අැන තරුණයා පළා ගියේය. පසුව මෙකි ඝාතනයට සැකපිට තරුණයා පොලිස් අත්අඩංගුවට පත්විය.

අවසානයේ තායි තරුණියගේ ඝාතනයට සම්බන්ධ තරුණයාටද මරණ දඬුවම හිමි විය.
 
( මෙහි එන නම්-ගම් මනංකල්පිතය)
gossip lanka