“නමක් දන්නෑ දිවුලපිටියෙ ඉන්නෙ? හොම්බ අලියෙකුගෙ වගේ...” - බුකිය කැළඹූ “කූඹී කන්නා”ගේ ඇත්තම කතාව මෙන්න

ලංකාවේ දිවුලපිටිය ප්‍රදේශයේ දී දක්නට ලැබුණු වීඩියෝවක් ලෙස සත්ත්වයෙකුගේ වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර මෙම සත්ත්වය "කුඹී කන්නා" ලෙස බොහෝ දෙනෙක් හඳුන්වා දී තිබුණා.

“නමක් දන්නෑ දිවුලපිටියෙමෙ වලිගය දඬු ලේනෙකුගෙ වගෙ හොම්බ අලියෙකුගෙ වගේ. පැටවුනුත් ඉන්නව පිටසක්වල ජීවියෙක්ද?” යනුවෙන් සඳහන් කරමින් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළත්, වට්ස්ඇප් මාධ්‍ය තුළත් බොහෝ දෙනෙක් හුවමාරු කරන්නට පටන් ගත්තා.

තවත් තැනෙක, නිට්ටඹුවේදී මෙම සත්ත්වයා දැක ගැනීමට ලැබුණු බව කියමින් යූටියුබ් හි වීඩියෝ පළ කර තිබුණා.

කෙසේ වෙතත්, මෙම වීඩියෝව මැලේසියාවේ ද සංසරණය වී ඇති අතර, ඒ පිළිබඳව එරට Sarawak Forestry Corporation (SFC) විසින් පැහැදිලි කර තිබුණේ, මෙම වීඩියෝව එරට වීඩියෝවක් නොව වෙනත් රටක වීඩියෝවක් බවයි.

ඉන්දුනීසියාවේ ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී ඇති අතර ඉන්දුනීසියානු බලධාරීන් ද එය ඉන්දුනිසීයාවේ සිදුවීමක් නොවන බවට පවසා තිබුණා.

එමෙන්ම මෙම වීඩියෝ බ්‍රසීලයේ බව ට දක්වමින් ද, ටික්ටොක් ඔස්සේ වීඩියෝවක් පළ වී තිබුණා.

Myrmecophaga tridactyla කියන විද්‍යාත්මක නමින් හඳුන්වන යෝධ ඇන්ට් ඊටර් (Giant anteaters) වර්ගය, දකුණු ඇමරිකාවේ, දකුණු බෙලීස් සහ ග්වාතාමාලාවේ සිට උතුරු ආර්ජන්ටිනාවේ දැක ගන්නට ලැබෙන සත්ත්වයෙක් බවට අනාවරණය වුණා.

මෙම සත්ත්වය ලංකාවේ දැකගැනීමට ලැබෙන්නෙ නැහැ.

සම්පූර්ණ උපුටා ගැනීම
srilanka.factcrescendo.com

පාර්ලිමේන්තු විරෝධතාව අතරේ දයාසිරියි චාමර සම්පතුයි ගුටි කෙළියක (VIDEO)

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ විරෝධතාවක් කරන ලදී.

ඒ අවස්ථාවේ දයාසිරි ජයසේකර සහ චාමර සම්පත් අතර යම් උණුසුම් තත්වයක් ඇති වුණ.

ඒ අවස්ථාව පහතින් නරබන්න

"මහින්දව පළමුවරට අගමැති කලේ මගේ තාත්තා" - හිරුණිකා රැස්වීමක් අතරතුර අතීතය මතක් කරමින් සංවේදි වෙයි (VIDEO)

මහින්ද රාජපක්ෂව අගමැති කිරීමට මුල් වුයේ තම පියාණන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

කඩුවෙල පැවති සමගි ජන බල වේගයේ රැස්වීමක් අතරතුරදී ඇය තම පියාගේ අතීතය මෙලෙස හෙළි කළා.

වේදිකාවට දුවගෙන ආපු දියණිය අනුරව පුදුම කරයි...අනුර දියණිය වැළදගනී (VIDEO)

ජාතික ජනබලවේගයේ පවති රැස්වීමක් අතරතුර කුඩා දැරියක් අනුර කුමාර දිසානායක මහතා අසලට පැමිණි 
වීඩියෝවක් මේ වන විට සමාජ මධ්‍යයේ සංසරණය වෙනවා.
 
එහිදී අනුර කුමාර විසින් දැරිය වැළදගත් අයුරු දක්නට ලැබුණා.
 
මේ එම විඩියෝවයි....

යුරෝපය ට්‍රක් රථ රියැදුරෙකු වීමට ශ්‍රී ලාංකිකයන් හයසියකට අවස්ථාව!

යුරෝපයේ රටවල්හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන ලිතුවේනියාවේ ප්‍රමුඛ සමාගමක් ට්‍රක් රථ රියදුරන් හය සියක් බඳවා ගැනීමට සූදානම් වෙයි .ඒ සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදෙන බව ලිතුවේනියාවේ Manvesta ප්‍රවාහන සේවයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ධනා ජැනරිකෙඒට් මහත්මිය පවසයි.

ඇය ඇතුළු නියෝජිත පිරිසක් 2023.02.13 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ.
මෙම කඩිනම් බඳවා ගැනීම සඳහා අගමැතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බව ඇය සදහක් කළාය. 
 
තෝරාගත් රියදුරන් සඳහා කඩිනම් පුහුණු වැඩසටහන් අවශ්‍ය වේ. ඇබෑර්තු හයසියයක් පැවතියත් තෝරා ගැනීමට හැකිවි ඇත්තේ කුසලතා ඇති එක සිය නව දෙනෙකු පමණි. එක් රියැදුරෙකුට රුපියල් මිලියනක පමණ මාසික වැටුපක් හිමිවේ.
යුරෝපයේ ප්‍රමිති සමාගම් 500 වැඩි සංඛයාවකට සුඛෝපභෝගී මෝටර් රථ, ආහාර සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කොන්ත්‍රාත්තු තම ආයතනය සතු බව ද ඇය පැවසුවාය. ඒ සඳහා මූලික ඉංග්‍රීසි දැනුම ඇති හොඳ රියැදුරන් අවශ්‍ය වේ.

මෙම පුහුණු කටයුතු සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරු පාසලේ සහ අනිකුත් පුහුණු මධ්‍යස්ථානවල රියදුරු පුහුණු පහසුකම් යොදා ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි රියදුරු රැකියා සඳහා අයදුම්කරුවන් පිළිබඳ දත්ත බැංකුවක් ද ස්ථාපිත කිරීම පිළිබඳව කම්කරු ඇමතිවරයා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව ද අග්‍රාමාත්‍ය වරයා කීය.

දේශීය බඳවා ගැනීමේ නියෝජිත ආයතනයක් වන Fortuna කළමනාකාර අධ්‍යක්ෂ විමල් පෙරේරා මහතා පැවසුවේ අයදුම්කරුවන් තුන් සියයක් අතුරෙන් සියයකට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමට කොළඹ වරායේ ඇති ට්‍රක් රථ යොදා ගත් බවයි. මෙම රියදුරු පරීක්ෂණය සාර්ථක වීමට නම් වම් පසින් පදවන ට්‍රක් රථ අවශ්‍ය වේ. ඒ සදහා පහසුකම් ලබාදෙන්නැයි ඔහු රජයෙන් ඉල්ලීමක් කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, Manvesta පුහුණු ප්‍රධානි (Aussie Isganaitis), ඔසී ඉග්නේෂස් Fortuna ආයතනයේ අධ්‍යක්ෂක (susie perera) සුසී පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දළදා මාලිගාවේ දවසක අදායම ලක්ෂ 20 - 25 අතර...ඒ සල්ලි මහින්දට දෙන්න මමයි මිටි බැන්දෙ...නිලංග දෑලගෙ හිටපු ලේකම්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

දළදා මාලිගාවේ කෝටි 50ක රත්තරං මහින්දයා වික්කා...මම මිටි බැන්දේ.. - නිලංග දෑලගෙ හිටපු ලේකම්ගෙන් හෙළිදරව්වක්

13ට එරෙහිව පාර්ලිමේන්තු පාරේ වාඩි වූ බලංගොඩ කස්සප හිමියන්ව පොලිසියෙන් බලෙන් උස්සගෙන ගිහින් ජිප් එකට දාගනී (VIDEO)

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක ‌කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුවට එරෙහිව අද දින පාර්ලිමේන්තු වටරවුමේ පැවැති භික්ෂු විරෝධතාවයේදී බලංගොඩ කස්සප හිමියන් පාර්ලිමේන්තු පාරේ බිම අසුන් ගෙන විරෝධය පළ කරද්දී පොලිසිය පැමිණ උන්වහන්සේ ඔසවාගෙන ගොස් පොලිස් ජිප්රථයට නංවාගන්නා ආකාරයක් දැකගන්නට ලැබිණ.

වෘත්තිකයින්ගේ කොටුවේ විරෝධතාවය ඇරඹේ... මොහොතකින් පොලිසිය කඩාපනී (LIVE VIDEO)

වෘත්තිකයින්ගේ කොටුවේ විරෝධතාවය ඇරඹේ. මොහොතකින් පොලිසිය කඩාපනී

පොලිසියෙන් හාමුදුරුවරුන්ට ප්‍රහාරයක් - සිව්නමකට තුවාලයි (VIDEO)

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා පිරිසක් හා සිවල් සංවිධාන අද පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක් දැක්වීය.

රනිල් රජාසන කතාව කරද්දී හාමුදුරුවරු පාර්ලිමේන්තුව වටකරයි (VIDEO)

මේ වනවිට පාර්ලිමේන්තු වටරවුමේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.