gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාම් තෙල් බද්ද රු. 20 කින් නංවයි

පාම් තෙල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා අය කෙරෙන විශේෂ වෙළඳ භාණිඩ බද්ද රුපියල් 20කින් වැඩිකර තිබේ.

ඉකුත් 25 දා සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය මගින් සිදුකර ඇති මෙම බදු වැඩි කිරීමට අනුව මෙතෙක් පාම් තෙල් කිලෝවක් සඳහා රුපියල් 155ක් වශයෙන් පැවති බද්ද රුපියල් 175 දක්වා ඉහළ ගොස් ඇත.

මේ දිනවල පොල්තෙල් මිල අඩුවී තිබීම පාම් තෙල් බද්ද වැඩි කිරීමට
හේතුවී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

මේ අතර පාම් තෙල් ආනයනකරුවන් සහ තොග වෙළෙන්දන් කියා සිටියේ පාම් තෙල් ඉහළ දැමීමත් සමග ශුද්ධ කළ පාම් තෙල් කිලෝවක තොග මිල රුපියල් 280 දක්වා ඉහළ ගොස් ඇති බවය. රුපියල් 280ක් වන තොග මිලෙන් රුපියල් 175ක් බදු වශයෙන් රජයට ගෙවීමට සිදුවී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka