gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුල්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් උතුරේ කාන්තාවන්ට හිරිහැර

උතුරේ කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දුන් මූල්‍ය ආයතන වල නිලධාරීන්ගෙන් මේ දිනවල  තමන්ට විවිධ හිරිහැර සිදුවන බව උතුරේ කාන්තාවෝ කියා සිටිති.

විවිධ මූල‍ය ආයතන මගින් උතුරේ කාන්තාවන් විසින් ලබාගෙන ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරින බවට රජය ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමගම අදාල මූල්‍ය ආයතන නිවෙස් වලට පැමිණ කාන්තාවන් බියකොට මුදල් ඉල්ලා සිටින බවට උතුරේ ප්‍රාදේශීය
ලේකම්වරුන්ට කාන්තා සංවිධාන වලින් පැමිණිලි ලැබී තිබේ.

එම ණය පහසුකම් ලබාගෙන ඇති කාන්තාවන් ණය මුදල් වලින් විශාල කොටසක් පියවා ඇතත් මූල්‍ය සමාගම් වල නියෝජිතයින් කාන්තාවන්ව අධිකරණ වලට හා පොලීසිවලට රැගෙන යන බවට බිය කරමින් මුදල් ඉල්ලා සිටීමට පටන් ගෙන ඇති බව එම් අපැමිණිලි වල සදහන් වේ.

මේ දිනවල කාන්තාවන් සොයා පැමිණෙන මූල්‍ය සමාගම් වල නියෝජිතයින්  මුදල් ගෙවන තුරු ආපසු නොයන බව කියමින් නිවෙස් වල හා කාන්තාවන් විසින් සුළු ව්‍යාපාර කරණ ස්ථානවලට  වී රාත්‍රිය වන තුරුම රැදී සිටින්නට පටන්ගෙන තිබේ.

මේ තත්ත්වය නිසා ඔවුන්ගේ පවුල්වල විශාල ගැටළු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව කියන එම කාන්තාවෝ මේ තත්ත්වය මත තවත් කාන්තාවන් කීපදෙනෙකු සියදිවි හානි කරගැනීමට පෙර මේ ප්‍රශ්නයට විසදුමක් ලබාදෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඉදිරිපත් කළ ලිපියේ සදහන් වෙයි.

මූල්‍ය සමාගම් වලින් උතුරේ කාන්තාවන් විසින් ලබාගත් ණය මුදල් කපාහරින ලද බවට රජය ජනමාධ්‍ය ඔස්සේ පමණක් ප්‍රකාශයක් නිකුත් කොට උතුරේ පරිපාලන නිලධාරීන්ව දැණුවත් නොකිරීම නිසා මෙවැනි තත්වයක් උද්ගත වී ඇතැයි කාන්තාවෝ කියා සිටිති.

මේ නිසා නිලධාරීන්ව දැණුවත් කොට තමන්ට සහනයක් සලසා දෙන මෙන් උතුරේ කාන්තාවන් රජයෙන් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් මැදිහත්වී ඔවුන්ට සහනයක් සලසා දෙන මෙන් ප්‍රාදේශීය ලේක්ම්වරුන්ට ලියන ලද ලිපියේ සදහන් කොට තිබේ.

මේ අතර උතුරේ කාන්තාවන් කියා සිටින්නේ තවත් මූල්‍ය ආයතන කීපයක් තමන්ගෙන් ක්ෂුද්‍ර ණය මුදල් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිමින් මූල්‍ය ආයතන කීපයක්ම තමන්ගේ ගම්මාන වලට පැමිණෙන බවයි.

(දිනසේන රතුගමගේ)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka