gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විමල්-සජිත් විවාදයට රූපවාහිනී නාලිකා දෙකක් සූදානම්..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

සජිත් ප්‍රේමදාස මහතා,

නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය,
නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

ප්‍රසිද්ධ විවාදයක් සඳහා කළ අභියෝගය භාරගැනීම පිළිබඳව ය

පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසට මා විසින් ඔබ වෙත කරන ලද අභියෝගයට ප්‍රමාද වී හෝ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව කෘතඥතාව පළ කරමි.

එනමුත් පසුගියදා ත්‍රිකුණාමලයේ පැවැති උත්සව සභාවක් අමතමින් ඔබ ප්‍රකාශ කළේ අභියෝගය භාර ගන්නා බවත් ඒ සඳහා ඔබ විසින් ඉදි කළ ‘උදා ගම්මානයක්’ වෙත පැමිණෙන ලෙස ය. එය පිළිගත හැක්කක් නොවේ. නිදන් වස්තු බහුල ප්‍රදේශවල ඔබ විසින් ඉදි කරනු ලබන එවන් ‘උදා ගම්මානයක’ රාත්‍රී 10 සිට 12 තෙක් ‘ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්’ ද සමඟ එවන් විවාදයක් පැවැත්වීම යන්න ප්‍රායෝගික නොවන කාටත් වැටහෙන්නකි.

එබැවින් මා ඉහත අභියෝගය සිදු කළ අන්දමට ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක පිරිසක් සමඟ හරවත්, කාලීන දේශපාලන සංවාදයක් සඳහා පෞද්ගලික රූපවාහිනී නාලීකාවක් යොදා ගත යුතු බවට යළිත් යෝජනා කරමි. ඒ සඳහා දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාලිකා 02ක් මා සමඟ එකඟතාව පළකර ඇත.

එහිදී ඔබගේත්, ඔබගේ පියාණන්ගේත් මාගෙත් දේශපාලන භාවිතය පිළිබඳව රට හමුවේ ගැඹුරින් සිහිපත් කිරීමේ අවස්ථාව උදා වනු ඇත. ඒ සඳහා කඩිනමින් අවස්ථාව සලසා දෙන ලෙස කාරුණිකව දැනුම් දෙමි.

මෙයට,
විශ්වාසී,

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka