gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද වන විට රුපියල කඩා වැටුණේ මෙහෙමයි

2015 වර්ෂය හා සැසඳීමේදී 2018 පසුගිය සතිය වන විට (අගෝස්තු 23) ඇමරිකන් ඩොලරයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය (වාර්ෂික සාමාන්‍ය අනුව ගණනය කළ) 18.15% ක ප්‍රතිශතයකින් අවප්‍රමාණය වී ඇති බව මහබැංකු විනිමය අනුපාත දත්ත අනුව සනාථ වේ.

2013 වසරේ ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ ( වාර්ෂික සාමාන්‍ය) අගය 129.11 වූ අතර 2014 දී එම අගය 130.56 ලෙසද, 2015 දී 135.94 ක්
ලෙස වාර්තා විය. 2016 වසරේ මෙම අගය 145.60 ක් වූ අතර 2017 දී 152.46 ක් ලෙස සටහන් විය.

2018 වර්ෂයේ මුල් මාස 7 සඳහා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය (කාලසීමා, සාමාන්‍ය අනුව) පහත පරිදි වාර්තා වේ. ජනවාරි මාසය සඳහා එම අගය 153.80 ක්ද, පෙබරවාරිහිදී 154.86 ක්ද, මාර්තු සඳහා 155.37 ක්ද, අප්‍රෙල්හිදී 156.14 ක් ලෙසද, මැයි මාසය සඳහා 157.90ක් ලෙසද, ජූනි මාසය සඳහා 159.07 ක් ලෙසද, ජූලි මාසය සඳහා 159.34ක් ලෙසද සටහන් වන අතර 2018 අගෝස්තු 23 වැනිදා වන විට 160.62 ක් ලෙස වාර්තා විය.

මේ අතර 2018 වර්ෂයේ ජූනි මාසය සඳහා ලක්ෂමය උද්ධමනය 2.5 ක අගයක් ගත් අතර, එය 2018 ජූලි මාසයේදී 3.4 ලෙස වාර්තා වූ බවත් ඒ අනුව පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යෑම 0.11 ලෙස සටහන් වී ඇති බව ජන ලේඛක හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

(රාවය)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka