gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අයියා ජීවිතේ ලස්සනම කාලෙ පටන් ගන්න, මධුසමය සොයාගිය තැනම නංගිගේ ජීවිතය අවසන් වුණු හැටි ! - හම්බවෙලා කතා කරලා ගියේ මෙහෙම දෙයක් අහගන්නද?

මනීෂා සෙව්වන්දි... අම්බලන්ගොඩ ගොඩහේන ප්‍රදේශයේ වයස අවුරුදු 24ක අවිවාහක යුවතියක් වුණු ඈ පසුගිය දවසක අවසන් ගමන් යන්නේ නාන තටාකයේ සිටියදී දියේ ගිලීම හේතුවෙන්.

ඈ එහෙම අවසන් ගමන් ගිය තටාකය, ඇයගේ අයියා විවාහ වී මධුසමය ගත කරමින් සිටි හෝටලයේ නාන තටාකය වීම සැබවින්ම අවාසනාවට කාරණයක්.

විවාහය සඳහා ඇගේ සහෝදරයා ලංකාවට පැමිණ තිබුණේ මීට මාස දෙකකට පමණ ඉහත.

එලෙස පැමිණි ඔහුගේ මංගල උත්සවය හික්කඩුව, පින්නදූව ප්‍රදේශයේ හෝටලයකයි පවත්වා ඇත්තේ.

පසුව ඔවුන් පසුගිය 18 වැනිදා අහුන්ගල්ලේ හෝටලයකට පැමිණ තිබෙන්නේ මධුසමය ගතකරන්න.

එයාකාරයෙන් ජීවිතයේ ලස්සන ආරම්භයකට ගිය මනාල යුවළගේ සුවදුක් විමසනු රිසින්, 19 වැනිදා මවත් නැඟණියත් ඇය විවාහ වීමට සිටි පෙම්වතා එක්ක ම හෝටලයට ගොස් තිබෙනවා.

ඈ තමයි මනීෂා සෙව්වන්දි....

එතැනදී නාන තටාකයට බහින්න කළමනාකාරිත්වයෙනුත් අවසර ගෙන, මනීෂා සිය පෙම්වතාත් අසල්වැසි නිවසක කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු ද එක්ක තටාකයට බැස දිය නාමින් සිටියදීයි එකවර දියේ ගිලී තිබුණේ.

කොහොම නමුත් වහාම ඈව බලපිටිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කළත්, සියල්ල අවසන ඈ ජීවිතය හැරගොස් තිබුණා.

හිටි හැටියේම අහන්න ලැබුණු මනීෂාගේ මරණය සම්බන්ධයෙන් මේ මොහොත වෙද්දිත් ඇගේ හිත මිතුරන් පසුවෙන්නෙ දැඩි කම්පනයකින්.

ඔවුන් සමාජ මාධ්‍යයට එක්කාසු කර ඇති සටහන්වල හැටියට, මනීෂා කියන්නෙ මනුස්සකම උපරිමේට ම තිබුණු ආදරණීය හිත් ඇත්තියක්.

''මොකක්ද බන් මේ වෙන්නේ. ඇයි බන් එකට ඉන්න එවුන්ටම මෙහෙම වෙන්නේ.

එදා හම්බවෙලා කතා කරලා ගියේ මෙහෙම දෙයක් අහගන්නද බන්.

ඉස්කොලේ මොන තරම් පිස්සු නැටුවද අපි.

කොහොම කියන්නද කියලා හිතා ගන්න බැහැ බන්..

නිවන් සුව ලැබේවා සහෝදරී''
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka