gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාන්තාවන් විදෙස්ගත වීමේදී බලපෑ නීතියක් වෙනස් වෙයි

කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබා ගැනීමට තිබු නීතිය ඉවත් කරන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාගත යුතු බවට නීති පනවා තිබීම හේතුවෙන් නොයෙක් වංචනික මාර්ග ඔස්සේ කාන්තාවන් විදේශගත වීම හමුවේ ඔවුන්ගේ මෙන්ම එම පවුල්වල ආරක්ෂාවට බරපතල හානියක් සිදුව
ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් අදාළ වාර්තාව ලබාගැනීම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ඔහු කියාසිටියා.

පවුල් පසුබිම් වාර්තාව ඉවත් කර ඒ වෙනුවට විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි මනුෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධාන කළ සුව දිවියට අරුණල්ලක් වෛද්‍ය කඳවුරට ගාල්ල ප්‍රදේශයේදී එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

විදෙස්ගතවන කාන්තාවන්ගේ ළමුන් පිළිබඳ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සංවර්ධන නිලධාරීන්ට භාරදීමේ සැලසුමක් පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා හෙළි කළා.

එතුලින් වංචනික උපක්‍රම හරහා විදෙස්ගත වීම් නතර කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේවෙතත් වයස අවුරුදු 5 ට අඩු ළමුන් සිටින කාන්තාවන්ට විදෙස්ගත වීමට අවස්ථාව ලබා නොදෙන අතර ළමුන්ගේ වයස අවුරුදු 5 ට වැඩි වුව ද එම ළමුන්ට ආරක්ෂාවක් නොමැති බව වැටහෙන්නේ නම් එම කාන්තාවන්ට ද විදෙස්ගත වීමට අවස්ථාව ලබා නොදෙන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka