gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙවුන්දර ‘කළණ’ගේ තවත් රහසක් හෙළිවෙයි

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දැඩි වධ හිංසා විදිමින් සිටි කළණ හස්තියා දේවාලයට පැවරීමට අදාළ සන්නස් පත්‍රය ඇතුළු සියලු ලිපිලේඛන අතුරුදන් වී ඇතැයි දේවාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

1989 වසරේදී ජනපති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සන්නස් පත්‍රයක් මගින් කළණ හස්තියා
මේ දේවාලයට භාර දී තිබෙනවා.

එම වසරේ සිට 2018 වසර දක්වා හස්තියාට අදාළව දේවාලයේ පැවතිය යුතු සෞඛ්‍ය වාර්තා ඇතුළු සියලු ලිපි ලේඛන අතුරුදන්ව තිබීම බරපතළ කරුණක් බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිවේදීන් පවසන්නේ දේවාලයට භාර කළ හස්තියාට අදාළ ලිපිලේඛන නිසිපරිදි නඩත්තු නොකිරීම පිළිබඳව දේවාලයේ බස්නායක නිලමේවරයා ඇතුළු බලධාරීන් වගකිව යුතු බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka