අලුත උපන් බබාලා සහ අම්මලා සිටින වාට්ටුවට කොන්ක්‍රීට් මිශ්‍රණ වැටෙයි!

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉදි කරමින් පවතින සිව්මහල් ගොඩනැඟිල්ලට කොන්ක්‍රීට් මිශ්‍රණ පොම්ප කරමින් තිබුණු යන්ත්‍රයක බටයක් ඊයේ (30) පුපුරායෑමෙන් කොන්ක්‍රීට් මිශ්‍රණ අලුත උපන් බිලිඳුන් සහ මව්වරුන් සිටින රෝහල් වාට්ටුවක වහලය ද කඩාගෙන ඇඳන් මතට වැටී තිබේ.

රෝහලේ 15 වාට්ටුවේ සිවිලිම ද කඩාගෙන මේ කොන්ක්‍රීට් මිශ්‍රණ ඇඟට වැටීමෙන් මව්වරුන් තිදෙනෙක්, සිඟිත්තන් පස්දෙනෙක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවක් තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි. පෙරවරු 10.00ට පමණ අනතුර සිදු වී තිබෙන අතර 15 වාට්ටුවේ සිටින්නේ දරු ප්‍රසූතියෙන් පසු දරුවන් සමඟ සිටින මව්වරුන් සහ දරුවන්ය.රෝහලේ සිටි සේවක සේවිකාවන් සහ වෛද්‍යවරු වහා ක්‍රියාත්මක වී කොන්ක්‍රීට්වලින් නැහැවුණු බිලිඳුන් සහ මව්වරුන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. වාට්ටුවේ සිටි අනෙක් මව්වරුන් සහ සිඟිත්තන් වෙනත් වාට්ටුවකට යොමු කර ඇත.

තෙවැනි තරගයේ ජයත් ඉන්දියාවට : ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්!

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලියේ ඊයේ (30) පැවති අවසන් තරගයේ ජය හිමිකරගැනීමටත් ඉන්දියාව සමත් වුණා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමික‍රගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී තිබියදී ලකුණු 137ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එහිදී ඉන්දීය කණ්ඩායමේ, Yashasvi Jaiswal ලකුණු 10ක්ද, නායක Suryakumar Yadav ලකුණු 08ක්ද, Shubman Gill ලකුණු 39ක්ද, Riyan Parag ලකුණු 26ක්ද, Washington Sundar ලකුණු 25ක්ද, රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ Maheesh Theekshana කඩුළු 03ක්ද, Wanindu Hasaranga කඩුළු 02 ක්ද, Chamindu Wickramasinghe, Asitha Fernando, Ramesh Mendis එක කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 138ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 137ක් ලබා ගැනීම හේතුවෙන් තරගය සුපිරි පන්දුවාරයක් කරා යොමු කෙරුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 26ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 43ක්ද, කුසල් පෙරේරා ලකුණු 46ක්ද, වනිඳු හසරංග ලකුණු 03ක්ද, චරිත් අසලංක ලකුණු කිසිවක් නොලබාද, රමේෂ් මෙන්ඩිස් ලකුණු 03ක්ද රැස් කර ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ Ravi Bishnoi, Rinku Singh, Washington Sundar සහ Suryakumar Yadav කඩුළු 02 බැගින් දවා ගැනීමට සමත් වුණා.

සුපිරි පන්දුවාරයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02ක් දැවී යාම හේතුවෙන් පන්දු වාරය පන්දු තුනකට පමණක් සීමා වූ අතර ලකුණු 02ක් පමණක් රැස් කරගනු ලැබුවා.

අනතුරුව පිළිතුරු ඉනිම හඹාගිය ඉන්දීය කණ්ඩායම එක් පන්දුවක් පමණක් වැය කරමින් ලකුණු 04ක් ලබා ගනිමින් තෙවැනි තරගය මෙන්ම සමස්ත තරගාවලියම ජයග්‍රාහණය කිරීමට සමත් වුණා.

සුපුරුදු පරිදි තෙවැනි තරගයත් පරාජය වු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරගය නැරඹීම සඳහා පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ගේ එල්ල වූයේ දැඩි විරෝධයක්.

මාලිමාවට සපෝට් කරන මුනුපුරා සජිත්ට ඡන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්න අත්තම්මාගේ අයිඩෙන්ටි කාඩ් එක පෙට්‍රල් දාලා ගිනි තියන්න හදලා!

81 හැවිරිදි සිය මිත්තණිය එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි යන සැකය මත ඇගේ ජාතික හැඳුනුම්පත විනාශ කිරීමට උත්සාහ කළ 21 හැවිරිදි තරුණයකු පිළිබඳ ඇඹිලිපිටියෙන් වාර්තා වේ. 

සාමාන්‍ය පෙළ විභාගය අසමත් වීම නිසා රැකියා විරහිතව පසුවන මෙම තරුණයා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රා. සභා මන්ත්‍රීවරයකුට අයත් කොහු මෝලකය රැකියාව කරමින් සිට ඇති අතර, 2019 වර්ෂයේ ජනාධිපතිවරණය සමයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකට අත්අඩංගුවටද පත්වූවකු බව වාර්තා වේ.

පසුගිය අරගල සමයෙන් පසුව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයකු බවට පත්ව ඇති මෙම තරුණයා සිය මිත්තණියගේ දේශපාලන මතයන් සමග දැඩි ආරෝවකින් පසුවන බව අනාවරණ වී ඇත.

ඉකුත්දා ඔහු සිය මිත්තණියගේ ජාතික හැඳුනුම්පත පෙට්‍රල් දමා විනාශ කිරීමට ගිය අවස්ථාවේදී ඇය විසින් එය දැක කෑගසා උදව් ඉල්ලා තිබෙන අතර, ප්‍රදේශවාසීන් පැමිණ තරුණයාට පහරදී ජාතික හැඳුනුම්පත බේරාගෙන මිත්තණිය වෙත ලබාදී තිබේ.

තරුණයාගේ පියා හදිසි අනතුරකින් මියගොස් ඇති අතර, මව වෙනත් විවාහයක් කරගෙන විදේශගතව සිටින බවයි වාර්තා වන්නේ. කුඩා කල සිටම මිත්තණිය විසින් මෙම තරුණයා රැකබලාගෙන ඇති අතර, ඇයගේ සැමියා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කර ඇති අතර, 1989දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහු ඝාතනය කර තිබේ.

ලංකාදීප

පවුරක් මෙන් ඇයව රැකි ආදරණීය හිතක්.. ඉතින් සුබ පතන්නේ නැතුව ඉන්නේ කොහොමද..?

මේ ලෝකෙ තවත් එක් ලස්සන ආදර කතාවක් හිමිවුණේ ඇයට..

මං හිතන්නේ එහෙම කිව්වොත් ශලනි තාරකාට ආදරේ කරන හැමෝම ඒ කතාවට එකඟ වේවි...

දහසකුත් බාධා මැද්දේ ගලා ගිය ජීවිතයට වසන්තය උදා වෙන්නේ නිහත නිසා.. දැන් ඇය ගොඩක් සතුටෙන්.. ඒ වගේම සැහැල්ලුවෙන්..

ශලනිගේ ලෝකයම හැඩකර මේ අපූරු පුද්ගලයා ගැන බොහෝ දෙනෙක් ඒ තරම් නොදන්නවා වුණත් ඔහු හරිම ආදරණීය චරිතයක්...

ඉතින් අද නිහතගේ උපන්දිනය... ශලනි ඔහු වෙනුවෙන් ආදරණීය සුභපැතුමක් එක් නොකර කොහොමද..?

ඇගේ ඒ පිවිතුරු ප්‍රේමය වෙනුවෙන් ඇගේ ආදරණීය සැමියාට මෙන්න මේ වගේ උපන්දින සුභ පැතුමක් එක් කරලා තිබුණා...

නාමල් – රුවන්ති ආදරණීය දියණියගේ විවාහයේ තවත් ලස්සන දවසක් මෙන්න (PHOTOS)

රසංග වේදිකාවේ සිහින කුමරු වූ ඔහු, බොහෝම කෙටි කාලයකින් රසිකයින් උමතු කළ ගායන ශිල්පියා බවට පත්වුණා.

එය කොතරම් උන්මාදයක්ද කිව්වොත්, ඔහුව අනුකරණය කරපු, ඔහුගේ කොණ්ඩා මෝස්තර පවා සොරකම් කළ පිරිස් ද නොසිටියා නොවේ.

කාලයක් අසනීපව හිටියා වුණත්, දැන් නැවත වතාවක් නාමල් කරළියට ඇවිත්.

ආදරණීය දියණිය දැහැමි උඩුගම අද ‍යුගදිවියට එළඹිලා.

ඇගේ මේ විශේෂ දවස එන්න ප්‍රථමයෙන් මේ හැඩකාර යුවතිය ඇගේ bride to be party එක පසුගිය දවසක පවත්වලා තිබුණා.

උඩරට මනාලියක් විදිහට විවාහ දිනය දවසේ හැඩවුණ මේ යුවලගේ විවාහය ගැන කලා ලෝකයේ බොහෝ දෙනෙක් කතා කළා.

මෙන්න ඉතින් දෙවැනි ගමනට ආයෙමත් ලස්සනට හැඩවුණ දැහැමි මේ විදිහට කොහොමද බලන්නකෝ.

ඉන්දියානු පන්නයට හැඩවුණු ඇය ඇත්තටම බොලිවුඩ් නිලියක් තරමටම ලස්සනයි නේද? 

''මෙහෙම පුංචි බලු ළමයි ඉන්නවා දැක්කොත්, මම දාලා නම් එන්නෙ නෑ. උස්සන් එනවා...'' - මහමග අතහැර ගිය බලු පැටව් බෑග් එකේම දාගෙන ගෙදර අරන් ගිය පියුමි හංසමාලි

විවිධ වූ හේතු කාරණා එක්ක නිතර කතාබහට ලක්වන අතිශය ජනප්‍රිය චරිතයකි, පියුමි හංසමාලි.

එහෙම ඇය ගැන කෙරෙන කතාබහේදී වඩාත් වැදගත් තැනක් ලැබෙන කාරණාවක් තමයි 'පියුමි සතු අසීමිත සත්ත්ව කරුණාව'

ඊට උදාහරණ ඕනෑ තරම් ඇයගේ සමාජ මාධ්‍ය වේදිකාවන් තුළින් දකින්න ලැබෙනවා.

මේ කතාවත් එහෙම එකක්.

කැලණි පාලම උඩ උන්නු බලු පැටව් දෙන්නෙක්ව, පියුමි එයාගේ බෑග් එකේම දාගෙන ගෙදර අරන් ගිහින්.

කිසිත් නොදත් අහිංසකයින් පාරක අතෑරලා යන කාටත් ඇය මේ දෙන ආදර්ශය නම්, සුළුපටු එකක් නෙවෙයි...

''මෙයාලා දෙන්නා හිටියෙ කැලණි පාලම උඩ. අනේ කවුද දාලා ගිහින් දෙවියනේ.

මම දැක්ක ගමන් අරන් දාගාත්තා jeep එකට. එතන හිටියා නම් ඇලට ⁣වැටෙනවා. එක්කෝ වාහනෙකට යට වෙනවා.

මම හොරෙන් බෑග් එකේ දාගෙන apartment එකට අරන් යන්න ලෑස්ති වුණේ.

මාත්තයා බැන්නා පිස්සුද අම්මලාගෙ ගෙදර තියලා, පස්සෙ එයාලට ගෙදරක් හොයමු කියලා.

මම මෙහෙම පුංචි බලු ළමයි ඉන්නවා දැක්කොත්.. මම දාලා නම් එන්නෙ නෑ. මම උස්සන් එනවා.

ඇවිල්ලා කන්න බොන්න දීලා. post එකක් දානවා කැමති අය ඇවිල්ලා අරන් යන්න කියලා.

මෙයාලා දැනට මගෙ අම්මගෙ ගෙදර ඉන්නවා.

ඒත් අම්මා එක්ක බෑ සත්තු හදන්න. අනේ හදන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න.

මම එයාලට බෙහෙත්වලට කන්න බොන්න හැම මාසෙම ඒ වියදම දෙන්නම්.

හැබැයි කූඩුවල දාන්න බෑ. ගෙදර ඇතුළෙ දරුවො වගේ ආදරෙන් හදන්න පුලුවන් නම් ගන්න නැත්තන් පවු.

එයාලත් ආසයි අපි වගේම අපිත් එක්කම එකට ඉන්න.

පුංචි ඉල්ලීමක් අනේ මෙහෙම පාරට දාන්න එපා.

මේ බලු ළමයිට අම්මත් නෑ කුක්කු බොන්න.

ඒ අම්මා දැන් කොච්චර දුක ඇතිද එයාගෙ දරුවො දෙන්නා ළඟ නෑ.

මේ වගේ පවුකාර වැඩ කරන්න එපා''

සුවහසක් ලාංකික ක්‍රිකට් පිස්සන්ට වසන්තය ගෙනා හැඩකාර අහිංසකී

හර්ෂිතා සමරවික්‍රම කීවහම අපේ ක්‍රිකට් රසිකයින් නම් නොදන්නවා වෙන්න බෑ.

ඒ තරම් ඇයට ලාංකික ක්‍රිකට් රසිකයින් ආදරය කරනවා.

ඊයේ (29) 20-20 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ජය ගත්තා.

ඒ කඩුළු 08කින් ඉන්දියාව පරාජයට පත් කරමින්.

ඉතින් අපිට ජයග්‍රහණය කරන්න ලකුණු 05ක් තිබිය දී 6 පහරකින් පිටියම රත් කළ කෙනා තමයි හර්ෂිතා සමරවික්‍රම කියන්නේ.

ඒ වගෙම ආසියානු කුසලාන කාන්තා අවසාන මහා තරඟයේ වීරයා වන්නේ ද ඇයයි.

කොහොම නමුත් ඇය මේ ගැන කියා සිටියේ මෙවැන්නකී,

“පන්දු රැකීමෙ දී උඩ පන්දු දෙකක් මගේ අතින් ගිලිහී ගියා.. මම හිතා ගත්තා ඉන්දියාව ලකුනු කීයක් ගැහුවත් මම ඒ ලකුණු ගාන ගහනවා කියලා” 

''මම කිමෝ තෙරපි කරනවා දැන් මාස ගාණක ඉදන්. මම කොච්චර හොඳට නැටුවත් හරි අමාරුයි...'': ටික්ටොක් ඇවිත් නටන 'කඩේ මුදලාලි මහත්තයාගේ' කවුරුත් නොදත් සංවේදී කතාව

සමාජ මාධ්‍ය කියන්නෙ බොහෝමයක් දක්ෂතා ලෝකෙටම පෙන්වන්න පුළුවන් 'හොඳ වේදිකාවක්'

එහි භාවිතය ගැන යම් යම් ගැටළු තිබුණත්, අපි දකිනවා තමන්ගේ හැකියාවන් ඔපමට්ටම් කරගන්න බහුතරයක් පිරිස උත්සාහ ගන්නා අන්දම.

එවන් දක්ෂයෙකි, ටික්ටොක් තුළින් කාගෙත් කතාබහට ලක්වන ශිරාන් සංජීව.

ඔහු දක්ෂතා දක්වන්නේ නර්තනය තුළින්. සාම්ප්‍රදායික නර්තනය සේම අනෙකුත් නර්තනාංග ද මැනවින් පුරුදු පුහුණු කළ ඔහු සැබවින් ම 'දක්ෂ නර්තන ශිල්පියෙක්'

සමාජ මාධ්‍යයේ ඔහු වඩාත් ප්‍රසිද්ධ 'නර්තනයේ යෙදෙන කඩේ මුදලාලි' හැටියට. ඊට හේතුව ශිරාන් තමන්ගේ නර්තන අංගයන් වැඩි හරියක් සමාජ මාධ්‍යයට එක්කාසු කරන්නේ තමන්ගේ වෙළඳසැල පසුබිම් කරගෙන වීම.

එහෙම නර්තනයේ යෙදෙන ඔහුගේ දක්ෂතාවය අගයන බහුතර පිරිස් අතරේ, යම් යම් විවේචන එල්ල කරන අය ද නැතුවාම නෙවෙයි.

එවන් විවේචන එල්ල කරන අයටත්, තමන්ගේ හැකියාවන් අගයන අයටත් ශිරාන් පහුගිය දවසක තමන්ගේ කතාව මේ විදියට කියලා තිබුණා.

''මම මේ නටන්න නම් නෙවෙයි ආවේ. ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න ආවේ.

මගෙ දැන් මේ වීඩියෝස් ටිකක් වයිරල් යන නිසා හරි ආදරේ පිරිස වැඩිවෙලා තියෙනවා.

ඒ ගොල්ලන්ට ලොකූ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ලොකු නෑ ඉතින්, එයාලට තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා මං ගැන.

ගොඩක් කට්ටිය අහනවා ඇයි මගෙ මේ අත් කළු වෙලා තියෙන්නෙ, ඇයි කැප් එක දාන්නෙ, පිරිසිදු නැද්ද... ඉතින් ඕවා අහනවා.

ඒ හැමෝටම දෙන්න තියෙන කෙටි උත්තරේ, මම කැමතිත් නෑ මේක හැමෝටම කියන්න. මම කැමති නෑ කවුරුත් මට අනුකම්පා කරනවට. මම කැමති මම ශක්තිමත්ව ඉන්න කැමති.

මම කිමෝ තෙරපි කරන පේෂන්ට් කෙනෙක්. කිමෝ තෙරපි කියන එක කවුරුත් දන්නවා. ඒක කැන්සර් පේෂන්ස්ලට දෙන්නෙ.

ඉතින් මම කිමෝ තෙරපි කරනවා දැන් මාස ගාණක වෙලේ ඉදන්.

මම දවස් දහයෙන් දහයට යන්න ඕනි මගේ ලේ පෙන්නන්න ඕනා. එතකොට මගේ බෙහෙත් ගන්න ඕනා. ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා.

මේ නියපොතු කළු වෙනවා ඒවලට. එතකොට කොණ්ඩා යනවා.

මම කොච්චර හොඳට නැටුවත් හරි අමාරුවෙන් තමා, සමහර වෙලාවට ඇවිදිනකොටත් හරි අමාරුයි. ඉතින් ඔහොම තමයි ඉන්නෙ.

රස්සාවට යන්නත් බැහැ දැන්. මට වැඩට යන්න එපා කියලා කිව්වා ට්‍රීට්මන්ට් ඉවර වෙනකල්.

හොඳ වෙලාවට මම ජොබ් එක කරනගමන් මමයි අම්මයි කඩේ දාගත්තා. ඒකෙන් තමයි මම දැන් යැපෙන්නෙ.

මට ලොකූ දේවල් කරන්න සල්ලි නෑ.

සමහර අය ෆෝන් එක ඔයාගෙ එච්චර කොලිටි නෑ අලුත් ෆෝන් එකක් ගන්න කියනවා. මට එහෙම ෆෝන් එකක් ගන්න දැන් වතාවරණයක් නෙවෙයි. එහෙම හැකියාවකුත් මට නැහැ.

මම මේක කියන්න වැඩිය කැමතිත් නෑ. මට ආදරේ කරන ගොඩක් අය දැන් හැදිලා තියෙනවා.

ඒගොල්ලො හැමතිස්සෙම මගෙන් අහන ප්‍රශ්නවලට තමා මේ උත්තර දුන්නෙ.

ඉතින් මම මේ කඩේ කරන්, චූටි ආදායමක් ලබාගෙන සතුටින් ජීවත් වෙනවා.

මම ඩාන්සර් කෙනෙක්. අවුරුදු 15ක් මම වැඩ කරලා තියෙනවා ඩාන්සින්ග් ටීම්වල.

එතකොට මම අවුරුදු 13ක් පෞද්ගලික ආයතනයක වැඩ කරනවා.

ඒ සේරම නතර කරලා තියෙන්නෙ මේ ප්‍රශ්න හින්දා.

ඉතින් බලමු, හැමදේම වෙන්නෙ හොඳටයි....''

අජිත් මුතුකුමාරණ 99.9න් බේරුණු හැටි පළමුවරට හෙළි කරයි...!: ෆේස්බුක් සටහනකුත් තබලා

අරලියා මල" ගීතයෙන් රටක්ම දැන අදුනගත්, ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ කියන්නෙ කැසට් පටවලින් ආදායම් වාර්තා තැබූ අයෙක්.

ඒ වගේම අතිශය ජනප්‍රිය "සකුරා රේන්ජ්" සංගීත කණ්ඩායමේ නියමුවා වුණෙත් ඔහුයි. කාලයක් බස් අජිත් කියා ලේබල් ගැසුවත් ඔහුට ආදරේ කරන ප්‍රේක්ෂකයින් අඩු වුනේ නැහැ.

තවමත් ජනතාවගේ ආදරේ ලබන අජිත් යලි කතාබහට ලක් වුණේ ක්ලබ් වසන්ත නමැති පුද්ගලයා ඉලක්ක කර සිදු කරපු වෙඩි ප්‍රහාරයෙන් අජිත්ගේ පෙර බිරිඳ කේ.සුජීවා තුවාල ලබා රෝහල් ගත කිරීමත් සමඟයි.

පසුගිය 08 වැනිදා ටැටු මධ්‍යස්ථානයක් විවෘත කරන්න ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ, ගායන ශිල්පිනි කේ.සුජීවා සහ ඇයගේ සැමියා එක්ව සිටියා.

එම ස්ථානයට පැමිණි නාහඳුනන පුද්ගලයින් දෙදෙනෙක් සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් ක්ලබ් වසන්ත සහ කේ.සුජීවාගේ සැමියා මිය ගියා.

කෙසේ වෙතත් බරපතළ තුවාල ලැබූ කේ.සුජීවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර එහි දී ඇයට සැත්කම් කිහිපියක් සිදු කළ බව සඳහන්.

මේ වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වී ඇති බවත් ජාතික රෝහලෙන් පිටත්ව ගොස් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් තොරතුරු වාර්තා වනවා.

මේ වනවිට අජිත් මුතුකුමාරණ සිය ෆේස්බුක් ගිණුමේ මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.

“හැමෝම කියනවා 99.9 ලූ ගියේ 🙈.

ඒක අලුත් රේඩියෝ line එකක්ද වටේම කථා කරලා අහන මුකුත්ම නොදන්න මම 🙈🙈🙈🙈🙈.

දවස් ගානකට කලින් 🙏🙏.”

''අපිට හොඳම තාත්තා හදපු අපේ ආච්චි..'': ක්ලබ් වසන්තගේ දරුවන්, ආච්චි අම්මා ගැන කියන ආදරණීය කතාව

රටම කැළඹූ සිදුවීමකින් අනතුරුව සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත පසුගියදා අවසන් ගමන් ගියේ, කාටත් හිතන්න කාරණා රැසක් ඉතිරි කරලා.

තවමත් එහි උණුසුම මැකී ගිහින් නෑ.

ක්ලබ් වසන්ත කියන්නෙ වැඩිහරියක් ම සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ කාගෙත් හිත් දිනූ චරිතයක්.

සමාජ මාධ්‍ය නිසාම ඔහුට ආදරය කළ පිරිස බොහොම වැඩියි.

ක්ලබ් වසන්ත මියගියත්, ඔහුට ආදරේ කළ ඔහුට හිතවත් පිරිස් වෙනුවෙන් ම ඔහුගේ ෆේස්බුක් ගිණුම තවමත් යාවත්කාලීන කෙරෙනවා. ඒ ඔහුගේ දරුවන් විසින්.

මේ ආදරණීය සටහන සහ ඡායාරූප අපේ ඇස ගැටුණෙත් එලෙස කරන ලද ‍යාවත්කාලීන කිරීමකින්..

නයන් ඩෑට්ට වැඩිය යාළුවෝ නෑ...කවුරුත් කතා කළ නයන වාසුලගේ අවසන් කැමැත්ත කේ.සුජීවාගේ දුව අංජලි ප්‍රථම වරට හෙළිකරයි

නයන වාසුල කියලා කියන්නේ, මේ දවස්වල සමාජයේ වැඩියෙන් ම කතාබහට ලක් වන කෙනෙක්.

පසුගිය 08 වැනිදා අතුරුගිරිය පැත්තේ සිදු වුණ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වෙනවා.

ඊට පස්සේ ඒ පුද්ගලයා වෙන කවුරුත් නෙවෙයි, ගායන ශිල්පිනි කේ.සුජිවාගේ සැමියා කියලා අනාවරණ වෙනවා.

නයන වාසුල කියන්නේ මීට පෙර පැවිදි ජීවිතයක් ගත කළ කෙනෙක්.

ගම්පහ මහනාම හිමි ලෙසින් ප්‍රසිද්ධියට පත් වූ ඔහු කවි බණ කියන්න අති දක්ෂයෙක්.

එහෙම වුණත් නයන වාසුලව රවට්ටගෙන කේ. සුජීවා විවාහ කරගත් බව ඔහුගේ පැවිදි සමයේ මිතුරුන් චෝදනා කර තිබුණා.

ඒ විතරක් නෙවෙයි, නයනගේ බැංකු ගිණුමේ තිබුණ කෝටි 8කට වැඩි මුදලක් තිබූ බවත්, ඔහුගේ BMW වාහන කේ.සුජීවා සහ අංජලි රාජ්කුමාර් පරිහණය කළ බවත් චෝදනා එල්ල වුණා.

මේ සියලු චෝදනාවලට අංජලි රාජ්කුමාර් Youtube නාලිකාවකට අදහස් පළ කරමින් මෙලෙස පිළිතුරු ලබා දී තිබුණා.

එහි දී මළ සිරුර භාර නොගත්ත ප්‍රශ්නයටත් උත්තර දුන්නා.

“පළවැනි දවසේ ඇත්තටම යන්න බෑ, එතනින් එහා මුකුත් කරන්න බෑ. අම්මාගේ කන්සෙන්ට් එක ඕනි, අම්මා සර්ජරි එකේ.. අම්මා සර්ජරි එක ඉවර වුණාට රෑ ඩොක්ටර් අපිට තරයේ අවවාද කළා. අම්මා ඉන්න තත්ත්වයට උඩ, නයන් ඩෑඩ් නැතිවුණු එක දැනගන්න තියන්න එපා, පැය විසිහතරක් යනකන්.. ඩොක්ටර් කියනකන්ම ඉන්න කිව්වා.

අපිට අපේ හිතේ එයා තමයි තාත්තා.. තාත්තා කියලා වඳින්නෙත් අපි නයන් ඩෑඩ්ට.. නමුත් ඉතින් ඒ වෙලාවේ අපිට නීතිය අනුව යන්න වුණා. ඔය හංඟපු කතාව තියනවනේ.. ඒක ගැන මම කියන්නම්.. නයන් ඩෑඩ් නැතිවුණා. අම්මට වෙඩි වැදිලා තියනවා. මේ වගේ තත්ත්වයකදී හංඟපු කතාවක් කියන්නෙ කොහොමද.?

මෙච්චර දරුණු දෙයක් වෙලත් මිනිස්සු කියන දේවල් බලන්න... හාමුදුරුවරු, සමහරු සල්ලිවලට.. නයන් ඩෑඩ් දැන් නෑ, නමුත් එයාගේ අතීතය කොච්චර අදිනවද?

ඒ කතාව එළියට ගියේ නැති නිසාමයි එයාලා සතුටින් හිටියේ.. ඒක කියන නොකියන එක එයාලගේ තීරණයක්... නයන් ඩෑඩ්ට ගොඩක් යාලුවෝ නෑ, අම්මට කතා කරන්නෙ සුදු අම්මි කියලා.

අපි අවසන් කටයුතු කළෙත් එයා ආස විදිහට.. කවද හරි පාංශකූලය දෙන්නත් ඕනි චන්දිම හාමුදුරුයෝ කියලා නයන් ඩෑඩ් කියලා තිබුණේ, පැය 24ක් යන්නත් කලින් අයින් කරන්න කිව්ව එකත් නයන් ඩෑඩ් කිව්ව එකක්.

ඉතින් අම්මා කිව්වා, ඔයාලා ගිහින් ඒ දේවල් කරන්න කියලා. අම්මමයි කිව්වේ එයාට ෆුල්වයිට් අන්ඳන්න කියලා.. අපි දන් නෑ අපිත් එක්ක තියෙන තරහා මොකද්ද කියලා..

අපි හොරෙන් අවසන් කටයුතු කළේ නෑ, හර්ස් එක වුණත් දෙන්න පුළුවන් කියලා කිව්වේ හවස 5ට.. එහෙම කෝටි 8ක් අරන් ආවේ නෑ, එයා දැන් පණපිටින් නෑ, එයා ගිහිල්ලනේ. එයාට නිදහසේ ගිය තැන ඉන්න දෙන්න..“

අම්මා නැතිවෙලා අවුරුද්දක්! පිංකමක් කරගන්න සල්ලි නැතුව කන්න ගෙනා බත්පත කපුටන්ට දීලා මවට පිං පතපු අසරණ පුතෙක්!

මොහු නමින් පද්මනාදන්ය. මාගේ ආයතනයේ පුද්ගලික ආරක්ෂක නියාමකයකු වශයෙන් සේවය කරනු ලබයි. මොහු අහිංසක නිහතමානීව කටයුතු කරන අයෙකි. මොහු වේලක් පිරිමසා ගන්නේද ඉතා අසීරුවෙනි. වෙනදාට ආහාර වේල ඔහුගේ කුටියට වී සීරැවට ලබාගන්නා අතර, අද දින මා දුටුවේ වෙනම දර්ශනයකි. ඔහුගේ බත්පත කපුටන් වෙත පූජා කරන ආකාරයයි. මා ඒ දසුන ඔහුට නොපෙනෙන සේ ඡායාරූප ගතකළෙමි. පසුව මා ඔහුගෙන් විමසුවේ ‘ඇයි අද කන්න බැරිද’ කියාය. එවිට ඔහුගේ දෙනෙතින් කඳුළු රූරා වැටෙන්නට පටන් ගත්තේය. මා හටද එම දසුන දරාගත නොහැකි විය. ‘ඇයි නාදන් මොකද මේ?’ කියා මා නැවත විමසුවෙමි.

‘අනේ මහත්තයෝ මමත් බෞද්ධයෙක්. මගේ අම්මා නැතිවෙලා අදට අවුරුද්දයි. මට අම්මට පිං ලබාදෙන්න දානයක් දෙන්න විදයක් නෑ. මහත්තයලා දන්නවනේ මගේ තත්ත්වය. මම මේ කපුටන්ට බත් දුන්නේ අම්මාට පිං ලැබේවා කියල සිතාගෙන….’ ඔහු කීවේය. නැවත ඔහුගේ දෙනෙත් කඳුළින් බරවිය.
අනේ දෙවියනේ තවත් අන්ත අසරණ මිනිස්සු තවත් කොපමණ ඇත්ද? මොවුන් මේ තත්ත්වයට ඇදදැමූ කවුරුන් හෝ වේ නම් ඔවුනට ශාප වේවා. මේ අහිංසකයා සතුන්ට ලබාදුන් ආහාර වේලෙන් ඔහුගේ මෑණියන්ට සාංඝික දානයක ආනිශංස ලැබේවා…. නිවනින්ම සැනසේවා කියා ප්‍රාර්ථනා කරමි.

Thilaka Ramawickrama

“ටැටූ ෂොප් එකේදී වසන්ත මිස් වුණොත් ෂොප් එකෙන් පහළට බහිද්දී හරි මහ පාරේදී හරි ගහන්න තමයි ප්ලෑන් එක තිබුණේ….” – ක්ලබ් වසන්තට වැඩේ දෙන්න ලොකු පැටී ගහපු ගේම ටිකෙන් ටික එළියට

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් “ක්ලබ්” වසන්ත” ඝාතනය කර අදට දින 21කි. 

මෙම කාලය තුළදී ක්ලබ් වසන්ත ඝාතනය කළ තුවක්කුකරුවන් දෙදෙනා හැරෙන්නට ඊට ආධාර අනුබල දුන් සෙසු පුද්ගලයන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හමාරය. තුවක්කුකරුවන් තවම නිදැල්ලේ සිටියද ඔවුන් කවුරුන්ද යන්න හඳුනාගෙනද අවසන්ය.

එමෙන්ම ක්ලබ් වසන්ත ඝාතනයේ සුලමුලද මේ වන විට හෙළිකර ගැනීමටද නිලධාරීන්ට හැකිවී ඇත. ක්ලබ් වසන්ත ඝාතන සැලැස්ම දියත් කර ඇත්තේ මීට මාස දෙකකටත් පෙර සිටය. මෙම සැලසුම මෙහෙයවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංජීව පුෂ්පකුමාර නොහොත් ලොකු පැටී නමැත්තාය.

ඒ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මතය. දැනට කර ඇති විමර්ශනවලදී හෙළිවී ඇත්තේ මාකඳුරේ මධූෂ්ට හිමි විශාල මුදලක් ක්ලබ් වසන්ත සන්තකයේ ඇති බවත් එම මුදල යළි ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මත ලොකු පැටීගේ මෙහෙයවීමෙන් වසන්ත ඝාතනය කර ඇති බවය.

වසන්තගේ ඝාතනය ගැන බොහෝ කතා මේ වන විට ලියැවී ඇත. සමාජ මාධ්‍යයද ඔහු ගැන බොහෝ තොරතුරු හෙළිකර තිබිණි. එහෙත් වසන්ත ඝාතනය කළ තුවක්කුකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ඊට ප්‍රධානම හේතුව වන්නේ වසන්ත මරාදැමූ තුවක්කුකරුවන් දෙදෙනා සෙසු අයට හඳුනා ගැනීම සඳහා ලොකු පැටී ඉඩ ප්‍රස්තාව ලබාදී නොතිබූ නිසාය.

“උඹලට උන් දෙන්නා කවුද කියලා වැඩක් නෑ. උඹලට දුන්න ජොබ් එක විතරක් හරියට කරපන්. උන් දෙන්න එක්ක උඹලා කතාවට යන්න ඕන නැහැ. මම ඒ ටික කරන්නම්.”

ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ කරගත් කිහිපදෙනාට ඒ ලොකු පැටී දුන් නියෝගය විය. ඒ නියෝගය කඩකිරීම එතරම් සුබදායී නොවන බව සැවොම දැන සිටියහ. ලොකු පැටීට ඇති බියත් පක්ෂපාතීත්වයත් නිසා ඔවුන් තම තමන්ට පැවරූ රාජකාරිය නිවරැදිව ඉටු කළා මිස වසන්ත මැරූ තුවක්කුකරුවන් කවුද යන්න සොයන්නට ගියේ නැත.

කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් පවසන්නේ තුවක්කුකරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන අවසන් බවය. ඔවුහු යුද හමුදා පුහුණුව ලැබූ අය වෙති. එමෙන්ම හමුදා සේවය අතහැර ගියවුන් බවද පොලිසියේ සැකයයි.

වසන්ත ඝාතනය කළ තුවක්කුකරුවන් රටින් පලාගිය බැව් සමහරුන් කියතත් විමර්ශන නිලධාරීන් පවසන්නේ ඔවුන් තවමත් මෙරට රැඳී සිටින බවකි. වසන්ත ඝාතන සැලැස්මේ ප්‍රධාන භූමිකාව සිදුකළේ මෙම තුවක්කුකරුවන් දෙදෙනාය. ඒ රුපියල් කෝටි ගණනක මුදලකට විය යුතුය. කෙසේ වෙතත් ඔවුන් මෙහෙයවූයේ ඩුබායි සිටය. ටී-පනස් හය ඔවුන් අතට ලැබුණේ එරටින් ලැබුණු නියෝග මතය. කෙසේ වෙතත් තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාරය ලොකු පැටී ඩුබායි සිට සිය ජංගම දුරකථනයෙන් සජීවීව නැරැඹුවේය. ඔහුට ඉන් දැඩි සතුටක් ඇති විය. ඒ සිය අරමුණ ඉටුවීම නිසාය.

වසන්ත ඝාතනය කිරීම ලොකු පැටීගේ එකම අරමුණය. ඔහු ටැටූ ශිල්පියා සම්බන්ධ කරගනුයේ ඒ අදහසින්ය. දුලාන් සංජුල ලොකු පැටීට සම්බන්ධ කර දෙනුයේ මහේෂ් නමැත්තාය. ඔහු හිටපු යුද හමුදා සෙබළෙකි. හමුදා සේවයෙන් නීත්‍යනුකූලව ඉවත් වූ ඔහු පැටීගේ සමීපතමයකු වන්නේ ඔහුගේ ගමද අහුන්ගල්ල වීම නිසාය.

දුලාන්ට ටැටූ ෂොප් එක දාන්න ලක්ෂ 16ක් එව්වේ ලොකු පැටීය. එම සැලසුම නිසි අයුරින් ක්‍රියාත්මක විය. කෙසේ හෝ ලොකු පැටීට අවශ්‍යව තිබුණේ ටැටූ ෂොප් එකේ ඕපන් එකට ක්ලබ් වසන්ත ගෙන්වා ගැනීමටය. එයද සාර්ථක විය. “ඕපන්” එක ඩුබායි සිට සියැසින් දැකබලා ගැනීම සඳහා ටැටූ හලේ සී.සී.ටී.වී. කැමරා දත්ත “බ්ලූ ටූත්” ඔස්සේ පැටීගේ ජංගම දුරකථනයට සම්බන්ධ කර තිබිණි.

වසන්ත ඕපන් එකට එන බව ස්ථිරවම තහවුරු කරගත් පසු ප්‍රහාර සැලැසුම සකස් විය. තුවක්කුකරුවන්ට ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණීමට සහ ප්‍රහාරයෙන් පසු පලා යෑමට මෝටර් රථයක් සූදානම් කෙරිණි. එය ඉටු කිරීම භාරගෙන තිබුණේ මහේෂ්ය.

වසන්තට වෙඩි තැබීමෙන් පසු යළි එම මෝටර් රථයට ගොඩවන තුවක්කුකරුවන් අතරමඟදී වෑන් රියකට දමා ගැනීමද සැලැස්මේ එක් අදියරයක් විය. ඒ සඳහා වෑන් රියක් සූදානම් කෙරුණු අතර එය මාස එකහමාරකට පෙර බෙලිඅත්තේ පුද්ගලයකු වෙත ලබාදී තිබිණි. ඔහු මුදල් පොලියට දෙන අයෙකි. ඩුබායිවලින් ලැබුණු උපදෙස් මත පනාගොඩ හමුදා කඳවුර අසලට ගිය ඔහු කඳවුර ආසන්නයේ නතර කර තිබූ වෑන් රිය රැගෙන විත් බෙලිඅත්ත දම්මුල්ල, ගල්වඩුගෙදර නිවෙසේ නතර කර තැබීමට වගබලාගෙන ඇත.

වෑන් රථයේ බැටරිය බැසීමට ඉඩ නොතබා දෛනිකව එහි එන්ජිම ක්‍රියාත්මක කරමින් එය ධාවන තත්ත්වයේ තබා ගැනීමටද ඔහු කටයුතු කර තිබිණි. දුරකථන ඇමැතුමක් ලබාදුන් සැණින් වෑන් රිය අදාළ තැනට ගෙනැවිත් දිය යුතු බව ඩුබායිවලින් ලැබුණු නියෝගය විය.

එම වෑන් රියෙන් මඳ දුරක් ගොස් ඉන්පසුව ඔවුන් ගොඩ විය යුත්තේ බස් රියකටය. බසයක් මිලදී ගැනීම සඳහා ලොකු පැටී රුපියල් ලක්ෂ 40ක් සිය ඥාතියකුට එවීය. එම ඥාතියාගේ බිරියගේ පියාගේ නැඟණියගේ පුතා ලොකු පැටීය. ඒ ඥාතිකම සහ විශ්වාසය මත රුපියල් ලක්ෂ 40ක් මෙරටට එවීමෙන් පසු ගලවත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් බස් රථයක් මිලදී ගැනීමට ඥාතියා උත්සුක විය.

බස් රියක් මෙවන් පාතාල ප්‍රහාරයක් සඳහා යොදවා ගන්නේ පළමු වතාවටය. ඊට එක් හේතුවක් වන්නේ ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවන් බස් රියකට ගොඩවී පලා යනු ඇතැයි පොලිසිය කෙසේවත් නොසිතන නිසා වන්නට ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රථය කතරගම තෙක් ධාවනය කළ යුතුය.

අන්තර්ජාලය ඔස්සේ පළ කර තිබූ දැන්වීමකට අනුව රුපියල් ලක්ෂ 40ක් ගෙවා බස් රිය මිලදීගෙන තිබිණි. බස් රිය මිලදීගෙන තිබුණේ මිරිස්ස පොල්අතුමෝදර පදිංචිකාරියක් වූ 21 හැවිරිදි සංජුලාගේ නමටය. ඇගේ සැමියා වූ අසංග සිටින්නේ හිරේය. ඔහු ඇතුළට ගොස් තිබුණේ “කුඩු” නඩුවක් නිසාය. මාතර බන්ධනාගාරයේ සිට සැමියා විසින් ලබාදුන් උපදෙස් මත බිරියගේ නමට බස් රිය මිලදී ගනු ලැබිණි. ජූලි 1 වැනිදා එම බස් රිය විකුණා ඇති අතර මතුගම-කොළඹ 431 මාර්ගයේ ධාවනය වූ එම බස් රිය මගීන් රහිතව කඩුවෙලට ගෙන්වාගෙන ඇත.

සැලැසුමේ ඊළඟ අදියර වූයේ ටැටූ ෂොප් එක ආසන්නයේ නිවෙසක් මිලදී ගැනීමය. එය ඉටු කරදීම භාරගත්තේ ලොකු පැටීගේ සමීපතමයෙකි. ඒ අනුව අතුරුගිරිය, ගල්පොත්ත ප්‍රදේශයෙන් නිවෙසක් කුලී පදනම මත මිලදී ගනු ලැබූ අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 6ක් මෙරට පුද්ගලයකුගේ ගිණුමකට බැර වූයේ ලොකු පැටීගේ උපදෙස් මතය.

විමර්ශනයේදී හෙළි වූයේ ක්ලබ් වසන්ත ඝාතනයට දින දෙකකට පෙර එනම් ජූලි මස 6 වැනිදා එම නිවෙස එකී තරුණියගේ නමට ලබාගෙන ඇති බවය.වසන්ත ඝාතන සැලැස්ම පැටී විසින් ක්‍රියාත්මක කෙරුණේ එලෙසිනි.

බෙලිඅත්තේ පදිංචි මුදල් පොලියට දෙන තැනැත්තාට ලැබුණු ඇමැතුමකට අනුව ඔහු සිය නිවෙසේ රඳවාගෙන තිබූ වෑන් රිය ප්‍රහාරයට දින දෙකකට කලින් බෙලිඅත්තට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනකුට භාර දී ඇත.

වෑන් රිය එලෙස සූදානම් කෙරුණු අතර තුවක්කුකරුවන්ට ප්‍රහාරයට පැමිණීම සඳහා අවශ්‍ය මෝටර් රිය ඒ වන විට ගාල් කර තිබුණේ අම්බලන්ගොඩ ප්‍රදේශයේය. ලොකු පැටීගේ උපදෙස් මත 7 වැනිදා රාත්‍රියේමහේෂ් අම්බලන්ගොඩට ගියේය. ඒ අතරතුර තුවක්කුකරුවන් වෑන් රියෙන් ගල්පොත්ත නිවෙසට පැමිණ තිබිණි. ඔවුන් වෑන් රියට ගොඩ වී තිබුණේ අහුන්ගල්ලෙනි. තුවක්කුකරුවන් 7 රාත්‍රිය ගතකර තිබුණේ ගල්පොත්ත එම නිවෙසේය.

පසුදාට පහන් විය. අම්බලන්ගොඩට ගිය මහේෂ් අලුයම හතර වන විට ගල්පොත්තට පැමිණියේය. ඒ, සුදු පැහැති මෝටර් රථයද රැගෙනය. රථයේ අංක තහඩු වෙනස් කර තිබිණි. රථය යළිත් නිවෙස තුළ සිටි පුද්ගලයකුට භාර දුන් මහේෂ් එතැනින් නික්ම යද්දී ප්‍රහාරයෙන් පසු තුවක්කුකරුවන්ට පලායෑම සඳහා සූදානම් කර තිබූ බස් රියද අතුරුගිරියට ගෙනැවිත් තිබිණි. සියල්ල සිදුවන්නේ ලොකු පැටීගේ උපදෙස් මතය. තුවක්කුකරුවන් සමඟ වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ වෙමින් කළයුතු දෑ ගැන ලොකු පැටී ඔවුනට උපදෙස් දුන්නේය.

“ඉවරවෙනකම්ම ගහපන්. පණ චුට්ටක්වත් තියෙන්න බැහැ…”ඒ ඩුබායි සිට ලැබුණු නියෝගයයි. ක්ලබ් වසන්තගේ පණ අවසන් වනතුරු ප්‍රහාරය එල්ල කිරීමට තුවක්කුකරුවන්ට උපදෙස් දී තිබිණි.

“ටැටූ ෂොප් එකේදී වසන්ත මිස් වුණොත් ෂොප් එකෙන් පහළට බහිද්දී හරි මහ පාරේදී හරි ගහන්න තමයි ප්ලෑන් එක තිබුණේ. ඒත් වසන්ත ටැටූ ෂොප් එකේ කිරිබත් කකා ඉන්නවා කියලා ඔත්තුව ගිය ගමන් “ෂූටර්ලා” දෙන්නා එතැනට එව්වේ එතැනදී ලෙහෙසියන්ම ගහන්න පුළුවන් නිසයි.” විමර්ශන නිලධාරියෙක් කීවේය. එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවැසුවේ ටී පනස් හය දෙකකින්ම වසන්තට ගහන්න හේතුව ලොකු පැටීගෙයි කංජිපානිගෙයි බලය පෙන්නන්න වෙන්න ඕන.අනෙක වසන්තව කොහොමර හරි ඉවර කරන්න වෙන්නත් පුළුවන්.”

සැලැසුමට අනුව ප්‍රහාරය තිතටම සිදුවිය.

සුදු පැහැති මෝටර් රියෙන් පැමිණෙන තුවක්කුකරුවෝ දෙදෙනා වසන්ත ඉලක්ක කරගෙනම ටී පනස් හය ගිනි අවියේ “කොකා” ඇඟිල්ලේ රුවාගෙන සිටියහ. වැදුණු වෙඩි ප්‍රහාරයෙන් බේරීමට වසන්තට කෙසේවත් නොහැකිය. ඒ තරම් ප්‍රහාරය දරුණු විය.

වසන්ත මැරී වැටෙනතුරු වෙඩි තැබූ තුවක්කුකරුවෝ පැමිණි මෝටර් රථයෙන්ම පලා ගියහ. නවගමුවේදී ඔවුන් වෑන් රියට ගොඩවන්නේ පෙර ලබාදුන් උපදෙස් අනුවය. වෑන් රිය පැදවූයේ ලොකු පැටීගේ ගෝලයකු වන අහුන්ගල්ලේ කසුන්ය. මඳ දුරක් ගිය තුවක්කුකරුවන් ඊළඟට ගොඩවන්නේ, ලේලන්ඩ් බසයටය. එය පදවන්නේ මධුසංඛය. ලබාදුන් උපදෙස් මත මගීන් රහිත බසය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ සෙල්ලකතරගම බලා ධාවනය විය. තුවක්කුකරුවන් දික්වැල්ලෙන් බසයෙන් බැස ගිය බව කියැවේ..

විමර්ශන නිලධාරීන් පලා ගිය තුවක්කුකරුවන් සොයා විමර්ශන ඇරැඹූ අතර එම විමර්ශනයේදී ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර අනුබල දුන් 7 දෙනකුම කොටුවීම විශේෂත්වයක් විය. ඔවුන් අහුන්ගල්ල, බොල්ලත්තාව, අම්බලන්ගොඩ බෙලිඅත්ත ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝය. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ කණ්ඩායම ඊළඟට අත්අඩංගුවට ගෙන තිබුණේ තුවක්කුකරුවන් පලාගිය බස් රියේ ලියාපදිංචි හිමිකාරිය වූ 21 හැවිරිදි තරුණියයි. ඇය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට පැය 48ක රැඳවුම් නියෝග ලබා ගැනීමෙන් අනතුරුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී වසන්ත ඝාතනයට ප්‍රවාහන පහසුකම් සැලැසූ රියැදුරන් දෙදෙනකු කොටුකර ගැනීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සමත් විය.

ඉන් එක් රියැදුරකු වූයේ කසුන්ය. ඔහු තුවක්කුකරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදුන් වෑන් රිය පැදවූ රියැදුරාය.

අනෙකා මධුසංඛය. ඔහු තුවක්කුකරුවන් අධිවේගී මාර්ගය දිගේ රැගෙන යෑමට බස් රිය පැදවූ රියැදුරාය. මධුසංඛ අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කසුන් මීගම මරින්දගොඩ පදිංචිකරුවෙකි. ඔහු මාළු වෙළෙදාමේ නිරත වූවෙකි.

ලොකු පැටී මොවුන්ගෙන් ලබාගත් සේවය සඳහා මුදලක්ද ගෙවා තිබිණි. වෑන් රථයේ රියැදුරා වූ කසුන්ට රුපියල් එක්ලක්ෂ විසිපදහසක මුදලක්ද, අනෙක් රියැදුරාට රුපියල් ලක්ෂයක්ද ඒ වන විට ලබා දී ඇති බව විමර්ශනයේදී හෙළිකරගත හැකිවිය.

ක්ලබ් වසන්ත ඝාතනයට මෙලෙස ආධාර අනුබල දුන් 9 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. මෙම පිරිස අතරින් එක් පුද්ගලයකු සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බව සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටි අතර ඔහුට රහස් ප්‍රකාශය ලබා දීමට ද පියවර ගෙන තිබුණේය. එලෙස අවසර හිමි වූයේ ටැටූ ආයතනයේ හිමිකරු වූ දුලාන් සංජුලටය.

කෙසේ වෙතත් ක්ලබ් වසන්තගේ ඝාතනයෙන් මුළු දකුණු පාතාලයම සෙලවී ගියේය. ඒ, ලොකු පැටී විසින් එම ඝාතනය මෙහෙය වූ ආකාරය සැලවීමත් සමඟය. පාතාලයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර තර්ජනාත්මක පෝස්ටර් යුද්ධයක් ඇරැඹුණේ ඉන් පසුවය.

“අපේ අයියේ එක් එක්කෙනා එවනවා අපි එනකම් බලාගන්න – කේ.පී.අයි.” යනුවෙන් සමහරක් බැනර්වල සටහන් වූ අතර “පාතාලයේ හැම එකෙක්ම මධුෂ් ගිය තැනට යන්න සැරැසියල්ලා. කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටද එම දඬුවමයි” යනුවෙන් තවත් බැනරවල සහ දැන්වීම්වල සඳහන් විය. ඒ අනුව පෙනී යන්නේ ක්ලබ් වසන්තගේ මරණයෙන් පසු පාතාල කල්ලි අතරද ගැටුම් ඇති වී ඇති බවය. එය තවත් තහවුරු වන්නේ පොලිස් වෙඩි පහරින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ අනියම් බිරියට සහ මධූෂ්ගේ සහෝදරයකුටද සංවිධානාත්මක කල්ලියකින් මරණීය තර්ජන එල්ල කිරීම නිසාය. මධූෂ්ගේ සොහොයුරා පුද්ගලයකුගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාරයට ගිය මොහොතක “උඹලා මධූෂ් ගිය තැනටම යන්න ලෑස්ති වෙයන්” යනුවෙන් පවසමින් තර්ජනය කර තිබිණි.

ක්ලබ් වසන්තගේ ඝාතනයෙන් පසු ඇති වී ඇත්තේ මෙවන් වාතාවරණයකි. ක්ලබ් වසන්තගේ ඝාතකයන්ද මේ වන විට නිදැල්ලේය. එය එතරම් සුබවාදී නොවන බව විමර්ශන නිලධාරීහු පවසති.

"...මට පැටියෙක් ලැබෙන්න ඉන්නවා මන්ත්‍රීතුමාගෙන්.. ඒ නිසා මං ආයෙත් එනවා…" - මන්ත්‍රීවරයෙක් පිටිපස්සේ රෑට රෑට එන රූමත් තරුණියක් ගැන ඇඟ කිළිපොලා යන කතාවේ ඇත්ත එ‍ළියට....

රාත්‍රී ආහාරයට පෙර නාගැනීම පුරුද්දක් වූ මන්ත්‍රීවරයා නාන කාමරයට ගොස් සිත් සේ නාගෙන ආපසු ආවේ කොට කලිසමක් සහ ටීෂර්ටයකින් සැරසීගෙනය.

රාත්‍රියට මත්පැන් බඳුනක් තොල ගාන්නට පුරුදුව සිටි ඔහු එයද රැගෙන සඳලුතලයට ගොස් වාඩිවූයේ දහවල් සම්බන්ධ වූ උත්සවයේදී අවුරුදු කුමරිය ලෙස සම්බන්ධ වූ තරුණියගේ රූමත් බව සිහිපත් කරමිනි.

දිනය දැනට වසර කිහිපයකට පෙර උදාවූ කෙම්මුර දිනයකි. ප්‍රදේශයේ පැවැති සිංහල අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වී පැමිණි අනුරාධපුර ප්‍රදේශයේ මන්ත්‍රීවරයා සිය නිවෙසේ ගේට්ටුවෙන් ඇතුළු වූයේ කලබලයෙනි.

ඒ, වෙනදාටත් වඩා ප්‍රමාද වී නිවෙසට පැමිණෙන්නට සිදුවූවාටත් වඩා තමාගේ රාත්‍රී ආහාර වේල ගන්නා වෙලාව ප්‍රමාද වීමෙන් අධික ලෙස කුසගින්න දැනෙමින් තිබූ නිසාය.

දිනපතාම පාහේ රාත්‍රී ආහාරය පිටතින් නිවෙසට රැගෙනවිත් ගන්නා ඔහු, උදෑසන සහ දහවල් ආහාරයද වැඩිපුරම ලබාගන්නේ පිටස්තර තැනකිනි. කලාතුරකින් දිනෙක පමණක් හෙතෙම නිවෙසේදී කෑම ලබාගන්නේය.

තනිකඩ ජීවිතයක් ගතකළ හෙතෙම ගෙවා දැමුවේ තරමක් සෙල්ලක්කාර ජීවිතයකි.

නිවෙසේ කටයුතු සඳහා උදව්වට සිටි දෙදෙනාත් සවස හයෙන් පසුව සිය නිවෙස් කරා යන්නට පුරුදුව සිටි හෙයින් ඔහුගේ රාත්‍රී ආහාරය පිටතින් රැගෙන ආ යුතුම විය.

එහෙත් යහමින් මුදල් හදල් අතමිට ගැවසුණු මන්ත්‍රීවරයාට එහි කිසිදු ගැටලුවක් නොවූවා පමණක් නොව, ඔහු බොහෝ දිනවලදී රාත්‍රියේ තනි නොතනියටද කවුරුන් හෝ කාන්තාවක කැඳවාගෙන ආවේය. ඒ වෙනුවෙන්ද අසීමිතව මුදල් වියදම් කිරීමට මන්ත්‍රීවරයා මැළි නොවීය.

විවිධ පොරොන්දු දී තරුණියන් අමාරුවේ දමන බවටද මන්ත්‍රීවරයාට චෝදනා වූ අතර, බොහෝ විට ඔහුගේ නම ගෑවුණු දෝෂාරෝපණද අඩුවක් නොවීය.

දිනපතාම නිවෙසට පැමිණි විගස ගේට්ටුව අගුළු දමා වසාදැමීම ඔහුගේ ප්‍රථම රාජකාරිය විය. එදිනද හෙතෙම සුපුරුදු ලෙසම ගේට්ටුව වසාදමා අගුලද දැමුවේ යළි කිසිවකුට සිය ඉඩමට ඇතුළු විය නොහැකි බවට වූ විශ්වාසයෙනි.

ඉන් පසු ගරාජය වසාදැමූ හෙතෙම ඉදිරිපස දොරද වසා අගුල දමාගෙනම ඉහළ මහලේ පිහිටි සිය කාමරයට ගියේ රාත්‍රී ආහාර පාර්සලයද රැගෙනමය.

ඔහු වෙනදාටත් රාත්‍රී ආහාරය ගන්නේ ඉහළ මහලේ සඳලුතලයේ වූ කුඩා මේසය මත තබාගෙනය.

රාත්‍රී ආහාරයට පෙර නාගැනීම පුරුද්දක් වූ මන්ත්‍රීවරයා නාන කාමරයට ගොස් සිත් සේ නාගෙන ආපසු ආවේ කොට කලිසමක් සහ ටීෂර්ටයකින් සැරසීගෙනය.

රාත්‍රියට මත්පැන් බඳුනක් තොල ගාන්නට පුරුදුව සිටි ඔහු එයද රැගෙන සඳලුතලයට ගොස් වාඩිවූයේ දහවල් සම්බන්ධ වූ උත්සවයේදී අවුරුදු කුමරිය ලෙස සම්බන්ධ වූ තරුණියගේ රූමත් බව සිහිපත් කරමිනි.

‘ලස්සන කෙල්ලො ටික…’ ඔහු තමාටම කියා ගත්තේ අමුතු සිනාවක් මුවට නංවාගනිමිනි.

මත්පැන්වල මත් ගතියත් තරුණිය ගැන සිතුවිල්ලත් නිසා ඔහු වෙනදාටත් වඩා ඉක්මනින් ආහාර ගෙන අවසන් කළේය. ඒ අතරේ ඔහුට අමුතුම විලවුන් සුවඳක් දැනුණේ කෙදිනකවත් නොදැනුණ අයුරිනි. ඒ පිළිබඳ විපරම් කළ හෙතෙම එම සුවඳ තරුණියකගේ විලවුන් සුවඳකැයි අනුමාන කරගත්තේ, තරුණියන් සිය ගණනක් භාවිත කරන විලවුන්වල සුවඳ දන්නා මන්ත්‍රීවරයාට එවැනි සුවඳක් ගැන හරියටම තක්සේරු කිරීමේ හැකියාවක්ද වූ බැවිනි.

එන්න එන්නම සුවඳ තදින්ම දැනෙන්නට වූයෙන් මන්ත්‍රීවරයා අසුනෙන් නැඟිට සිය කාමරය වෙත ගියේ තරමක දෙගිඩියාවකිනි. කාමරයේ දොරට දමා තිබූ තිර රෙද්ද මෑත් කළ ඔහුට දක්නට ලැබුණේ යහන මත වැතිර සිටිනා රූමත් තරුණියකි.

සැහැල්ලු රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි යුවතිය තද නින්දේ ඉන්නා බවක් දුටු මන්ත්‍රීවරයාගේ සිත තුළ සුපුරුදු මනමාල සිනාවම ඇඳුණේය.

‘හහ් හහ්… මෙයා කොහොමද කාමරේට ආවේ… එක අතකට කොහොම ආවම මොකද… කෙල්ලෙක්නෙ… හහ් හහ් හා…’තමාටම එසේ කියාගත් ඔහු කලබලයෙන් නාන කාමරයට ගියේ තරුණිය ගැන තිබූ යම් මතකයක්ද අවදි කරමිනි. ගිය කාර්යය වහා අවසන් කළ හෙතෙම යළිත් කලබලයෙන් ආපසු ආවේය.
 
‘මොනවා… කෝ මේ කෙල්ල…’තරුණිය අතුරුදන්ව තිබිණි. මේසය මත කුඩා කොළ කැබැල්ලක් පමණක් තිබෙනු දැක මන්ත්‍රීවරයා එය අතට ගෙන බැලුවේය.

‘මට බබෙක් ලැබෙන්න ඉන්නවා මන්ත්‍රීතුමාගෙන්. ඒ නිසා මං ආයෙත් එනවා…’ එම කොළ කැබැල්ල මීට වසර කිහිපයකට පෙර තරුණියක එවූ ලිපියක කොටසක් බව ඔහුට සිහිපත් වුවද, එම ලිපිය කොහේ තිබූ එතැනට ආවේදැයි මතකයක් නොවීය. එම ලිපිය අර තරුණිය අතට ආවේ කෙසේද යන්න සිතනවාට වඩා දොර ජනෙල් වසා ඇති නිවෙසට ඇය ආවේ සහ ගියේ කෙසේද යන්න සිතන්නට ඔහු උත්සාහ ගත්තේය. වහා පහත මහලට දිවවිත් බැලුවද ඇය ආගිය බවක්වත් එහි හඳුනාගත නොහැකි විය.

තරමක නොසන්සුන් හැඟීමකින් යළිත් නාන කාමරයට පැමිණි ඔහු ඒ ගැන සිතමින් යහනේ ඒ මේ අත පෙරළෙමින් සිටියදී පාන්දර යාමේ නින්දට වැටිණි.

එම සිදුවීම දින කිහිපයකින් අමතකව යද්දී දිනක් ඔහු දුටුවේ සිය වාහනය තුළ සිටින එම තරුණියගේ රුවයි.

‘ඔය කවුද? ඇයි මගේ පස්සෙන් එන්නේ…?’ඔහුගේ ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ උස් හඬින් සිනාසෙමිනි. ඒ නිසාවට මන්ත්‍රීවරයාගේ සිත තිගැස්සුණේය. ඔහු වාහනය නවතා යළිත් ඇය දෙස බැලුවද එම අසුනේ තරුණිය සිටියේ නැත.

යම් අමුත්තක් වටහා ගත් හෙතෙම මේ බව සිය මිතුරකුට පවාස යළිත් වාහනය පණගන්වා ගනිද්දී මාර්ගයේ දකුණු පසින් ඉදිරියට යන ඇගේ රුව වාහනයේ විදුලි එළියට පැහැදිලිවම පෙනුණේය.

ඔහුටත් නොදැනීම වාහනයේ තිරිංග තදවූ අතර තරුණිය එතැනින්ද අතුරුදන්ව තිබිණි.

‘මේකි හොල්මනක් වගේ…’හෙතෙම තමාටම කියාගෙන යන්නට ගියේය.

ඉන් පසු දින කිහිපයක්ම ඇගේ රුව ඔහුට දක්නට ලැබුණු අතර මේ තරුණිය තමාගේ අතින් අසරණව දුම්රියට පැන දිවි නසාගත් තරුණියක බව මන්ත්‍රීවරයා තේරුම් ගත්තේ සිය කාමරයේ තිබූ ඡායාරූපයක් හමුවීමෙන් පසුවය.

එහෙත් එවැන්නක් විශ්වාස කරන්නට අකැමැති වූ ඔහු මෙය සිය විරුද්ධ පාක්ෂිකයන්ගේ වැඩක් විය හැකි බවටද සැක කරමින් එදින නිවෙසට ගියේ තරමක කැලඹුණු සිතිනි.

වෙනදාටත් වඩා ඉක්මනින් ගේට්ටු දොර ජනේල වසා දැමූ හෙතෙම කාමරයට ගොස් එහි දොරද වසාගත්තේ වැඩි ආරක්ෂාවටය. කවුරුන් හෝ ඉදිරිපස දොරට තට්ටු කරනවා වැනි හඬක් ඔහුට නිතරම ඇසුණේය. තවත් වේලාවකට නිවෙසේ කොහේ හෝ දොරක් හරිනවා වැනි හඬකුත්, ජනේලයක අගුල පන්නනවා වැනි හඬකුත් ඇසුණේය. තවත් වෙලාවකට මුළුතැන්ගෙයි තේ හදන හඬට සමාන හඬක්ද ඇසුණේය.

ඉන් පසු දින ගණනක් මෙවැනි විවිධ ශබ්දවලින් යම් නොසන්සුන්තාවකට පත්ව සිටි මන්ත්‍රීවරයා පසු දිනෙක තමා දන්නා කියන තරුණියක නිවෙසට කැඳවාගෙන ආවේ තම තනි නොතනියට ටික දිනක් ඉන්නට යැයි ආරාධනා කරමිනි. මුදලට සහ බලයට ආශා කළ ඇය ඊට කැමැත්තෙන්ම ආවාය.

දිනක් රාත්‍රියේ මුළුතැන්ගෙට තේ සාදන්නට ගිය එම තරුණිය යළිත් කලබලයෙන් ආපසු දිව ආවාය.

‘මන්ත්‍රීතුමා කුස්සියෙ ලස්සන ගෑනියෙක් ඉන්නවා… කවුද ඒ…?’

‘ගෑනියෙක්, පිස්සුද…?’

‘පිස්සු නෙවෙයි. නයිටියකුත් ඇඳගෙන, හිනාවෙවී වාඩිවෙලා ඉන්නවා…’යම් සැකයක් ඇතිවුවද ඒ බව නොපෙන්වා ඔහු ඇයත් සමග මුළුතැන්ගෙට පැමිණියේය. එහෙත් තරුණිය පෙනෙන්නට සිටියේ නැත.

‘ඔයාගෙ විකාර…’එය ඇගේ පිට තබා ඔහු යළිත් කාමරයට ගියේ මෙයට කළ යුත්ත සිතමිනි. අන්තිමේ සිය මිතුරකු මතක් වූ මන්ත්‍රීවරයා ඔහුට ඇමතුමක් ගෙන සියල්ල පැවැසුවේය.

ඇමතුම අවසන් කරද්දීම තේ රැගෙන ආ හිතවතිය ඔහුගේ උරහිසට අත තැබූ අතර අද්භූත තරුණියගේ මතකයේ සිටි මන්ත්‍රීවරයා හොඳටම තිගැස්සුණේය.

‘පලයං පලයං උඹ ආයෙත් ආවද…?’

‘ඇයි මන්ත්‍රීතුමා මං මං… මේනකා…’තමාට සිදුවූ වරද වටහාගත් ඔහු යම් අපහසුතාවකට පත්වුවද ඇයට සත්‍ය කතාව කියන්නට ඔහුට සිදුවුණේය. අවසානයේ ඇයගේ ඉල්ලීම මත මෙම ප්‍රශ්නය බණ්ඩාර කපු මහතා වෙත රැගෙන ගියේය.

සියලු විස්තර අසා සිටි බණ්ඩාර කපු මහතා ශාන්තිකර්මයක් සහ විශේෂ දානමය කටයුත්තක් සිදුකර තරුණියගේ ආත්මයට පින් පමුණුවා මන්ත්‍රීවරයාව එම කරදරයෙන් බේරා දීමට කටයුතු කර ඇති අතර, එතැන් පටන් මන්ත්‍රීවරයා තම නරක පුරුදු අත්හල බවද පැවැසෙයි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා මියයන තුරුම එම නිවෙස අතහැර වෙනත් නිවෙසක දිවි ගෙවා ඇත්තේ සිය අඳුරු මතකයන් මුළුමනින්ම අමතක කර දමන්නට නොහැකි වූ නිසා විය යුතුය.

මව්රට මහාවංශය අතිරේකයේ පළවන සත්‍ය කතාවකි. නම්ගම් සියල්ල මනඃකල්පිතයි
සටහන – කුමාර රත්නායක
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්රට" පුවත්පතෙන්..

යහතින් සිටි බිරිඳ මියගිය බව පවසා සැමියා මල් ශාලාවෙන් මිනීපෙට්ටියක් අරගෙන ගිහිං – බළං­ගොඩින් අමුතු කතාවක්!

තම බිරිය මිය­ගොස් ඇති බවට පවසා නග­රයේ ඇති මල් ශාලා­ව­කට ගොස් රුපි­යල් 40,000ක් වටිනා මිනී පෙට්ටි­ය­කට මුදල් ගෙවා මල් වඩ­මක්, ඇඳුම් සහ අනි­කුත් අව­මං­ගල භාණ්ඩද වෙන්ක­රවා⁣ගෙන මල් ශාලාවේ වෑන් රථ­ය­කින් නිවසට මිනී පෙට්ටිය ඇතුළු භාණ්ඩ රැගෙන ගිය පුද්ගලයෙකු පිළිබඳ පුවතක් බළන්­ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බිරිය රෝගා­තු­රව සිටි බවත් මර­ණය සම්බ­න්ධ­යෙන් සැක­යක් නොමැති බවට මරණ පරී­ක්ෂක ඇතුළු නිල­ධා­රින්ද පැවැසූ බව මොහු විසින් මල්ශා­ලා­වට පවසා ඇති අතර ඔවුන් එය විශ්වාස කර මෙම භාණ්ඩ රැගෙන ගොස් තිබෙනවා.

එහිදී මව මිය­ගොස් නැති බවත් මව මුළු­තැ­න්ගෙයි සිටින බවටත් දරුවන් පවසා තිබෙන අතර මල් ශාලාවේ සේව­ක­යින් මිනී පෙට්ටිය ආපසු රැගෙන යෑමට උත්සාහ කිරීමේ දී අදාළ පුද්ගලයා විසින් එම සේව­ක­යින්ට තර්ජන කිරීම නිසාවෙන් ඔවුන් මිනී පෙට්ටිය නි‍ෙවස තුළ දමා පිටව ගොස් ඇති බව සඳහන්.

මේ සමබන්ධයෙන් වැඩි­ම­හල් දරුවා සහ මල් ශාලාවේ හිමි­ක­රු 119 හදිසි දුර­ක­තන අංක­යට දැනුම්දීමක් කර ඇති බව වාර්තා වනවා.

පසුව බළන්­ගොඩ පොලි­සියේ නිල­ධා­රින් දෙදෙ­නකු එම නි‍ෙව­සට ගොස් මිනී පෙට්ටිය මල් ශාලාවේ සේව­ක­යින් වෙත ආපසු රැගෙන යෑමට භාර දී තිබෙනවා.

මිනී පෙට්ටිය වෙනු­වෙන් මල් ශාලා­වට ගෙවූ රුපි­යල් 40000ක මුදල නැවත රැගෙන යෑම සඳහා මල් ශාලා­වට පැමි­ණෙන ලෙස බිරි­යට සහ සැමි­යාට දැනුම් දී ඇති බව සඳහන්.

"මම ඔයාගේ දුව අම්මේ" - දියණියට නරුම වැඩක් කළ මවක්! මෙහෙමත් කරන්න පුළුවන්ද අම්මා කෙනෙක්ට... පොලිසියෙන් ඇසෙන අනුවේදනීය කතාව

මවකට පියෙකුට තම දරුවන් දෙනෙත් වැනිය. තම දූ දරුවන් ලොකු මහත්කර හොඳ පුද්ගලයකු සේ සමාජයට දායාද කිරීම ඕනෑම මවකගේ පියකුගේ අභිප්‍රායයි. අරමුණයි.

එහෙම අම්මලා තාත්තලා අතර අමනුෂ්‍යයන් වැන්නෝද නැත්තේම නැත. තම 15 හැවිරිදි දියණිය අන්තර්ජාලය උපයෝගී කරගෙන සලෙළුන්ට අලෙවි කළ මවක ගැන මීට ටික කාලයකට පෙර ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මුළුමහත් ලාංකේය ජන සමාජයම සංවේදී කළ සිද්ධියක් වූ බව කාටත් අමතක නැත.

පොලිසිය ඒ පිළිබඳව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වූයේ මවගේ අනුදැනුම මත අන්තර්ජාලයේ කාම වෙබ් අඩවියක් උපයෝගී කරගෙන සැළෙලුන්ට විකුණන ලද මේ ළාබාල දැරිය අපයෝජනය කරන ලද පුද්ගලයන් අතරේ සමාජයේ උසස් යැයි සම්මත විවිධ වෘත්තින්වල නිරත පුද්ගලයන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද සිට ඇති බවයි.

එවැනි පුද්ගලයන් ගණනාවක් එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුවද එවැනි සිදුවීම් කීපයක් දිගින් දිගටම වාර්තා වූ අතර ආසන්නම සිද්ධිය වාර්තා වන්නේ ගාල්ල දිසාවේ යක්කලමුල්ල පොලිස් ස්ථානයෙනි.

එම පොලිස් බල ප්‍රදේශයේ වත්තක පදිංචිවී සිටි පියා නොමැති දරු පවුලක වයස අවුරුදු හතළිස් ගණනක් පමණ වන මව සිය අනියම් පෙම්වතා වන 26 හැවිරිදි තරුණයකුට තම 15 හැවිරිදි දියණිය බලහත්කාරයෙන් පාවා දීමයි.

මවගේ අනියම් පෙම්වතා අතින් අතවරයට ලක්වූ 15 හැවිරිදි යුවතිය ඒ බව අසල නිවෙසක පදිංචිකාරියකට පැවසීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ බව යක්කලමුල්ල පොලිසියට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව සැකකාර මව අත්අඩංගුවට ගත් අතර ඇගේ පෙම්වතා වන 26 හැවිරිදි පුද්ගලයා පලාගොස් තිබිණි.

මව්පියන්ගේ ක්‍රියාකලාපය නිසා අසරණ වන අහිංසක දූ දරුවන් ගැන දිගින් දිගටම මෙවැනි තොරතුරු වාර්තා වෙද්දී උතුරු පළාතේ කිළිනොච්චිය දිසාවේ පුදුකුඩියිරිප්පු පොලිසියෙන්ද මෙවැනිම අනුවේදනීය සිදුවීමක් වාර්තා වන්නේ පසුගියදාය.

ඇය පුදුකුඩියිරිප්පු පොලිස් වසමේ නිවසක පදිංචි තරුණ මවකි. ඇගේ වයස අවුරුදු 35 කි. දරු දෙදෙනකුගේ මවකි. දරුවන් සමඟ කල් ගෙවන ඇය කලකට පෙර අනුවේදනීය අත්දැකීමකට මුහුණ දුන්නාය. ඒ ඇගේ සැමියා ඇය සහ දූ දරුවන් අතහැර වෙනතක් බලා ගැනීමය.
 
මේ සිද්ධියෙන් කම්පාවට පත් වූ තරුණ මව දරුවන් බලාකියාගෙන ජීවත් වූවාය. ඒ දුක් කරදර කම්කටොලු ගොඩක් මැදය. සැමියා අතහැර ගිය නිසා ඒ වන විටත් ඇය බොහෝ දුෂ්කරතාවලට මුහුණපා සිටියාය.

මේ අතර ඇය මත්පැන් පානයටද යොමු වූවාය. දරුවන් ඒ ගැන විරෝධය පළ කළත් ඇය ඒ පුරුද්ද නම් අත හැරියේ නැත. කාලය මෙසේ ගෙවී යද්දී මේ මව මුදල් උපයා ගැනීම සඳහා තවත් උපක්‍රමයක් යෙදුවාය. ඒ උපක්‍රමය අහස පොළොව නුහුලන එකකි. එහෙත් මත්පැන්වලින් සන්තර්පනය වී සිටින මේ මව එය වරදක් කොට නොසැලකුවාය. ඇගේ පාපතර ක්‍රියාව වූයේ වයස අවුරුදු 13ක් වන තම දියණියගේ නිරුවත වීඩියෝ කර එම දර්ශන සලෙළුන්ට අලෙවි කිරීමයි.

මේ සඳහා ඇය සිය නිවෙසට පැමිණෙන ලෙස විවිධ පුද්ගලයන්ට ආරාධනා කළාය. එසේ එන පුද්ගලයන්ට ඇය තම 13 හැවිරිදි දියණියගේ නිරුවත අඩංගු වීඩියෝ දර්ශන ජංගම දුරකතනයෙන් පෙන්වූවාය. ඒ සඳහා ඇය එම ගනුදෙනුකරුවන්ගෙන් මුදලක් ද අය කළාය.

පුදුකුඩියිරිප්පු පොලිස් බල ප්‍රදේශයේ පදිංචි තරුණ මවක් තම 13 හැවිරිදි දියණියගේ නිරුවත ජංගම දුරකතනයකින් වීඩියෝගත කර යම් පුද්ගලයන්ට රහසිගතව නිවෙසට කැඳවා එම දර්ශන ඔවුනට පෙන්වා මුදල් ලබා ගන්නා බවට පුදුකුඩියිරිප්පු පොලිස් ස්ථානයට රහසිගත තොරතුරක් ලැබෙන්නේ මේ අතරය.

මෙසේ ලැබුණු තොරතුර පිළිබඳව දීර්ඝ විමර්ශනයක නිරත පොලිස් නිලධාරීන් විසින් සොයා බලද්දී හෙළිවන්නේ එම තොරතුරු සත්‍ය බවය. ඉන් අනතුරුව සැකකාර මව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කැරිණි.

සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් අදාළ නිවෙසට යන්නේ ඉන් අනතුරුවය. සැකකාරිය අත්අඩංගුවට ගත් පොලිස් නිලධරයෝ ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව දියණියගේ නිරුවත වීඩියෝ කළ ජංගම දුරකතනය ද අත්අඩංගුවට ගෙන එම වීඩියෝ දර්ශනද සොයා ගැනීමට සූදානම් වෙද්දී හෙළි වන්නේ අදාළ වීඩියෝ දර්ශන ජංගම දුරකතනයෙන් මකා දමා ඇති බවයි.

සැකකාරිය එලෙස සිය ජංගම දුරකතනයෙන් ලබාගත් දියණියගේ නිරුවත් වීඩියෝ දර්ශන සියල්ල මකා දමා තිබුණත් පොලිසිය අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලද සූක්ෂ්ම විමර්ශනයකදී දියණිය සහ සැකකාරියගේද නිරුවත් දර්ශන අඩංගු වීඩියෝ දර්ශන ද සොයා ගැනීමට හැකි විය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන ලද සම්පූර්ණ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ මවගේ මේ ක්‍රියාවට දියණිය මුල සිටම විරෝධය පළකර ඇති බවයි. තමාගේ නිරුවත වීඩියෝ කරන මව ඒවා විවිධ පුද්ගලයන්ට පෙන්වා මුදල් ලබාගන්නා බව දියණිය ඒ වනවිටත් දැන සිට ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි විය.

දියණිය මවට මේ ගැන විරෝධය පළ කළද මව ඇයට තරවටු කරමින් මේ ක්‍රියාව දිගින් දිගටම සිදු කරගෙන ගොස් ඇති බවද අනාවරණය වන්නේ දැරියගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය. බීමතින් පසුවන මේ මව නිවසට කැඳවන පිරිමි අයට දියණියගේ නිරුවත් වීඩියෝ දර්ශන පෙන්වන අතරේ ඔවුන් සමඟ ලිංගිකව එක්වී ඇති බවද හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඇයට සමාජ රෝග වැලඳී ඇත්දැයි සෙවීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය නියෝග කර ඇත.

13 හැවිරිදි දැරිය ඇතුළු දරු දෙදෙනා පරිවාස භාරයට පත්කැරිණි.
දීපාල් සමරසේකර

"මොකද බං පුරුදු නැති තැනකට ආවා වගේ වටපිට බලන්නේ" - මියගිය දිනට පසුදින බෝඩිමට ආ මිතුරා... මහරගමින් ඇහෙන හිතා ගන්න බැරි කතාවක්!

සුමේධගේ ගම් පළාත අනුරාධපුරයටත් එහා පිහිටි අතිශය දුෂ්කර ගමකි.

එහෙත් ඔහු පාසල් ජීවිතයට සමුදී කොළඹ නගරාසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක රැකියාවට ආවේ දැනට වසර හයකට පෙරය.

එතැන් පටන් සුමේධගේ ජීවිතයේ දැඩි කාලයක් ගෙවුණේ කොළඹ අහස යටය. ඔහුට කොළඹ ගමටත් වඩා හුරු තැනක් වූයේ ඒ නිසාය. ගෙවුණු වසර හය පුරාවටම සුමේධත් සමග එකම නවාතැනේ නතරව සිටි ප්‍රියංකර සුමේධගේ හොඳම මිතුරාය.

ඔහු මිතුරකුටත් වඩා ඥාතියකු තරමට ඔහුට සමීපය, හිතවත්ය. එනිසා දෙදෙනාම ගමෙ ගියේ මාසයකට වතාවකි. එහෙත් පසුගිය වතාවේ කොරෝනා වසංගතයත් සමඟම ප්‍රියංකර ඔහුගේ ගමට ගියේය. අවසානයේ වසංගත තත්ත්වය තුරන් වීමෙන් පසු සුමේධ යළිත් රැකියාවට පැමිණියද ප්‍රියංකර ආපසු නොආවේ මවගේ අසනීප තත්ත්වයත් හේතුවෙනි.

එනිසා කිහිප වතාවක්ම සුමේධ ප්‍රියංකරගේ මව බලන්නට ඔහුගෙ ගමවූ මාතරටද ගොස් ආවේය. ඔය අතරේ විටින් විට ප්‍රියංකරත් සුමේධත් දුරකතනයෙන් කතාබහ කළේය.

මටත් කාලෙකට වැඩට එන්න බැරි වෙයි මචං. සුමේධ කතා කරන විට ප්‍රියංකර නිතරම පැවැසුවේ එලෙසිනි.

“එහෙම කියන්න එපා. ෆැක්ටි්‍රයට කට්ටිය ගත්තොත් උඹට ජොබ් එක නැති වෙයි ඉක්මනට වරෙන්”

“හරි බලමුකෝ”කතාව අවසන් වන්නේ එලෙසින් වුවද කාලයක් යනතුරුම ප්‍රියංකරට රැකියාවට එන්නට ලැබුණේ නැත.

ඔය අතරේ පසුගිය දිනක රාත්‍රියේ හිටි හැටියේ සුමේධගේ බෝඩිම් කාමරයේ දොරට කවුදෝ තට්ටු කළේය. සුමේධ සිතුවේ බෝඩිමේ හිමිකාරිය කුමක් හෝ අවශ්‍යතාවයකට පැමිණ ඇති බවකි. ඉක්මනින් කමිසයක් සොයා හැඳගත් සුමේධ දොර හැරියේ ඇයව පිළිගන්නා අදහසින් වුවද දොරකඩ සිටියේ සිය කල්‍යාණ මිතුරා වන ප්‍රියංකරය.

“අපෙ අප්පේ… මචං… උඹ වරෙන් වරෙන් ඇතුළට. මම හිතුවේ බෝඩිමේ ඇන්ටි කියලා”සුමේධ මිතුරාට කාමරය තුළට එන්නට ඉඩදී දොර වසා දැමුවේය. සිනාමුසුව කාමරය තුළට පැමිණි ප්‍රියංකර කාමරය පුරාම දෙනෙත් යැව්වේය.

“මොකද බං පුරුදු නැති තැනකට ආවා වගේ වටපිට බලන්නේ”ප්‍රියංකර හිනැහුණේ වෙනදාට වඩා වෙනස් විදියට යැයි සුමේධට තේරුම් ගියේය. එහෙත් ඔහු ඒ ගැන අහන්නට ගියේ නැත.

“උඹ ඔහොමම හිටපන්. මං මහින්ද අයියගේ කඬේ වහන්න කලින් රයිස් එකක් දාගෙන එන්නම්. මං උඹ එන බවක් දන්නෙ නැති නිසා එකයි ගෙනාවේ”සුමේධ කමිසයේ බොත්තම් දමමින් කීවේය. ප්‍රියංකර තමා නිදාගත් සුපුරුදු ඇඳ මත වාඩිවූයේ එපා යැයි කියන්නට හිස සලමිනි.

“මොකද එපා කියන්නේ. උඹ කාලද ආවේ”

“ඔව්. සුමේධ මං කාලා ආවේ. ඔයා කන්න. මට කන්න බැහැ”සුමේධ කොතරම් ඇවටිලි කළාද ප්‍රියංකර බත් කටක් හෝ කෑම ප්‍රක්ෂේප කළේය. අවසානයේ සුමේධ තම කෑම පාර්සලය දිගහැරගෙන කද්දි ප්‍රියංකර සිය අතෙහි ගුළි කරගෙන සිටි යමක් සුමේධ අසල මේසය මත තැබුවේය. එතැන වූයේ ඔහුගේ රත්තරං මාලයත්, බ්‍රේස්ලට් එකත්, මුද්දත්ය.

“මේ මොකද බං”

“අනේ මචං මේ ටික විකුණලා සල්ලි ගන්න ඕන. අර හන්දියේ ජුවලරියේ මුදලාලි උඹේ යාළුවනෙ. මිනිහට දීලා මට මේකට වටිනා ගානක් අරන් දියන්.”

“මේ තුන ලක්ෂ එකහමාරක් විතර වටිනවා. ඇයි උඹ මේවා විකුණන්නේ”

“අම්මට බෙහෙත්වලට සල්ලි ටිකක් ඕන”

“ඕක තියා ගනින් මං උඹට ලක්ෂයක් විතර දෙන්නම්. මට පස්සේ ඒ සල්ලි දුන්නම ඇති”

“එහෙම බැහැ මචං. මට මේ ටික විකුණලා දුන්නොත් ඇති”ප්‍රියංකරගේ පෙරැත්ත නිසාම සුමේධ ඊට කැමැත්ත පළ කළේය.

“හොඳටම සීතලයි. මං එහෙනම් නිදා ගන්නවා.”

“හ්ම්… මටත් උඹ එක්ක එන්න හිතයි. අම්මව බලන්න යන්න.”

“ඉතින් මගෙත් එක්ක යමු කැමැති නම්”

“හ්ම්…”සුමේධ ප්‍රියංකරට පොරවා ගන්නට බෙඞ්ෂීට් එකක් දුන්නේය. ඔහු එය පොරවාගෙන යහනේ දිගාවිය. සුමේධ නිදාගන්නේ කාමරයේ බල්බය නිවා දමා ඉන් අනතුරුවය. සෙමෙන් කාලය ගෙවී ගියේය. ප්‍රියංකර කිසිදු හාවක් හූවක් නැත. සුමේධට නින්ද ගියේ ඒ නිහැඬියාව නිසාමය.

එහෙත් හිටි හැටියේ සුමේධ ගැස්සී අවධි වූයේ අමුතු හඬක් ඇසීමෙන් තිගැස්සිලාය. කලබල වූ සුමේධ සිය ජංගම දුරකතනයේ වෙලාව පරීක්ෂා කර බැලුවේය. එහි දොළහයි විනාඩි එක සටහන්ව තිබිණි. තමන්ට ඇසුණු අමුතු හඬ ඇසෙන්නේ ප්‍රියංකරගේ යහන දෙසින් බව සුමේධට තේරුම් ගියේය. ඔහු ඉස්සර කිසි දිනක ගොරවන්නේද නැත. එහෙත් ගොරවනවාද, කෙඳිරි ගානවද කියා සිතන්නට බැරි ඒ හඬ ප්‍රියංකර සිහිනයෙන් බියවී නඟන හඬක් යැයි සිතා සුමේධ යළිත් නින්දට වැටුණේය.

ඔහු යළිත් අවදි වූයේ උදෑසන කුරුල්ලන්ගේ හඬ ඇසීමෙනි. පෙරදින රාත්‍රියේ ප්‍රියංකර පැමිණි බව ඔහුට මතකයට නැඟුණේ එවෙලේය. එහෙත් මේසය මත තිබූ රත්තරං බඩු නැති බව දැකීමෙන් ඔහුට ඉබේටම ප්‍රියංකරගේ ඇඳ දෙස බැලුණේය. ප්‍රියංකර පෙනෙන්නට සිටියේ නැත. යහන මත ඔහු පෙරවූ පොරෝනය පොරවාගෙන සිටි ආකාරයටම අතුරා තිබිණි. ඇඳ ඇතිරිල්ල, කොට්ටය කිසිදු පොඩිවීමක් හෝ නොමැතිව එහෙමම තිබිණි. ප්‍රියංකර කිසි දිනක ඇඳ සකසා පොරෝනය නොනමා සිටින්නකු නොවේ. එසේ නම් ඔහුට කුමක් සිදුවූයේදැයි සුමේධ හැම තැනම සෙව්වේය. වැසිකිළිය සහ අවට වටපිටාවද පරීක්ෂා කළේය. එහෙත් ඔහු සිටියේ නැත.

අවසානයේ සුමේධ ප්‍රියංකරගේ දුරකතනයට ඇමැතුමක් ගත්තේය. එය ක්‍රියාවිරහිතය. වරක් දෙවරක් නොව කිහිප වතාවක් එයට ගන්නට උත්සාහ කළද අසාර්ථක වූ තැන ඔහු ප්‍රියංකරගේ නිවසටද ඇමැතුමක් ගත්තේය. එහි ඇමතුම් ලබාගැනීම අත්හිටුවා ඇති බවට නිවේදනයක් නිකුත් වෙයි. ආර්ථික අපහසුතා හේතුවෙන් දුරකතන බිල්පත නොගෙවීමෙන් එය විසන්ධි කර ඇතැයි සිතුණද සුමේධට ප්‍රියංකර ගැන දුකක්ද ඇති විය.

මිතුරා ගැන කිසිදු තොරතුරක් නොවූ නිසාම සුමේධ රැකියාවට යෑම පසෙක තබා ප්‍රියංකරගේ නිවෙසට යන්නට පිටත් වූයේ සිය බැංකු පොතෙන් ලබාගත් රුපියල් ලක්ෂයකුත් බෑගයට දමාගෙනය. සුමේධ ප්‍රියංකරගේ ගමට යද්දී එදින සවස් භාගය උදාවී තිබිණි. ගමේ තැන තිබුණු සුදු කොඩි නිසාම මරණ ගෙදරක් තිබූ බවට ඉඟි පළවිය. සුමේධ ප්‍රියංකරගේ ගෙදරට යද්දී ගේ ඉදිරිපිට තිබූ තාවකාලික තහඩු ගෙවල් සහ අමතර පුටු දකිද්දීම එහි මරණයක් සිදුව ඇති බව වටහා ගත්තේය. සුමේධ කලබලයෙන් නිවෙස දෙසට දිවයද්දී ප්‍රියංකරගේ මව යම් අපහසුවකින් පිටතට ඇවිද ආවාය. කිහිපදෙනකුගේ කටහඬවල් නිවස පිටුපසින් ඇසුණේය.

“අනේ සුමේධ පුතේ… අපේ කොල්ලා. ඉහ්… ඉහ්…”
ඇය සුමේධව බලාගෙන හඬාවැටුණාය. පසෙක මේසය මත දිගහැර තිබූ මරණ දැන්වීම ඔහුගේ නෙත ගැටුණේ එවෙළේය. ‘ප්‍රියංකර සම්පත් තරුණ මහතාට නිවන් සුව අත්වේවා’ සුමේධ එය කියෙව්වේ වෙව්ලමිනි. ඔහු කලබලයෙන් බෑගයට අතදමා බැලුවේය.

ඉන්පසු රුපියල් ලක්ෂයක මුදල් රැගෙන මවගේ අත තැබූ සුමේධ පෙරදින සිදුවූ කිසිවක් නොකියාම අසල තිබූ අසුනකට බරවී වතුර වීදුරුවක් ගෙන්වාගෙන එක හුස්මට බීගෙන බීගෙන ගියේය.
සත්‍ය කතාවක් ඇසුරිනි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.
කුමාර රත්නායක

සින්ධුජාගේ මරණය සිදුවුණේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසාද..? දරු ප්‍රසූතියෙන් පසු අවසන් ගමන් ගිය උපාධිධාරිණියක් ගැන ඇසෙන කඳුළු කතාව මෙන්න

මේ තවත් එක ලස්සන හීනයක් වෙනුවෙන් පෙරුම්පිරුව කාන්තාවක්..

ජීවිතයේ ඉලක්ක හැම එකක්ම වගේ සපුරාගත් ඇය අම්මා කෙනෙක් වෙන සිහිනයට මග බලන්නට ඇත්තේ කාලයක සිටයි..

අනේක විඳ දුක් වේදනා විඳිමින් දරුවන් බිහිකළ ඇය අවසානයේ කාටත් නොකියාම යන්නම ගිහින්.. මේ මරණය සිදුවුණේ කොහොමද.? ඇගේ මව පවසන පරිදි මේ මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා සිදුවුණු මරණයක්ද..?

27 හැවිරිදි තරුණ උපාධිධාරිණියක වන මාරියරාජ් සින්ධුජා නැමති මෙම තරුණිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය තරුණියගේ මව ඊයේ (29) සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක්කර තිබෙනවා.

ඇය මන්නාරමේ තම්පනායීකුලම් ප්‍රදේශයේ පදිංචි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් ද වෙනවා.. මෙම තරුණිය මන්නාරම රෝහලේදී දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුව ඇයව නිවසට එවා ඇති බවයි වාර්තා වෙන්නේ..

පසුදින සිටම ඇයට බරපතල ලෙස රුධිරය වහනයවීමට පටන් ගෙන ඇති අතර ඇය මුරුන්කන් රෝහලට ඇතුළත් වීමෙන් පසුව තත්ත්වය අසාධ්‍ය බැවින් ගිලන් රථයක් මගින් මන්නාරම දිස්ත්‍රික් රෝහල වෙත ඇයව මාරු කොට යවා තිබෙනවා.

එම අවස්ථාවේදී රුධිරය වහනය වීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස වෛද්‍යවරු සලකා තරුණ මවට ප්‍රතිකාර ලබා දීමක් සිදු නොකළ බව මියගිය කාන්තාවගේ මව ප්‍රකාශකර සිටියා.

අවසානයේදී අධික ලෙස රුධිරය වහනය වීම නිස ඇය සිහිසුන් වූ පසුව වෛද්‍යවරු ඇයව පරීක්ෂා කොට ප්‍රතිකාර ලබා දීම ආරම්හ කළ බවත් ස්වල්ප වේලාවකට පසුව ඇය මියගිය බවත් වාර්තා වෙනවා..

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසාද් එම්.හනීපාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසූ විට ඔහු පැවසුවේ මියගිය කාන්තාව සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධික ලෙස රුධිරය වහනය වීම නිසා හා කම්පනය නිසා මේ මරණය සිදු වූ බවට මූලිකව නිගමනය වී ඇති බවයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ඇගේ දේහයේ අවයව කීපයක් කොළඹට යවා ඇති අතර එම පරීක්ෂණවලින් පසුව කාන්තාව මියයාමට හේතුව නිශ්චිතව නිගමනය කළ හැකි බවයි එම පරීක්ෂණවලදී වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත මේ මරණය සිදුව ඇත්නම් එම වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සදහන් වෙනවා..

එසේම වෛද්‍ය අසාද් එම්. හනීපා දැනටමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි වැඩිදුරටත් පවසා සිටියේ.;.

මේ බබා උක්කුං ඇති… ගහන්න බැරි උන්ව, බෝලයක් අල්ලගන්න බැරි උන්ව බබාල වගේ තොත්තු කරන් ඉඳලා කරගත්ත හරිය ගැන රසල් කෙලින්ම කියයි!

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලණ කන්ඩම්බි ශ්‍රි ලංකා ක්‍රීඩකයින් සම්බන්ධව යම් තීන්දුවක් ගැනීමට ගත්තු තීරණය ඉතා නිවැරදි බවත් දැන් බබා උක්කුං පාට් දමා බබාලාට මෙන් තොත්තු දිදි සිටි කාලය හොඳටම ප්‍රමාණවත් අන්තර්ජාතික ක්‍රිකට් විචාරක මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රසල් ආනල්ඩ් පවසයි.

“ බබා උක්කුං ඇති. එහෙම කරන්න ගිහින් තමයි අපි ද මේ තත්ත්වයෙ ඉන්නේ. මෙච්චරයි. උඹට ලකුණු කීයක් ගහන්න පුලුවන් ද?. බැයිනම් අපි වෙන කෙනෙක් බලන්නම්. උඹට බෝලයක් අල්ලන්න පුලුවන්ද?. අමාරුනම් කමක් නෑ. අපි අල්ලන්න පුලුවන් කෙනෙක් හොයා ගන්නම්.”

“දැන් මේක බලන් හිටියා ඇති. අවුරුදු ගණනක් එකම සිද්දිය වෙන්නේ. අලුත් තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව දීලා බලමු. ඒ අවස්ථා ඔවුන් කළමනාකරණය කරගන්න ආකාරය ගැන තක්සේරු කරමු. මොකද දැන් මැච් දිනනවා කියල ද?”  රසල් ආනල්ඩ් කීවේය.

ක්‍රිකට් කණ්ඩායම පත් වී ඇති තියුණු බිඳවැටීම ඉතා ලඟින් දකිමින් සිටින ලෝක සම්භාවනාවට පත් විචාරකයෙක් ලෙස   රසල් අනාල්ඩ් මේ අදහස් දැක්වීම සිදුකරන්නේ  Chilling With Russel යූ ටියුබ් චැනලයට එක් වෙමිනි.


ඔහු කියන කතාව දැනෙන සුළුය. හැඟීම්බරය. තර්කානුකූලය.  ඉන්දියානු කණ්ඩායම හා තරග කළ පසුගිය විස්සයි 20 තරග දෙක හා බැඳුන අතීත අත්දැකීම් ද සමග ඔහු සිය අදහස් දැක්වීම කළේය.

විස්සයි 20 තරගාවලියේ මුල් තරග දෙක පසුගිය සෙනසුරාදා (27) සහ ඉරිදා (28) දෙදින තුළ පැවැත්විනි. තරග දෙකින්ම  ශ්‍රි ලංකා කණ්ඩායම පරාදය.  මේ වනවිට තරගාවලි ජය ඉන්දියානු කණ්ඩායම ලබාගෙනය.  ගෞරවය වෙනුවෙන් සටන් වදින අවසන් විස්සයි 20 තරගය අද ය.

රසල් ආනල්ඩ් කියන මේ කතාව, ඉදිරියේ දී දැඩි තින්දු ගන්නා බවට  තිළිණ කණ්ඩම්බි කී කතාව සාවධානව අසා සිටියහොත් අපට අත් වී ඇති ඉරණම කුමක්දැයි තේරුම් ගත හැකිය.

රසල් අනාල්ඩ් Chilling With Russel  සමග සාකච්ඡාවට එක් වෙමින් මෙසේද පැවසුවේය.

“පළවෙනි තරගයේ ඉන්දියාව දුන්න ඉලක්කය ලකුණු 213ක්.  ලකුණු 213ක් චේස් කරන එක අමාරු වැඩක්. ඒත්  සෙනසුරාදා අපි හොඳ තැනක හිටියා. ”


“අන්තිම ඕවර පහ හයට හැත්තෑවක් ගහනවා කියන්නේ විකට් නවයක් අතේ තියනකොට ඒ කන්ඩිෂන්ස්වල ඕන බැටින් ටීම් එකක් දහ පාරක් එලෙව්වොත් 9 පාරක් දිනනවා.  ඒකයි ඇත්ත.

“බැහැයි අපි විකට් 9ක් වැටුණා ලකුණු 30කට. බෝලේ එහෙම කැපුණෙත් නෑ. ඒ අවස්ථාවේ පිච් එක සවුත්තු වෙලා නෙමෙයි තිබුණේ. ”

“ඒ වගේම දෙවැනි මැච් එකේ දි අපි 180ක් 190ක් ගහන තත්ත්වයක තිබ්බේ. අන්තිම ඕවර 05ට 31යි කඩුළු 07යි. ”

“මම මේක තව පොඩ්ඩක් පස්සට ගෙනියන්නම්. ඊට කලින් අපි වර්ල්ඩ් කප් එකේ නෙදර්ලන්තය එක්ක ගැහුවා. නේපාලය එක්ක මැච් එක ගහන්න බැරි වුනා. ”

“බංගලාදේශය එක්ක 103යි විකට් 3යි 14 වැනි ඕවරේ. 123යි ගැහුවේ. ඔන්න එකම දේ… එකම වැඩේ වුනේ. ඊට කලින් සවුත් ඇෆ්‍රිකා එක්ක අපි 77යි. කන්ඩිෂන්ස් අමාරු වුනත් අපි 77යි ගැහුවේ. මීට වඩා දුර යන්න ඕන නෑ. ”

“මෙහෙම බලද්දි මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා. පිරිමි කණ්ඩාමට    බෝඩ් එක පැත්තෙන් ගොඩක් පහසුකම් දීලා තියනවා. බෝඩ් එක පැත්තේන් එක එක විශේෂඥ පුහුණුකරුවන් ගෙනත් වැඩිපුර දේවල් කරන්න හදනවා. ඒත් මැද ඔය විදිහට දේවල් වෙනවා නම්  එ්ක ක්‍රීඩකයින්ගේ වගකීම. ”

“දැන් ඇහෙනවා එහෙට මෙහෙට බනින එක… ඒ අපේ හැටි. පාරෙ යන උන්ට බැනලා වැඩක් නෑ. ගැහුවේ උන් නෙමෙයි නේ.   අපේ ක්‍රීඩකයො වෙනස් වෙන එක එයාල ඇතුලෙන් වෙන්න ඕන. වෙන කෙනෙකුට ඒක කරලා දෙන්න බෑ. ”

“ඒ විදිහට බලනකොට හරිම කණගාටුයි අපේ ටීම් එක සෙල්ලම් කරන විදිහ බලනකොට‍”.


ඉන් අනතුරුව රසල් ඊට තමන්ට අනුව කළ යුතු කුමක් විය හැකිදැයි අපට කීවේය. ”


“ගහන් බැරිනම් මෙච්චරයි… අනම් මනම් කතා කරලා වැඩක් නෑ  දැන්. අවුරුදු ගාණක් තිස්සේ මේක වෙනවා. අපි ඔහේ වැනි වැනි ඉන්නවා. ”

“උඹට රන්ස් ගහන්න  පුලුවන් ද?. උඹට බෝලයක් අල්ලන්න පුලුවන් ද?. බැරිනම් අයින් වෙයන්. අපි අල්ලන්න පුලුවන් කෙනෙක් දාන්නම්. මට මේ උදේ ඉඳන් රෑ වෙනකම් බෝලයක් අල්ලන්න උගන්න උගන්න ඉන්න බෑ. උඹට උවමනාව තියනව ද බෝලෙ අල්ලන්න. උඹට උවමනාව තියනව ද ලකුණු ටිකක් ගහන්න. ඔන්න සරල ප්‍රශන. ඔය ටික ආන්සර් කළා නම් හරි. ”

“මෙයා හොඳයි, අරය හොඳයි,  මෙයාට මැච් විස්සක් දෙන්න ඕන… මේ බබා උක්කුං කර කර ඉන්න ගිහින් තමයි අපි මේ තත්ත්වයෙ ඉන්නේ. මට හිතෙන්නේ එහෙමයි.”

“එක දෙයයි. ගහනවා නම් ගහන්න. නැතිනම් කමක් නෑ. අපි වෙන එක්කෙනෙක් දිහා බලන්නම්.  කන්ඩම්බිගෙ වචන අහද්දිත් එයා ඕකම තමයි කියන්න හදන්නේ.”

“වෙන වෙන ප්‍රශ්න තියෙන්න පුලුවන් වටපිටාවෙ. කවදද එව්වා නැත්තේ. ජීවිතේ හැමදාම අභියෝග තියනවා. ඒවා මැනේජ් කරන එක වෙන දෙයක්. නමුත් ග්‍රවුන්ඩ් එකේ ප්‍රෆෝම් කරන එක සම්බන්ධ තීන්දු ගන්න ඕන එතන.”

“බංගලාදේශ මැච් එකේ 100ට විකට් 3යි. 123ක් නෙමෙයි,  ඔයා හරි මම හරි ගියානම් පයින් ගහලා හරි 140ක් ගහනවා. එහෙම ගැහුවා නම් අපි සුපර් එයිට් එකේ. එච්චරයි ඒකේ වෙනස. ඉන් එහාට පාරෙ යන එකාට අරූට මූට බැනලා වැඩක් නෑ. උන් නෙමෙයි ගැහුවේ. වෙන කවුරුවත් නෙමෙයි ගැහුවේ. ඒකයි කේස් එක.”

“දෙවැනි මැච් එකේ දී අපි අන්තිම ඕවර පහ එද්දි ලකුණු 130යි. වැරදිලාවත් ගොං විදිහට ගැහුවත් අන්තිම ඕවර 5 ලකුණු 50 එන්න ඕන. ඒ කියන්නේ 180යි. හොඳට ගැහුවොත් 190යි. 200යි. ලකුණු 30ක් කියන්නේ බෝලයකට ලකුණයි. මොකක්ද අපි කතා කරන්නේ. ඉන් එහාට කතා කරන්න දෙයක් නෑ.”

“මගෙන් මේ ගැන ප්‍රශ්නයක් ඇහුවොත් කියන්න තියෙන්නේ  මේ වගේ තත්ත්වයක මම ක්‍රීඩා කළා නම් ඕන ලකුණු ගාන 45ද 50 ද පයින් ගහලා හරි අරන් දෙනවා. ලොකු පාරවල් නෑ. හඳට ගැහිලි නෑ.”

“ඉතින් මට තේරෙන්නේ නැත්තේ ඊට වඩා පාරවල් ගහන්න පුලුවන් උන්ට මොකද 40ක් 50ක් ඇනලා දෙන්න බැරි කියලා. වැදගත් හඳට ගහන එක නෙමෙයි. ලකුණු. වැඩ කෑලි දාන එක නෙමෙයි.”

“ග්ලෙන් මැක්ග්‍රාත් එයා ගහන කාලේ චණ්ඩියා වෙලා හිටියෙ ලොකු දේවල් කරලා නෙමෙයි. එයා අනික් අයට වඩා බේසික් ටික හොඳටම කළා.”

“මම ආයෙත්  කියන්නේ මෙච්චරයි.  දැන් කරන්න ඕන එක දෙයයි.”

“ගහන්න ඕනද?. උඹට බෝලයක් අල්ලන්න පුලුවන්ද?. බෑ… එහෙමනම් අයින් වෙයන්. බබාලා වගේ තොත්තු කරකර හරියන්නේ නෑ දැන්.”


“ටීම් එක වෙනස් කරනවා නම් අලුත් ක්‍රීඩකයින් ගන්නවා නම් ඒකට යන්න.”

මැතිවරණ වැඩ අස්සේ, හිටපු ජනපති මහින්ද, නාමල් සමග ගිය ගමන : ෆේස්බුක් සටහනකින් එළියට!

දැහැමි උඩුගම කියලා කියන්නේ, නාමල් උඩුගම සහ රුවන්ති මංගලා කලා තරු දෙපළගේ ආදරණීය දියණියයි.

ඉතිං දැහැමි පසුගිය 26 වැනිදා විවාහ දිවියට පිවිසෙමින් සිය ජීවිතයේ ලස්සන නව පරිච්ඡේදයක් ආරම්භ කළා.

ඇගේ අතගත් වාසනාවන්තයා වුණේ, ශනාල්.

එම අවස්ථාවට කලාකරුවන් මෙන් දේශපාලනඥයන් ද එක්ව සිටියා.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමෙහි මෙවැනි සටහනක් තබා තිබුණා..

“ජනප්‍රිය ගායක නාමල් උඩුගම මහතාගේ සහ රුවන්ති මංගලා මහත්මියගේ දයාබර දියණියගේ විවාහ මංගල උත්සව අවස්ථාව සමග (26) එකතු වුණෙමි. මෙම අවස්ථාවට මගේ බිරිඳ ශිරන්ති සහ නාමල් ද සහභාගී වූහ. නව යුවළට සතුට සපිරි වාසනාවන්ත විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරමි.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට රතු එළියක්!

ශ්‍රී ලංකා පිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලිණ කණ්ඩම්බි පවසනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ අතිශය දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ තවත් අමිහිරි තරගාවලි පරාජයක් ලැබීමෙන් අනතුරුවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ,

“පිතිකරුවන් වශයෙන් මීට වඩා වගකීම් සහගත වෙන්න ඕනේ කියන එක තැන මම අනිවාර්යෙන්ම සිටිනවා. මොකද අපිට ඕනේ තරම් පුහුණ කරන්න පුළුවන්, පුහුණුවීම්වල යෙදෙන්න පුළුවන්, අපිට තොරතුරු දෙන්න පුළුවන් හැබැයි මැදට ගියාම ඊට වඩා ටිකක් ඔළුව කල්පනා කරලා සෙල්ලම් කරන්න ඕනේ. මොකද මේක පළවෙනි වතාව නෙමෙයි. අපිට ලෝක කුසලනයේ බංග්ලාදේශ තරගයේදීත් මේක වුණා. අපි ඒක ගැන කථා කරලා ඒකට සොලියුෂනුත් ඒ අයගෙන් ඇග්‍ර්ඩ් ප්ලෑන් එකට තමයි වැඩ කරන්නේ. හැබැයි ඒ රිසාල්ට් එක එන්නේ නැහැ. මම හිතනවා ටිකක් තද තීරණ ගන්න වෙයි ඉදිරියේදී.”

කෑම ඩිලිවරි ඕඩරයක් පමා වුණාට කුවේට්වලදී වෙඩි කාපු ලාංකිකයා දිවයිනට

ආහාර ඇණවුමක් ප්‍රමාද කළ බවට චෝදනා කරමින් කුවේට්හිදී වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකික ආහාර බෙදා හැරීමේ සේවකයකු සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් යළි දිවයිනට පැමිණ තිබේ.

46 හැවිරිදි ලක්ෂ්මන් තිලකරත්න බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මෙම සිදුවීම ජනවාරි 11 වැනිදා සිදු වුවද මේ දක්වා තමාට සාධාරණයක් ඉටු නොවූ බවයි.

එබැවින් තම සේවකයාගෙන් ණයට මුදල් ලබාගෙන නැවත මෙරටට පැමිණීමට තීරණය කළ බව ඔහු සඳහන් කරයි.

ඔහු කියා සිටියේ එදින තමා සේවය කරන ආපනශාලාවෙන් අලුයම 4.45ට පමණ ඔහුට ඩිලිවරි කිරීමට ඇණවුමක් ඇති බවත් ඒ වන විටත් ඇණවුම ප්‍රමාද වී ඇති බවත් පැවසූ බවයි.

කෑම ගෙන යෑම සඳහා නිවසට තිබූ වාහන තුනෙන් එකක් ඔහු පදවාගෙන ගොස් ඇතත් ඇණවුම් කළ පුද්ගලයා ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා නැත.

මිනිත්තු කිහිපයකට පසු ඇණවුම ලබා දුන් පුද්ගලයා වාහනයකින් ඔහුගේ වාහනය අසලට පැමිණ ඇත.

ඔහු ළං වී, ඔහුගේ ෂටරය පහත් කර, ස්වදේශීය භාෂාවෙන් ‘ඉවත් වන්න’ යැයි කෑගසමින් ඔහුට වෙඩි තබා තිබේ.

තිලකරත්න කියා සිටියේ තමාට ආපසු රිය පැදවිය නොහැකි වූ බැවින් සගයකු කැඳවා රෝහලට යෑමට කටයුතු කළ බවයි.

ඔහුගේ නඩුව ජූනි 6 වැනිදා කැඳවූ අතර පෙරවරු 9.30ට නඩුව කැඳවීමට නියමිතව තිබුණද තානාපති කාර්යාල නිලධාරීන් ඔහුව එහි රැගෙන ගියේ පෙරවරු 11.30ට බව තිලකරත්න පවසයි.

ඒ වන විට නඩුව අවසන් වී තිබූ අතර නැවත නඩුව කැඳවන්නේ කවදාදැයි කියන්නට නීතිඥවරයාට නොහැකි විය.

“මගේ බිරිඳට සනීප නැති නිසා තානාපති කාර්යාලයේ ඉඳලා වැඩක් නෑ කියලා හිතලා ආපහු එන්න තීරණය කළා.මම වැඩ කරපු අවන්හලෙන් ඩිනාර් 100ක් ණයට අරගෙන ගෙදර ආවේ. මගේ පවුල නඩත්තු කරන්න මට දැන් හිඟාකන්න පටන් ගන්න වෙයි’ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

අතවර සිද්ධිය පැමිණිලි කිරීමට පොලිසි ආ දැරියට පොලිසියේදීත් අතවරයක් – සැකකාර SI අත්අඩංගුවට!

තරුණයකුගේ අතවරයට ලක්වූ බව කියන 14 හැවිරිදි දැරියක එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කුලියාපිටිය කඳානගෙදර පොලිසියට පැමිණි අවස්ථාවේ එහි උප පොලිස් පරීක්ෂකවරයකු ද පොලිසිය තුළදීම දැරියට අතවර කිරීම පිළිබඳව උප පොලිස් පරීක්ෂකවරයා ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරිය පැහැරගෙන ගිය තරුණයාට එරෙහිව පැමිණිලි කිරීම සඳහා ඇය තම මවත් සමග කඳානේගෙදර පොලිසියට ඉකුත් 27 දා පැමිණ තිබේ.

එදින කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අර්ධ වාර්ෂික පරීක්ෂණය සඳහා කඳානගෙදර පොලිසියට පැමිණ ඇත.

එම අවස්ථාවේ මෙම දැරියගේ කටඋත්තරය සටහන් කරමින් සිටි පොලිස් කාන්තාවක් දැරිය එහි නතර කර විනාඩියකට දෙකකට වෙනත් අංශයකට ගිය අවස්ථාවේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා දැරියට අතවරයක් සිදුකර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සිද්ධිය සැළ වූ විගස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු එහි පැමිණ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සිරමැදිරියට දමා ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය ද තහනම් කර ඇත.

නෝමන් පලිහවඩන

ඇප බදින්න ආ සීලරතන හිමිට සල්ලි ගේන්න අමතක වෙයි

2024 ජනාධිපතිවරණ සටනට ඇප මුදල් තැම්පත් කිරීම සඳහා බත්තරමුල්ල සීලරතන හිමි ඊයේ (26) මැතිවරණ කොමිසමට පැමිණියා.

නමුත් උන්වහන්සේගේ මුදල් පසුම්බිය බත්තරමුල්ලේ දමාවිත් ඇති බැවින් අද දින ඇප මුදල් තැන්පත් කිරීමට නොහැකි වූ බව උන්වහන්සේ පැවසුවා.

ඒ හේතුවෙන් සඳුදා දින 10.30ට නැවත පැමිණ ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කරන බව උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

වාහනයට ගංජා දැමුවා කියූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරයි

සමාජ මාධ්‍ය ඔස්සේ ඉමහත් ප්‍රසිද්ධියට ලක්වූ පොලිස් නිලධාරීන් පිරිසක් වාහනයක් පරීක්‍ෂා කරන මොහොතේ වාහනය තුළට පොලිස් කොස්තාපල්වරයකු විසින් කංසා දමා තරුණ පිරිසක් අමාරුවේ දැමීමට උත්සාහ කළැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුගේ සේවය තහනම් කර ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසුවේ අදාළ කංසා තොගය පොලිසියට භාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කළ බවය.

මොහු රාජකාරිය පැහැර හැර ඇති බවත් වාහනයේ කංසා තිබුණු බවට පොලිස් නිලධාරීන් වාහනයේ ගමන් කළ තරුණයන්ට චෝදනා එල්ල කළේ නම් එම කංසා පොලිසියට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබුණු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසුවේ.

සමාජ මාධ්‍යයේ දකින්නට ලැබුණු ආකාරයට වාහනයේ ගමන් කළ තරුණයන් මෙම කංසා පොලිස් නිලධාරියා දැමූ බව පුන පුනා ප්‍රකාශ කර තිබුණි. මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් වෑන් රියේ තිබූ බව කියනු ලබන කංසා පොලිසියට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන්ට අසීරු විය.

සාදයකට පැන තරුණ අඹු සැමි යුවලක් මරා දැමූ ඝාතකයන්ට වසරකින් පසුත් ඇප නෑ!

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවැත්වෙමින් තිබූ පැන යුවලක් මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසරක් පුරා බන්ධනාගාරයේ සිටින සැකකරුවන් හත් දෙනාට ඇප ලබා දීම වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් විසින් පෙරේදා  ( 25) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

සිද්ධිය වූ නිවසේ 2023-07-23 දින උපන් දින සාදයක් පැවති අතර ඊට සහභාගී වී සිටි අඹු සැමි යුවලකව මරා දැමීමේ සිද්ධියට පුද්ගලයින් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන සිටියි.

උපන් දින සාදයට සහභාගී වී සිටි අඹුසැමි යුවලේ කාන්තාව ඊට පෙර ග්‍රාම නිලධාරියෙකු සමග ඇසුරක් පවත්වා ඇති අතර එය නතර කොට වෙනත් අයෙකු සමග විවාහ වීම නිසා ඇගෙන් පලි ගැනීමට ග්‍රාම නිලධාරීවරයා විසින් ලබා දෙන ලද කොන්ත්‍රාත්තුවක් මත අඹූ සැමි යුවලම ඝාතනයට ලක් වූ බව පොලිස් පරීක්ෂණ වලදී හෙලි වුණි.

එම සිද්ධියෙන් මියගියේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි සුගන්දන් සහ ෆාතිමා සසීමා නැමති අඹු සැමි යුවලය.

එම ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හත් දෙනා දැනට වසරක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අතර ඔවුන්ව අවස්ථා 9 කදී වවුනියාව දිස්ත්‍රික් අධිකරණයට හා මහාධිකරණයට ඉදිරිපත් කොට ඇතත් ඔවුන්ට ඇප ලබා දී නොතිබුණි.

ඒ බව සඳහන් කරමින් සැකකරුවන් වෙනුවෙන් වවුනියාව මහාධිකරණය වෙත පෙත්සමක් ගොණු කොට තිබූ අතර එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී රජයේ නීතීඥ ආරුමුගම් ධනුසන් සහ විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරියා ඇප ලබාදීමට එරෙහිව කරුණු දැක්වූ නිසා වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කොට ඔවුන්ගේ රිමාන්ඩ් කාලය දීර්ග කරමින් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව පලවෙනි හා හත්වෙනි විත්තිකරුවන් දෙදෙනාගේ රිමාන්ඩ් කාලය නොවැම්බර් මස 1 වෙනිදා දක්වාද ඉතිරි පස් දෙනාගේ රිමාන්ඩ් කාලය පෙබරවාරී මස 25 දක්වාද දීර්ඝ කෙරුණි.

කෙල්ලො ටික දිනුම්… ඒක හුස්ම හිරවෙන තරගයක්…

රන් ගිරි දඹුළු ක්‍රීඩාංගනය ආශ්වාදනීය ජීව ගුණයකින් පිරී තිබිණි. ඉතිසාහසයේ මුල්ම වරට කාන්තා ක්‍රිකට් තරග නැරඹීමට ක්‍රීඩා ලෝලීහු රොද බඳමින් සිටිති. ඒ දැකීම ක්‍රිකට් වෙනස් වී ඇති බව ඉඟි කරනු සේය.

මිනිස්සු ක්‍රිකට්වල ආත්මය සොයමින් සිටිති. රට ප්‍රමුඛ කරගත් ගැඹුරු ජයග්‍රහණ ප්‍රාර්ථනා කරති. අප දකින්නේ සියල්ලෙන් පරාජිත වී සිටිය දී ක්‍රිකට් තරගයක ජයග්‍රහණය හෝ ප්‍රාර්ථනා කරන මිනිස්සුය. ඒ මිනිස්සුන්ට දිනන්නට බැරිනම් ගෞරවණීය පරාජයක් වුවද ප්‍රමාණවත්ය. පකිස්ථාන ශ්‍රි ලංකා අවසන් පූර්ව තරගය දකින්නට රොක් වුන මිනිස්සුන්ගේ සිනා පිරුණු මුහුණු අපට කීවේ ඒ කතාවය.

අවසන් පූර්ව තරගයක තිබිය යුතු තියුණු උත්කර්ෂය සහිතව කළ තරගයක් අවසානයේ දී ආසියානු කුසලාන දෙවන අවසන් පූර්ව තරගයෙන් පකිස්ථානය පරදවා ශ්‍රි ලංකා කෙල්ලන් තරගයේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුළු 03කින් දිනුම් ය. පකිස්ථාන කණ්ඩායම පරාජය වන්නේ ජයග්‍රහණය සඳහා අන්තිම පන්දුව තෙක් කළ තියුණු තරගයකින් අනතුරුවය.

චමරී අතපත්තු කාන්තා කණ්ඩායමේ යෝධ අරටුව බව යළිත් ලෝකය දුටුවේය. ස්වකීය අර්ධ ශතකය සමරනවාට වඩා පෙනෙමින් ඇති ජයග්‍රහණය වෙත ඉලක්ක වූ මනසක් සහිත නායිකාවකගේ දියුණු මනෝ භාවය නැවත වරක් චමරි අතපත්තුගෙන් දුටුවෙමු. අනපේක්ෂිත ලෙස නොවැදගත් පහරක් එල්ල කිරීමට ගොස් තීරණාත්මක මොහොතේ පිටියෙන් ඉවත්වන චමරී අතපත්තුගෙන් පසු පිටියට එන පසු පෙළ ක්‍රීඩිකාවන් එකම පිතිකරණ පරිචයක් සහිත ක්‍රීඩිකාව වූ අනුෂ්කා සංජීවනී සමග තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය ආකාරය ආශ්වාදයෙන් යුතුව බලාගෙන සිටියෙමු.

ඇත්තටම ඇය රෝස මලක් වගේ නේද..? සාරියට කවදත් ලස්සන දිනක්ෂි... (PHOTOS)

කාන්තිමත් රුවක් ලබන්න නම් ඇත්තටම කෙනෙක් පින් කරන්න ඕන.. 

දිනක්ෂි කියන්නේ ඒ පින අඩුවක් නැතුව තියන කෙනෙක් කියලා කියන්න පුළුවන්.. මේ කියන්න යන්නේ ඇගේ ජීවිතයේ තවත් ලස්සන දවස්ක් ගැන.. කවදාවත් අමතක නොවෙන මේ දවස මොකද්ද...?

රෝස ආදරේ... දිනක්ෂි අලුතෙන්ම තිරයේ දැකගන්න අපිට අවස්ථාව ලැබෙන්නේ මෙන්න මේ චිත්‍රපටය නිසායි..

ඉතින් මේ බලන්නකෝ ඒ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයට ගිය දවසේ දිනක්ෂිගේ ලස්සන.. සාරියට කොහොමත් ඇය වෙනදාට වඩා ලස්සනයි නේද..?