gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

29 වන දා සිට යළිත් දුම්රිය වර්ජනයක්

සියලු දුම්රිය වෘත්තීය සමිති අගෝස්තු මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ.

අද (24) පැවති දුම්රිය වෘත්තීය සමිති විධායක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

සිය වැටුප් ගැටළුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කරන බව ඔවුන්
ප්‍රකාශ කළේය.

මීට පෙර දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සමිති අගෝස්තු මස 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කළේය.

දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැත් විණි.

මේ අතර වැටුප් කොමිසමේ සභාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් විසදුමක් නොලැබුණ බවද එම වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka