gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංගමයේ ආදායම ඉහළ යයි… දිනකට මිලියන 100 පනී…

විවිධ දේශපාලන බඳවා ගැනීම් හේතුවෙන් පසුගිය කාලවකවානුවේ දී මූල්‍ය පරිහානියට ලක්ව තිබූ ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විට දිනකට රුපියල් මිලියන 100ක ආදායමක් උපයන බව වාර්තා වේ.

මෙම වාර්තාගත ආදායම ඉපැයීම සඳහා බස් රථ 6100ක් මෙන්ම රියදුරු, කොන්දොස්තර, ලිපිකරු, කාර්මික සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 30463ක සේවක පිරිසකගේ සේවය ලබා ගෙන තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රගති
සමාලෝචන රැස්වීමේ දී මෙම කරුණු අනාවරණය වූ අතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා මෙම රැස්වීම පැවැත්විණි.

වෘත්තීය සමිති විවිධ අවස්ථාවල සිදු කළ වැඩ වර්ජනවල දී ප්‍රවාහන සේවාව අඩපණවීමට නොදී ජනතාවත් රටත් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ වැටුප් සාධාරණ ලෙස වැඩි කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මෙය කිසිසේත් වෘත්තිය සමිතිවල තර්ජන හෝ බලපෑම් නිසා සිදු නොකරන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

මෙම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන හා කැබිනට් මණ්ඩලය සමඟ මේ වන විට සාකච්ඡා කරන බවත් හෙතෙම පැවසීය.

රට පුරා පිහිටි ප්‍රධාන ඩිපෝ 107ක් හා උප ඩිපෝ 13 ක් මඟින් මෙම මණ්ඩලය මගී ප්‍රවාහන සේවය ලබා දෙයි. වාර්තා අනුව මෙම ඩිපෝවලින් 90 %කට ආසන්න ප්‍රමාණයක් ලාභ ලබන ආයතන බවට පත්වී ඇති බවත්, පසුගිය 2017 වසරේ මෙහෙයුම් ලාභය (Operation Profit) රු.මි. 1618 වු අතර, 2018 වසරේ දී එය රු.මි.2000 ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංගමය සැලසුම් කර ඇති බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා මෙහි දී පැවසීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka