gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බදුල්ලේදී තවත් බසයක් ප්‍රපාතයකට - තරුණයෙක් මරුට, 34ක් රෝහලේ, අවසන් මොහොතේ ජීවිත බේරන ප්‍රාතිහාර්යක්!

බස් රථ අනතුරක් හේතුවෙන් දරුවෙකු මිය ගොස් තවත් 34 දෙනෙකු බරපතළ තුවාල ලැබූ අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. ඒ බදුල්ල ප්‍රදේශයෙන්.

බදුල්ල අලූගොල්ල ප‍්‍රධාන මාර්ගයේ ඊ‍යේ දින (27) උදෑසන ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 ක් පමණ ගැඹුරු ප‍්‍රපාතයකට පෙරළී යෑමෙන් මෙන අනතුර සිදුව
තිබේ. අනතුරෙන් බස් රථයේ   ගමන් කළ 15 හැවිරිදි පිරිමි දරුවකු මියගොස් කාන්තාවන් 12 දෙනකු ඇතුළු 34 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

බස්‌ රථය බදුල්ල අලුගොල්ල මාර්ගයේ දහනවයේ කෑල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මෙලෙසින් ප්‍රපාතයකට පෙරළී ගොස්‌ තිබෙන බව සදහන්.

වට කීපයක්‌ පෙරළී ගිය බස්‌ රථය ප්‍රපාතය පහළ පිහිටි පහන් කණුවක සිර වී ඇත. බස්‌ රථය එසේ හිර වී නතර නොවූයේ නම් එය තවත් පහළට පෙරළී ජීවිත හානි විශාල සංඛ්‍යාවක්‌ සිදුවීමට ඉඩ තිබූ බව පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්‌ථාවේ මගීන් 46 දෙනකු බස්‌ රථයේ ගමන් කරමින් සිට ඇත. මෙහිදී 15 හැවිරිදි මොහොමඩ් ආකීර් නම් දරුවෙක් මිය ගොස් තිබේ. ආකීර්ගේ පියාද අනතුර සිදුවන අවස්‌ථාවේ බස්‌ රථයේ ගමන් කරමින් සිටි අතර ඔහු තුවාල ලබා දිවි ගලවාගෙන ඇත. මියගිය දරුවාගේ පියා මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් කියා සිටියේ තම පුත්‍රයා බස්‌රථවල ඉදිරිපස අසුන්වල යැමට කැමැත්තක්‌ දක්‌වන බවත් මෙම බස්‌ රථයේ ද ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටියදී අනතුරට ලක්‌ වූ බවත්ය.

අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ බදුල්ල පොලිසියේ නිලධාරීන් යුදහමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්‌ව දැඩි වෙහෙසක්‌ දරා බස්‌ රථයේ සිර වී සිටි මගීන් ඉවතට ගෙන බදුල්ල රෝහලට යෑවීමට කටයුතු කර තිබිණි. මෙම මාරක අනතුරට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නොමැත. අනතුරින් බස්‌ රථයටද දැඩි හානි සිදු වී ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka