gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතාලියේ වීදියක ලාංකිකයෙකු අවසන් ගමන් යයි

ඉතාලියේ නාපෝලි නගරයේ රැකියාවක නිරතව සිටි ශ්‍රී ලාංකිකයෙකු හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි එරට ආරංචිමාර්ග පවසනවා.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ වෙන්නප්පුව, බොරලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්. මෙරිල් ශාන්ත නමැති 52 හැවිරිදි තිදරු පියෙක්.

අදාළ පුද්ගලයා පසුගිය 18 දා බරපතළ තුවාල සහිතව
නාපෝලි නගරේ මාර්ගයක වැටී සිටිය දී හමුව ඇති අතර පසුව ඔහු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි නාපොලි ආරංචිමාර්ග සඳහන් කරනවා.

මොහු වසර 25ක පමණ කාලයක සිට ඉතාලියේ රැකියාව කරමින් සිය බිරිඳ හා දරුවන් ද සමග ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මරණය මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටීමෙන් සිදු වූවක්ද, නැතහොත් පහරදීමක්ද යන්න අනාවරණය කර ගැනීමට නාපෝලි නාගරික පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නාපොලි නගරයේ විවිධ ස්වදේශික මැර කණ්ඩායම් ක්‍රියාත්මක වන අතර, එරට ජීවත් වන විදේශිකයන් එම කණ්ඩායම්වල ප්‍රහාරයට ලක්වන බව ද සඳහන්.

මොහු ද එලෙස ප්‍රහාරයකට ලක්වූවාද යන්න සොයා පරීක්ෂණ සිදු කරන බවයි එරටින් ලැබෙන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka