gossip lanka

ඥාණසාර හිමියන් අවසර ඉල්ලයි

සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඳහා අභියාචන පෙත්සමකට අවසර දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ කරුණු සලකා බැලීම ලබන සිකුරාදාට කල්තැබුණා.

ඒ, සිද්ධියට අදාළ නඩුව අද (29) කැඳවූ
අවස්ථාවේදීයි.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ඉකුත් 2016 වසරේ ජනවාරි 25 වැනිදා අධිකරණයට අපහාස වන පරිදි හැසිරීම සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් මේ වනවිට වසර 06ක බරපතල වැඩසහිත සිරදඬුවමකට නියමවී සිටිනවා.

ඉන් අනතුරුව උන්වහන්සේ දැනුම් දුන්නේ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට බලාපොරොත්තු වන බවයි. එහි එක් පියවරක් ලෙස අභියාචනාධිකරණයේදී එම අභියාචනා පෙත්සම සඳහා අවසර ලබා ගැනීම සිදු කළ යුතු වනවා. එම අවසරය ලබා ගැනීමටයි අද දිනයේ මෙම නඩුව කැඳවනු ලැබුවේ. ඒ අනුව අභියාචනය සම්බන්ධයෙන් සිදු කරන අවසර ලබා ගැනීමට අදාළ කරුණු විමසීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන ප‍්‍රමුඛ ද්වි පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ලබන සිකුරාදා සිදු කරනු ඇති.

එහිදී අභියාචන පෙත්සමට අවසර ලබා දුනහොත් ඉන්පසුව ඥාණසාර හිමියන්ට ඇප ඉල්ලීමක් සිදු කළ හැකියි.


gossip lanka