අරලියා මල" ගීතයෙන් රටක්ම දැන අදුනගත්, ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ කියන්නෙ කැසට් පටවලින් ආදායම් වාර්තා තැබූ අයෙක්.
ඒ වගේම අතිශය ජනප්‍රිය "සකුරා රේන්ජ්" සංගීත කණ්ඩායමේ නියමුවා වුණෙත් ඔහුයි. කාලයක් බස් අජිත් කියා ලේබල් ගැසුවත් ඔහුට ආදරේ කරන ප්‍රේක්ෂකයින් අඩු වුනේ නැහැ.
තවමත් ජනතාවගේ ආදරේ ලබන අජිත් යලි කතාබහට ලක් වුණේ ක්ලබ් වසන්ත නමැති පුද්ගලයා ඉලක්ක කර සිදු කරපු වෙඩි ප්‍රහාරයෙන් අජිත්ගේ පෙර බිරිඳ කේ.සුජීවා තුවාල ලබා රෝහල් ගත කිරීමත් සමඟයි.
පසුගිය 08 වැනිදා ටැටු මධ්‍යස්ථානයක් විවෘත කරන්න ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ, ගායන ශිල්පිනි කේ.සුජීවා සහ ඇයගේ සැමියා එක්ව සිටියා.
එම ස්ථානයට පැමිණි නාහඳුනන පුද්ගලයින් දෙදෙනෙක් සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් ක්ලබ් වසන්ත සහ කේ.සුජීවාගේ සැමියා මිය ගියා.
කෙසේ වෙතත් බරපතළ තුවාල ලැබූ කේ.සුජීවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර එහි දී ඇයට සැත්කම් කිහිපියක් සිදු කළ බව සඳහන්.
මේ වනවිට ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වී ඇති බවත් ජාතික රෝහලෙන් පිටත්ව ගොස් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් තොරතුරු වාර්තා වනවා.
මේ වනවිට අජිත් මුතුකුමාරණ සිය ෆේස්බුක් ගිණුමේ මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.
“හැමෝම කියනවා 99.9 ලූ ගියේ 🙈.
ඒක අලුත් රේඩියෝ line එකක්ද වටේම කථා කරලා අහන මුකුත්ම නොදන්න මම 🙈🙈🙈🙈🙈.
දවස් ගානකට කලින් 🙏🙏.”