gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මට වෙඩි තිබ්බට කමක් නෑ - කාදිනල් තුමා

තමාට වෙඩි තැබුවද මත් උවදුරෙන් දරුවන් රැකගැනීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පවසයි.

එතුමා මේ බව කියා සිටියේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා එතුමා
බැහැදැකීමට අගරදගුරු නිවසට පැමිණි අවස්‌ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරුතුමා,

"මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතු බවට මා යෝජනා කළ අවස්‌ථාවේ ඊට දැඩි විරෝධතාවක්‌ මතු වුණා. එල්ලා මරන්න බැරිනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දූපතක හෝ රඳවා තැබිය යුතුයි. බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහයෝගය ලැබෙන නිසා ඔවුන් පාලනය කිරීම අපහසුයි. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමාට විශාල උනන්දුවක්‌ තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුර පාලනය කරන්න මහා සංඝරත්නයේ සහයෝගය ලබාගන්න. කතෝලික සභාවේ සහාය අපි දෙන්නම්. මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩපිළිවෙළ සඳහා මම පෙරමුණ ගන්නම්. මට වෙඩි තිබ්බත් කමක්‌ නෑ. මේ ව්‍යසනයෙන් අපේ දරුවන් ආරක්‍ෂා කර ගත යුතුයි" යැයි පැවසීය

මෙහිදී අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය ඇමැතිවරයා , තනි සිගරට්‌ටුවක්‌ විකිණීම තහනම් කිරීමට මා යෝජනා කළද මුදල් අමාත්‍යාංශය ඊට බාධා කළ බවත් මත් උවදුර තුරන් කිරීමේ වැඩ පිළිවෙලක්‌ කළුතරින් ආරම්භ කරන බවත් කියා සිටියේය. එමෙන්ම කාදිනල්තුමන්ගේ යෝජනාවට තමා සම්පූර්ණ සහාය ලබා දෙන බවද පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka