gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රිවිධ හමුදාව ආගමන විගමන නීතියට උඩින් !

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට දැනුම් නොදී විදේශගත වීම සඳහා බලයක් ත්‍රිවිධ හමුදා නියෝජනය කරන බලධාරීන්ට ඇති බව ආගමන විගමන පාලක ජෙනරාල් නිහාල් රණසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ නාවික හමුදාවේ නෞකාවන් හරහා විදේශගත වන පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ආගමන විගමන පාලක ජෙනරාල්වරයාට
ලැබෙනවාද යන්න පිළිබඳව කළ විමසීමකදීය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අධිකාරි බලයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයටද ඇති බවය.

මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය කමාන්ඩර් දිනේෂ් බණ්ඩාරගෙන් විමසූ විට පැවසුවේ තමා ඒ පිළිබඳ පෞද්ගලිකව නොදන්නා බවත්, ආගමන විගමන කටයුතු පිළිබඳ දත්ත කටයුතු සඳහා නාවික හමුදාවේ වෙනම අංශයක් ක්‍රියාත්මක වන බවත්ය.

එම අංශය විසින් ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයාට තොරතුරු ලබාදෙන්නේදැයි තමා නොදන්නා බවද ඔහු කීය.

(අනිද්දා)




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka