gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කරුංකා හා ගම්මිරිස් රට පටවන්න යළි අවසර දෙයි !

ජාවාරමක් වශයෙන් හඳුනාගෙන නවතා දමනු ලැබූ කරුංකා හා ගම්මිරිස් අපයනයට කැබිනට් මණ්ඩලය විසින් යළි අවසර ලබාදී ඇතැයි වාර්තා වේ.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා විසින් කළ ඉල්ලීමක් අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවද පැවසේ.

කරුංකා අපනයනයට මුදල් අමාත්‍යවරයා තහනමක්
පැනවූයේ අපනයන අවශ්‍යතාව සඳහා තාවකාලික ආනයනය වශයෙන් සඳහන් කර (ටීෆ් බලපත්‍ර යටතේ) කරුංකා හා ගම්මිරිස් ආනයනය කර එම ද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදන වශයෙන් හඳුන්වා ඉන්දු- ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ඉන්දියාවට අපනයනය කිරීම නිසාය.

මේ සඳහා තත්ත්වය හේතුවෙන් ඉන්දියාවෙන් විශාල විරෝධයක් එල්ලවී තිබිණි.

ඊට අමතරව ආනයනික කරුංකා හා ගම්මිරිස් දේශීය වෙළෙඳපොළට එකතුවීම නිසා ශ්‍රී ලංකාවේ කරුංකා හා ගම්මිරිස් වගාකරුවන්ට වෙළෙඳපොළ තුළ තිබූ මිල පහළයාමක්ද සිදුවිය.

කරුංකා හා ගම්මිරිස් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම සඳහා වූ ටීෆ් බලපත්‍ර සමාගම් කිහිපයකට පමණක් හිමිව තිබෙන අතර ඉන් ප්‍රධානතම සමාගම වන්නේ වයඹ ට්‍රේඩර්ස් සමාගමයි.

මේ සමාගම සදිකින් නැමැති ව්‍යාපාරිකයකු විසින් පවත්වාගෙන යන්නක් වන අතර ඔහු මේ සමාගමට අමතරව වෙනත් සමාගම්වල නම් යොදවා ටීෆ් බලපත්‍ර රැගෙන එම අපනයනයේ පූර්ණ ඒකාධිකාරිය පවත්වාගෙන යන බවද පැවසේ.

එසේම ඔහුගේ අදාළ වංචාකාරී ක්‍රියාවන්ට පසුගිය සමයේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ සහය ලැබුණු බවට ද මාධ්‍ය වාර්තා පලව තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka