gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසයේ පළමු වරට මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක ඇමතිගේ ඉලක්කය ගැන විවිධ මත

අද මෙරටට පැමිණෙන ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරී ඔනඬේරා, හම්බන්තොට වරායේ සංචාරයකටද එක්වන බවට වාර්තා පළ වනවා.

ඔහු මෙම සංචාරයට එක්වන්නේ හම්බන්තොට වරාය චීනය වෙත පවරා දී තිබීයදීවීම විශේෂත්වක්.

චීනයේ යුද බලය ව්‍යාප්ත වීම පිළිබඳ අවධානයෙන් සිටින රටවල් අතරට ජපානයද අයත්.

ඉකුත් දා අමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය හෙවත්
පෙන්ටගනය නිකුත් කළ වාර්තාවකින්ද හම්බන්තොට වරාය පිළිබඳ අනාවරණයක් සිදු කර තිබුණා. එහි දැක්වුණේ දීර්ඝ කාලීන සැලසුමකට අනුව චීනය සිය යුද ශක්තිය සෙසු රටවල් කෙරෙහිද ව්‍යාප්ත කරමින් සිටින බවයි.

විදෙස් රටවල සිය හමුදා සංකීර්ණ ඉදිකිරිමේ චීනයේ සැලසුම එහි එක් අදියරක් බවයි ප‍්‍රකාශ කර තිබුණේ.

ඉකුත් වසරේ ජූලි මාසයේදී නැගෙනහිර අපි‍්‍රකාවේ ජිබූටිහි විදේශිය හමුදා සංකීර්ණයක් චීනය විසින් ස්ථාපිත කරනු ලැබූ බව පෙන්ටගනය පැවසුවා. ඉන් මාස කිහිපයකට පසු හම්බන්තොට වරාය චීනය විසින් සිය පාලනයට නතු කර ගනු ලැබූ බව එම වාර්තාවේ සඳහන්.

කෙසේවෙතත් චීනයේ මැදිහත්වීමෙන් හම්බන්තොට වරාය වාණිජ වරායක් ලෙස පමණක් කි‍්‍රයාත්මක වන බවයි මෙරට බලධාරීන් දැනටමත් ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ අතර ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති කාර්යාලයද පැවසුවේ දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරයේ අරමුණ බවයි. ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරී ලබන 22 වැනිදා තෙක් මෙරට රැඳී සිටිනු ඇති.

ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නේ ඉතිහාසයේ පළමුවරටයි. මෙරට ප‍්‍රමුඛ පෙළේ දේශපාලඥයින් සමගද ජපාන ආරක්ෂක අමාත්‍යවරයා මෙම සංචාරයේදී සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka