gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඉන්දියාවේ මත්ද්‍රව්‍ය වඩමරච්චියෙන් මෙරටට" - ධීවර සංගමයෙන් හෙළිදරව්වක්

ඉන්දියාව හරහා උතුරට පැමිණෙන මත්ද්‍රව්‍ය වලින් විශාල ප්‍රමාණයක්  ගොඩබෑම් සිදු වන්නේ යාපනයේ වඩමරච්චි මුහුදු තීරයෙන් බව යාපනයේ වඩමරච්චි ධීවර සංගමයේ සභාපති පී මුරලි  යාපනයේදී කියා සිටියේය.

වඩමරච්චි පළාතේ ධීවරයින් මුහුණ දෙන ප්‍රශ්න පිළිබදව සාකච්ඡා කිරීම සදහා යාපනයේ මාධ්‍ය සමාජයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

වඩමරච්චි ප්‍රදේශයේ කිසිම ධීවර සමීතියක
සාමාජිකත්වය ලබානොගෙන බලහත්කාරයෙන් මේ පළාතේ ධීවර කටයුතු වල නිරත ධීවරයෝ  මේ ක්‍රියාවට සම්බන්ධ බව වඩමරච්චි ධීවර සංගමයේ සභාපතිවරයා කියා සිටියි.

වඩමරච්චි පළාත්ට පිටින් පැමිණ ධීවර රැකියාව කරමින් ඔවුන් නිරතව සිටින්නේ මේ මත්ද්‍රව‍ය ජාවාරමේ බවටද සභාපතිවරයා චෝදනා කරයි.

බලහත්කාරයෙන් පැමිණ සිටින මේ ධීවරයින්ව ඉවත් කරණ ලෙස තම ධීවර සංගමය දැනට වසරක කාලයක සිට රජයටත් ධීවර බලධාරීන්ටත් බලකොට සිටින නමුත් ඒ බලහත්කාර ධීවරයින්ට  දේශපාලානඥයින්ගේ රැකවරණය හා ආරක්ෂාව ලැබෙන නිසා මේ ප්‍රශ්නය නොවිසෙදන බවද වඩමරච්චි ධීවර සංගමයේ සභාපතිවරයා කියා සිටියි.

(දිනසේන රතුගමගේ)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka