කථානායක කරු ජයසුරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අද (26) දින කොරියානු සංචාරයක් සඳහා රටින් පිටව යන්නේ යැයි දයාසිරි ජයසේකර පැවසූ බව මාධ්‍ය වාර්තා කරනවා.
මෙම කොරියානු සංචාරය පිළිබඳව එම පුවත් වෙබ් අඩවියක් කළ විමසීමක දී දයාසිරි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ කොරියානු මිත්‍රත්ව සංගමය
සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවකට සහභාගී වීම සඳහා තමන් ඇතුළු පිරිස නික්ම යන බවයි.
කොරියානු ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සාමාජිකයන් ලෙස දයා ගමගේත් වෙල්ගම මන්ත්‍රීවරයාත් මෙම සංචාරයට එකතුවන අතර කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙසත් තමන් කොරියානු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙසත් මිට සහභාගී වන බවයි දයාසිරි මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ.
වෙල්ගම, කරූ, දයා සහ දයාසිරි එකට රට යයි
2018-08-26T10:32:00+05:30
Gossip Lanka Hot News
slide|