gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උද්ඝෝෂණ මර්ධනයට අලුත්ම බඩු තොගයක් පොලීසියට

මෙරට සිදුවන විරෝධතා උද්ඝෝෂණ මර්දනයට පොලිසිය දැනට ගබඩා කර තිබෙන කඳුළු ගෑස් උණ්ඩ තොගවලට අමතරව තවත් කඳුළු ගෑස් උණ්ඩ පන්දහසක් පමණ ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම කඳුළු ගෑස් උණ්ඩවලට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවේ සැපයුම් අංශය මගින් පොලිස් නිලධාරීන්ට අවශ්‍ය මුහුණ ආවරණය වෙන ආකාරයේ අලුත්ම හෙල්මට්‌ වර්ගයක්‌ මෑතකදී
චීනයෙන් ගෙන්වා ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ජාතික පුවත්පතක් වෙත අනාවරණය කර ඇත්තේ.

මීට අමතරව මෙතෙක්‌ කලක්‌ පරිහරණය කළ ලීයෙන් තනන ලද බැටන් පොලු වෙනුවට රබර් බැට්‌න් 2000 ක්‌ද ගෙන්වූ බව පොලිසිය පවසනවා.

රට පුරා තැනින් තැන සිදුකරන මහජන උද්ඝෝෂණ මෙන්ම නීති විරෝධී ආකාරයෙන් සිදුකරන උද්ඝෝෂණ මර්දනයට හිඟ නොවන අයුරින් කඳුළු ගෑස්‌, රබර් බැට්‌න් පොලු සහ හෙල්මට්‌ මෙසේ ගෙන්වා ගත් බවයි පොලිසිය පෙන්වාදෙන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka