gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ ස්ථාන දෙකකින් කොටි සැගවූ මෝටාර් උණ්ඩ හමුවෙයි (PHOTOS)

යාපනය නෙල්ලියඩි හා කයිට්ස් පොලිස් වසම්හි යුද සමයේදී කොටි සංවිධානය විසින් සගවා තබන ලද මෝටාර් උණ්ඩ 11 ක් වලදමා තිබියදී සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කියා සිටියහ.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව නෙල්ලියඩි තුන්නාලෙයි නැගෙනහිර  ප්‍රදේශයේ මෝටාර් උණ්ඩ 5 ක් වලදමා තිබියදී පෙරේදා (25) දින සොයාගෙන ඇති
අතර පසුව ලැබුනු තොරතුරකට අනුව ඊයේ දින කයිට්ස් ප්‍රදේශයන්හි කැලෑවක වලදමා තිබූ මෝටාර් උණ්ඩ 6 ක්ද පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් සොයාගනු ලැබීය.

යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව අදාල මෝටාර් උණ්ඩ නිශ්ක්‍රීය කිරීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට නියෝග කර ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka