gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොකු සැලළිහිණියා වඳ වෙයි

ලංකාවේ සිටින සැලළිහිණියන් අතරින් ලොකු සැලළිහිණි වර්ගය වඳ වී ගොස්‌ ඇතැයි පරිසර සංවිධාන පවසයි.

 'කෂිපොටයා' නමින් හඳුන්වන මෙම ලොකු සැලළිහිණින් අනිකුත් සැලළිහිණියන් සමග ගස්‌වල ගෙඩි ආහාරයට ගනිමින් වනාන්තරවල ජීවත් වන බවත් බිත්තර දමන සමය ළං වනවිට මොවුන් දිරාගිය කිතුල් කොට සහ ගස්‌ බෙන සොයා ගම්වලට පැමිණෙන බවත් බිත්තර දමා පැටවුන් ලොකු මහත්
කර ගත් පසු පැටවනුත් සමග වනාන්තර ගත වන බවත් පරිසවේදීහු සඳහන් කරති.

ලොකු සැලළිහිණියෙකු බට ගොයකු තරම් විශාල පක්‌ෂියකු බවද මොවුන්ට ඈතට ශබ්ද නඟා කෑගැසිය හැකි මිහිරි කට හඬක්‌ ඇති බවද පරිසරවේදීහු කියති.

ලක්‌ෂණ පක්‌ෂි වර්ගයක්‌ වන සැලළිහිණින් ගෙවල්වල සුරතලයට ඇති කරන පක්‌ෂි වර්ගයක්‌ වන අතර මොවුන් පිළිබඳව අතීතයේ පොත්පත්වලද සඳහන් වී තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka