gossip lanka

පිටෙහි ගලක් බැඳ ගිල්වූ සිරුරක් වැලිතොටකින් සොයාගනී

දෑත් බැඳ පිටෙහි ගලක් ගැට ගසා මීගහකිවුල – මීගොල්ලඔයේ වැලිතොටුපළක ගිල්වා තිබූ පුද්ගල මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම මළ සිරුර මීට දින කිහිපයකට පෙර අතුරුදන්ව සිටි අයෙකුගේ බවට හඳුණාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඔහු මීගහකිවුල – මොරහෙල – මීගොල්ල ප්‍රදේශයේ
පදිංචිව සිටි 32 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

පසුගිය 22 වන දා සිට මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුණා.

එම මළ සිරුරේ දෑත් කිසියම් වැල් වර්ගයකින් ගැට ගසා තිබූ අතර, එය වතුරේ පාවීම වැළැක්වීමට පසුපස ප්‍රදේශයට ගලක් ගැට ගසා ඇති අයුරු දක්නට ලැබුණු බවයි එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

මළ සිරුර මීගොල්ලඔයේ ඉවුර වෙත රැගෙන එන ලද අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.


gossip lanka