gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුත්තලම් වෙරළට ආ ඉන්දීය කසළ මන්නාරමටත් ගොඩ ගසයි

තලෙයි මන්නාරම, මන්නාරම හා පුනරීන් මුහුදු වෙරළට මේ දිනවල ඉන්දියානු සමාගම් හී ලිපිනයන් සඳහන් විවිධ අපද්‍රව්‍ය හා විවිධ විෂකාරකයන් ගොඩගැසීම හේතුවෙන් මසුන් විශාල ලෙසින් මිය යාම හා පාරසරික ගැටලු රැසක් මතු වී ඇති බවට මන්නාරම් ධීවරයෝ කියා සිටිති.

මීට පෙර පුත්තලම් වෙරළට ගොඩ ගැසූ මෙම අපද්‍රව්‍යය මේ වන විට මන්නාරම් වෙරළට ගොඩගැසීම හේතුවෙන් උතුරු මුහුදු වෙරළ සාමාන්‍ය ජනතාවට මෙන්ම ධීවරයින්ට අහිමිවීමේ අවධානමක්
ද පවතින බවට මන්නාරම් ධීවර සමිති පෙන්වා දෙයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ඊයේ (20) දිනයේ දී අදාළ ඉන්දියානු අපද්‍රව්‍ය විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර එම අපද්‍රව්‍ය අයිතිකරුවන් පිළිබඳව ද පරික්ෂාවකට ලක් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් අදාළ අපද්‍රව්‍ය මන්නාරම් මුහුදු වෙරළට ගසාගෙන ඒම හේතුවෙන් මේ වන විටත් මන්නාරම් මුහුදු වෙරළට දුර්ලභ ගණයේ මසුන් හා විවිධ වර්ගයන්ට අයත් මසුන් වර්ග විශාල ප්‍රමාණයක් මිය ගොස් ගොඩ ගසා ඇති අතරම ඒ අතර කැස්බෑවන් ද සිටින බවට මන්නාරම් ධීවර සමිති විසින් පෙන්වා දෙයි.

එමෙන්ම මන්නාරම් ධීවරයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ සිට ගසාගෙන එන ලද අපද්‍රව්‍යන්හි විෂකාරකයන් හේතුවෙන් මන්නාරම් මුහුදේ මසුන් ඇල්ලීමද අවදානම් ව පවතින අතරම අපද්‍රව්‍යයන් හේතුවෙන් ඇති වී තිබෙන පාරසරික ගැටලු හේතුවෙන් ධීවර වාඩිවල ජීවත්වීම ද අවධානම් තත්වයක පවතින බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka