gossip lanka

2019 අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් !

ලබන වසර අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් එන බවත් ඊට කලින් පළාත් සභා මැතිවරණයක් එන බවත් ඒ මැතිවරණ සඳහා මුහුණ දීමට එජාපය සූදානම් බවත් පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසුවේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ වතු කම්කරුවන්ට ඉඩම් අයිතිය ලබාදීමේ "හරිත භූමි" වැඩසටහන් මාලාවේ තෙවැනි අදියර සඳහා සහභාගි වෙමිනි.
මහනුවර පුපුරැස්ස ලෙවලන් වතුයායේ වතුකම්කරු පවුල් 450කට ඉඩම් අයිතිය ලබාදීම එහිදී සිදුවිය.

එජාපය මැතිවරණවලින් පැන නොයන බවත් පසුගියදා සීමා නිර්ණය කිරීමේ ක්‍රමයට විරුද්ධව සියලු පක්ෂ විරුද්ධ වූ අතර ඊට විසඳුමක් සෙවීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් කටයුතු කරන බවද ඇමතිවරයා එහිදී පැවැසීය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ මතයට සියලු දෙනා ගරු කළ යුතු බවද සම්මත වන මැතිවරණ ක්‍රමය සියලු දෙනාගේ කැමැත්ත සහිත එකක් විය යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

gossip lanka