gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අමුතු පදයක් නටන්න ගිය නැටුම් ගුරුවරුයකට වැඩ වරදී.. අවසානයේ රස්සාව බේරගන්න දැන් ඇයට විදුහල්පතිගේ පදයට නටන්න වෙලා!

මේ කියන්න යන්නේ අපූරු කතාවක්...

ඕනෑම ගුරුවරයෙන් තමන්ගේ පාසලේ දරුවන් වෙනුවෙන් යහපත් තීරණ ගන්න අවස්තා කොතෙකුත් වුණත් සමහර අයට නම් ඒ දේවල් අදාළම වෙන්නේ නැහැ..

මේ කියන්න යන්නේත් තමගේ පාසලේ ඉගෙන ගන්න සිසුන්ගේ මුවාවෙන් හොඳ හොඳ වන්නමක් නැටූ නැටුම් ගුරුවරියක් ගැන කතාවක්... මේ කතාව ඇසෙන්නේ කරන්දෙණිය ප්‍රදේශයෙන්..

පාසලක නැටුම් කාමරයේ බෙර තිබෙන්නේ නැටුම් ඉගෙන ගන්නා සිසු, සිසුවියන්ට ඉගෙන ගන්න නේ.. දරුවන්ට උගන්වන අතරේ මේ ගුරුවරිය නැටුම් කාමරයේ බෙරවලින් අමුතුම නැටුමක් නැටුවා...

ඇය දිනක් පාසලේ විදුහල්පතිවරයාට පවසා ඇත්තේ නැටුම් කාමරයේ ඇති බෙර පැලී ගොස් ඇති බවත් ඒ නිසා සිසිඋන්ට හරිහැටි උගන්වන්නට බැරි බවයි.. කොහොම වුණත් , ඒ පාසලේ විදුහල්පතිවරයා මේ ගැන සොයා බලන්න කටයුතු කරලා.. විදුහල්පතිවරයා ද ඒ සමගම නැටුම් කාමරයට යන්නේ එහි ඇත්ත නැත්ත බැලීමටයි..

"හා කොයි ඒවද කැඩිච්ච බෙර කෝවද හොඳ බෙර" යැයි විදුහල්පතිවරයා නැටුම් ගුරුවරියගෙන් ඇසුවා.. ඇය කැඩිච්ච බෙරයයි කියූ බෙර තොගයකුත් හොඳ ඒවා කියූ තොගයකුත් විදුහල්පතිවරයාට පෙන්නුවා..


"හා මිස් එහෙනම් කැඩිච්ච බෙර ටික හදන්න දෙන්නකෝ මම බිල ගෙවන්නම්" යයි නැටුම් ගුරුවරියට කීවා...

ඒත් ඒ අතර දැනගන්න ලැබුණේ වෙනස්ම කතාවක්.. නැටුම් ගුරුවරියගේ අලුත්, අමුතු නැටුම ගැන පාසල් පරිපාලනයෙන් විදුහල්පතිවරයාට කනින්කොනින් දැන ගන්නට ලැබිලා...

දින ගණනාවකට පසු නැටුම් ගුරුවරිය යළිත් විදුහල්පති කාමරයට ආවා... ඒ කැඩිච්ච බෙර තොගය සෑදූ බව කියන්නටයි...

ඒ සඳහා ගිය වියදම සහිත බිලක් ද සමගමයි... බිල බැලූ විදුහල්පතිගේ කේන්තියේ බිලද ඉහළ ගිහින්... "කෝ බලන්න මිස් හැදූ බෙර ටික" යයි විදුහල්පති ඇසූවිට ගුරුවරිය නැටුම් කාමරයට විදුහල්පති සමග ගොස් හැදුවා යයි කියන බෙර ටික ඔහුට පෙන්නුවා..

තමාට එදා නොකැඩුණු ඒවා යයි කියා පෙන්වූ බෙර තොගයත් සාදා ඇතැයි කියන බෙර ගොඩේ ඇති බව විදුහල්පතිවරයාට තේරිලා...

ගුරුවරිය හොඳ බෙරත් කැඩුණු ගොඩට දමා හොඳ බෙර පදයක් නටා ඇති බව දුටු විදුහල්පතිවරයාට හොඳ හොඳ වන්නම් කටට ආවත්, විදුහල්පතිවරයා නැටුම් කාමරයේදී සිටි ගුරුවරියට කියා ආවේ "මීට පස්සේ මේ වගේ නැටුම් නටලා අසුවුණොතින් රැකියාවත් නැතිවේවි" කියන පණිවිඩයද කියමින්ලු‍...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka