ශ්‍රීලංකා නිදහස් පක්ෂය ව්‍යස්ථා සංශෝධන කටයුතුවලට හෝ නව ව්‍යස්ථාවකට සහයෝගය දීම සඳහා වූ එකඟතාවයකට පැමිණ නැති බව වාර්තාවේ.
විසිවන ව්‍යවස්ථා සංශෝධනය හෝ නව ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රීලනිපයේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන් කිහිපදෙනෙකුගෙන් විමසූ විට ඔවුන් ප්‍රකාශ කළේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්විම්වලදී වැඩි උනන්දුවක් නොදැක්වූ බවයි.
ජනතාව අතර ව්‍යස්ථාවට විශාල සහයෝගයක් නැති
බවත් ඒ නිසා ඒවාට ශ්‍රීලනිපය සහයෝගය නොදෙන බවත් එක් ශ්‍රීලනිප ප්‍රකාශකයෙක් කීය.
ව්‍යස්ථා සංශෝධන පාර්ලිමේන්තු න්‍යායපත්‍රවට පැමිණියහොත් ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව ශ්‍රීලනිපයේ මතය ප්‍රකාශ කිරිමට පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් කමිටුවක් පත් කොට සංශෝධනයට විරෝධය ප්‍රකාශ කිරීමේ සැලැසුමක් ඇතැයි වාර්තා වේ.
විසිවැනි සංශෝධන යෝජනාව මේ වනවිට ගැසට් කර තිබෙන අතර ඒ පිළිබදව විවාද කිරිම සඳහා තවමත් දිනයක් යොදා නොමැත.
නව ව්‍යස්ථාව පිළිබඳව මෙහෙයුම් කමිටුව විසින් මෙතෙක් සම්පාදනය කර ඇති වාර්තා මත පදනම්ව අවසන් කෙටුම්පතක් සකස් කිරිමට නියමිතය.
ශ්‍රීලනිපයයෙන් ව්‍යවස්ථා සංශෝධනයකට සහය නෑ
2018-08-20T08:56:00+05:30
Gossip Lanka Hot News
slide|