මීට වසර 30 කට පෙර විවාහවූ සැමියා නිතර ආරවුල් කර ගන්නා බැවින් ඔහුගෙන් වෙන්වූ කාන්තාවක් පසුව ඊටත් වඩා කරදරයක පැටලුණු පුවතක් ගැනයි මේ කතාව..
කොහොම හරි මේ වසර 30ක සම්බන්ධතාවයට තිත තිබ්බ ඇය ඉන්පසු වසර 10 ක පමණ කාලයක් සැකකරු සමග අනියම් ඇසුරක් පැවැත්වූ අතර කාලයකට පසු ඔහුටත් නොකියාම ඇය විදෙස් ගත වෙන්න තීරණය කරනවා..
ඉතින් මේ අනියම් සැමියා කාලයක් තිස්සේ මේ නිසා කල් ගෙවන්නේ දැඩි කළකිරීමකින්.. තමනට නොකියා විදෙස් රැකියාවකට ගොස් ආපසු පැමිණ සිටි අනියම් බිරිඳව මුණගැසුණු පුද්ගලයකු ඇයට බිම පෙරළාගෙන පහර දී තිබුණා.. එහිදී රුපියල් 80 දාහක් වටිනා ජංගම දුරකථනයද විනාශ කර දැමීමත් සමඟ අදාළ කාන්තාව මේ පිළිබඳව උතුරු කළුතර පොලිසියට පැමිණිලි කරනවා..
කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මෙම කාන්තාව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ වන විය ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.. වසර10 ක පමණ කාලයක් මෙම කාන්තාව සැකකරු සමග අනියම් ඇසුරක් පැවැත්වූ බවත්, ඔහු වෙනත් කාන්තාවන් ඇසුරු කරන බැවින් 2021 වසරේදී ඔහුට නොකියා ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගිය බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වෙනවා..
ජූනි 26 වැනිදා ලංකාවට පැමිණි තමා දියණියගේ නිවසට ගිය බවත්, ඉකුත් 15 වැනිදා තමා බඩු ගැනීමට පනාපිටියේ වෙළෙඳසැලකට ගොස් සිටියදී ඔහු තමාව දැක පැමිණ බිම දමාගෙන පහරදී ඔහුගේ ත්‍රීවීලරයේ දමාගෙන පාළු ප්‍රදේශයකට ගෙන ගොස් ඇති බවටයි අදාල කාන්තාව පැමිණිලි කර ඇත්තේ..
ඒ යන අතර ඔහු දුන් දුරකථන ඇමතුම අනුව තම දියණියද පැමිණි අතර "මෙහෙම ගහලා මදි. කකුල් දෙක කඩන්න ඕන" කියා පැවසූ බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙනවා...