gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධ්‍යාපන අමාත්‍යංශයේ පෙළ පොත් මගඩිය හෙළිවෙයි

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබියදී සමස්ත පෙළපොත් මුද්‍රණයෙන් 98%ක් පෞද්ගලික මුද්‍රණාලවලට ලබාදීම බරපතල දූෂණයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා නිවේදනක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වන විට අධ්‍යාපන
අමාත්‍යාංශය යටතට පත් කොට ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව සඳහා රුපියල් මිලියන 88 මේ වන විට වැය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කර ඇත. තත්ත්වය එසේ තිබියදී පාසල් පෙළපොත් මුද්‍රණය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් සිදු කිරීම වෙනුවට බාහිර පාර්ශවයන්ට ලබාදීම තුළ පැහැදිලි වන්නේ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීමේ අරමුණ ද ඉටු වී නැති බවයි.

පාසල් පෙළපොත් වර්ග 410 ක් මුද්‍රණය කරන අතර, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට ලබා දී ඇත්තේ පෙළපොත් වර්ග 24 ක් පමණි. ඉතිරි පෙළපොත් අතරින් වර්ග දෙකක් පමණක් රජයේ මුද්‍රණාලයට ලබා දී ඉතිරි සියලූ පෙළපොත් වර්ග මුද්‍රණය පෞද්ගලික මුද්‍රණකරුවන් 26 ක් අතරේ බෙදාහැර ඇත.

මෙය සැක කටයුතු තත්වයක් බව පෙන්වා දෙමු. පෙළපොත් සඳහා රුපියල් මිලියන 4385 ක් අධ්‍යාපන අමාත්‍යාංශය වියදම් කරයි. සමස්ත පෙළපොත් ප‍්‍රමාණයෙන් 95% කට වැඩි ප‍්‍රමාණයක් පෞද්ගලික මුද්‍රණාලවලට ලබාදීමෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම වෙනුවට තවදුරටත් පෞද්ගලික අංශය සමග ගණුදෙනු කරමින් වෙනත් කූට අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සංවර්ධනය කිරීමට කටයුතු කරන්නේ නම් සිදුකළ යුත්තේ පෙළපොත් මුද්‍රණය රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් සිදු කිරීමයි. එසේ නොකොට අධ්‍යාපනයට වෙන් කරන සොච්චම් මුදලින් මූල්‍යමය ප‍්‍රතිපාදන මුද්‍රණ නීතිගත සංස්ථාවට වෙන් කිරීම බරපතල අපරාධයකි. එසේම මේ පිළිබඳව ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාට ද ලිඛිතව පැමිණිලි කර ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka