gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිළිකාව ගැන ලංකාවෙන් භයානක අනාවරණයක්

මෙරට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව මහනුවර පිළිකා රෝහලේ වෛද්‍ය සුසිල් සිරිවර්ධන අනාවරණය කරනවා.

තලාතුඔය ප්‍රදේශයේ පැවැති ජන හමුවක දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම වර්ෂය තුළ නව පිළිකා රෝගීන් 10,000කට ආසන්න පිරිසක් හඳුණාගෙන ඇති බවයි.

එමෙන්ම ඉන් 70%ක්ම කාන්තාවන් බවයි ඔහු
වැඩිදුරටත් අනාවරණය කළේ.

“නියපොතු සහ හිසකේ හැරුණුවිට ශරීරයේ ඕනෑම තැනක පිළිකා සෑදීමට ඉඩ තිබෙනවා. ශරීරය කෙට්‌ටුවීම, නින්ද නොයැම, ශරීරයේ අපහසුතා ඇතිවීම, ආහාර අරුචිය, කටහඬ වෙනස්‌වීම, ගිලීමේ අපහසුව, උණගතිය, පිළිකා රෝගයේ ලක්‍ෂණයි. පිළිකා රෝගය ශරීරයේ එක්‌ තැනකින් වෙනත් තැන්වලට පැතිරීමටද ඉඩ තිබෙනවා. මූලික අවස්‌ථාවේදීම ශරීරයේ පිළිකාවක්‌ ඇති බව දැනගතහොත් සුවකළ හැකියි. සමහර පිළිකා පැතිරීම පාලනය කළ හැකියි. ආහාර, වාතය, ජලය තුළට පිළිකාකාරක එකතු නොවේ නම් පිළිකා සෑදීම අඩුයි. දුම, කෘමිනාශක, වල් නාශක, රසායනික ද්‍රව්‍යය, වසවිෂ පිළිකා සෑදීමට හේතු වෙනවා” යනුවෙන් වෛද්‍ය සුසිල් සිරිවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka