gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන්ට පණිවුඩයක්

විදෙස් ගතවන ලාංකිකයන් ඒ සඳහා ඉදිරිපත් කළ යුතු අනිවාර්ය ලේඛනයන්හි සත්‍යතාව තහවුරුකර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය ‌ලේකම් කාර්යාලයේ දී කරගැනීමට හැකිවන ''ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපනය''  වැඩසටහන සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ''ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපනය" වැඩසටහන දීප ව්‍යාප්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332හි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය මඟින් සම්බන්ධ කිරීමෙන් මහජනතාවට කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයට නොපැමිණ ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිය ලිපි ලේඛන සත්‍යාපන අවශ්‍යතා ඉටුකර ගැනීමට ඉඩ සැලසෙනු ඇති.

මෙම අවශ්‍යතා ඉටුකර ගැනීමට දැනට යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය වෙත යන උතුරු පළාතේ මහජනතාවටද එම කාර්යාලයට නොයා තමන්ට ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිය ලිපිලේඛන සත්‍යාපනය කරගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මෙම නියමු ව්‍යාපෘතිය සඳහා කැනේඩියානු රජය ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය හරහා රුපියල් ලක්ෂ 68ක් වටිනා උපකරණ ප්‍රදානය කොට තිබෙනවා.

මෙම අවස්ථාවට එක් වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉලෙක්ට්‍රොනික ලේඛන සත්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සහය ලබාදෙන ලෙස සියලු දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka