gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගමැතිගේ කමිටු වාර්තාව ඔක්තෝබර් නම් ඡන්දය ජනවාරියේ

පළාත්  සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිං මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගලකමිටුවක් පත්කිරීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කර තිබේ.

මෙම කමිටුව ඉදිරියේදී නම් කිරීමට නියමිත අතර මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ
දේශපාලඥයින් නොවන අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්ය.

පළාත් කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවට ඊයේ පාර්ලිමේන්තුවේදී අනුමැතිය නොලද හෙයින් ව්‍යවස්ථානුකූලව කථානායකවරයා විසින් පනතේ 4(12) වගන්තිය අනුව පියවර ගනු ලැබිය යුතුය.

මේ පළිබඳව ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

කථානායකවරයාගේ ප්‍රකාශ කර ඇත්තේ කිසිම හේතුවකින් පළාත් සභා මැතිවරණය කල් නොදැමිය යුතු බවයි. පක්ෂ නායකයින්ට අමතරව කථානායකවරයා විසින් මැතිවරණ කොමිසම් සභාපති හා සීමා නිර්ණ කොමිසම් සභාපතිවරුන් සමගද ඉක්මන් මැතිවරණයක් සඳහා දීර්ඝ ලෙස අදහස් හුවමාරු  කර ගත් බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්  නම් කරන කමිටුව අදාළ නිර්දේශ ඔක්තෝබර් මැද වන විට ලබා දෙන්නේ නම්, 2018 ජනවාරි මස පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බවට අදාළ පාර්ශව එකඟ  වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka