gossip lanka

කිලිනොච්චියේදී කොටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට

කිළිනොච්චිය ශාන්තපුරම් ප්‍රදේශයේ අටවන වීදියේ නිවසක සැගවී සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවකු ඊයේ (22) උදෑසන පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගන්නා ලද්දේ මුලතිව්, ඔඩ්ඩුසුඩාන් හිදී පසුගිය ජූනි මස 22 දා එල්.ටී.ටී.ඇදුම්, කොඩි හා යුද උපකරණ තොගයක් සමග අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ලැබුණු
තොරතුරු වලට අනුව බව පොලීසිය කියයි.

දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම එල්.ටී.ටී.ඊ.සැකකරුද රජයේ පුනරුත්ථාපනයට හසු නොවූ සාමාජිකයෙකු බවට තොරතුරු වාර්තාවේ.

කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ ඇදුම් සමග අත් අඩංගුවට පත් පිරිසගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී මේ වන විට පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඊයේ  උදෑසන කිළිනොච්චියේ ශාන්තපුරම් ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් පුද්ගලයාත් සමග සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් මුළු පිරිස 6ක් වනවා.

මුලතිව්, ඔඩ්ඩුසුඩාන් හා කිළිනොච්චි යන පොලිස් ස්ථාන ත්‍රස්ත මර්ධන ඒකකයේ නිලධාරීන් මේ පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

gossip lanka