gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඹුරේ තිබූ කාන්තා මළ සිරුර ඥාතීන් හඳුනගනී (PHOTOS)

කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක තිබි සොයාගත් කාන්තා මළ සිරුර ඊයේ (29) සවස හඳුනාගෙන තිබෙනවා.

ඒ මියගිය කාන්තාවගේ ඥාතීන් විසින්.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ මාන්කුලම, මුරුකණ්ඩි, වසන්තනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක්දරු මවක් වන කරුපයියා නිත්‍යකලා නැමැති
කාන්තාවක් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව මියගිය කාන්තාවගේ පියා හා සහෝදරයා විසින් හඳුනාගත් බවයි.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට යාපනය රෝහල වෙත යොමු කළ බවද පොලිසිය පැවසුවා.

පොලිසිය වැඩි දුරටත් පැවසූවේ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගිය පිරිසක් අදාළ කාන්තාවගේ මළ සිරුර දැක ඇති අතර, අනතුරුව පොලිසිය දැනුවත් කොට තිබූ බවයි.

ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ කාන්තාවගේ මරණය සැක සහිත වන අතර, ඇයව කිසියම් පිරිසක් ඝාතනයට ලක්කොට ඇති බවට සැක කරන බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka