gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“නමක් දන්නෑ දිවුලපිටියෙ ඉන්නෙ? හොම්බ අලියෙකුගෙ වගේ...” - බුකිය කැළඹූ “කූඹී කන්නා”ගේ ඇත්තම කතාව මෙන්න

ලංකාවේ දිවුලපිටිය ප්‍රදේශයේ දී දක්නට ලැබුණු වීඩියෝවක් ලෙස සත්ත්වයෙකුගේ වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අතර මෙම සත්ත්වය "කුඹී කන්නා" ලෙස බොහෝ දෙනෙක් හඳුන්වා දී තිබුණා.

“නමක් දන්නෑ දිවුලපිටියෙමෙ වලිගය දඬු ලේනෙකුගෙ වගෙ හොම්බ අලියෙකුගෙ වගේ. පැටවුනුත් ඉන්නව පිටසක්වල ජීවියෙක්ද?” යනුවෙන් සඳහන් කරමින් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළත්, වට්ස්ඇප් මාධ්‍ය තුළත් බොහෝ දෙනෙක් හුවමාරු කරන්නට පටන් ගත්තා.

තවත් තැනෙක, නිට්ටඹුවේදී මෙම සත්ත්වයා දැක ගැනීමට ලැබුණු බව කියමින් යූටියුබ් හි වීඩියෝ පළ කර තිබුණා.

කෙසේ වෙතත්, මෙම වීඩියෝව මැලේසියාවේ ද සංසරණය වී ඇති අතර, ඒ පිළිබඳව එරට Sarawak Forestry Corporation (SFC) විසින් පැහැදිලි කර තිබුණේ, මෙම වීඩියෝව එරට වීඩියෝවක් නොව වෙනත් රටක වීඩියෝවක් බවයි.

ඉන්දුනීසියාවේ ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී ඇති අතර ඉන්දුනීසියානු බලධාරීන් ද එය ඉන්දුනිසීයාවේ සිදුවීමක් නොවන බවට පවසා තිබුණා.

එමෙන්ම මෙම වීඩියෝ බ්‍රසීලයේ බව ට දක්වමින් ද, ටික්ටොක් ඔස්සේ වීඩියෝවක් පළ වී තිබුණා.

Myrmecophaga tridactyla කියන විද්‍යාත්මක නමින් හඳුන්වන යෝධ ඇන්ට් ඊටර් (Giant anteaters) වර්ගය, දකුණු ඇමරිකාවේ, දකුණු බෙලීස් සහ ග්වාතාමාලාවේ සිට උතුරු ආර්ජන්ටිනාවේ දැක ගන්නට ලැබෙන සත්ත්වයෙක් බවට අනාවරණය වුණා.

මෙම සත්ත්වය ලංකාවේ දැකගැනීමට ලැබෙන්නෙ නැහැ.

සම්පූර්ණ උපුටා ගැනීම
srilanka.factcrescendo.com
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka