gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ක්‍රිකට්’ මට භාර දුන්නොත් මාස හයෙන් හදලා දෙනවා

'ෆයිසර් ඇමැතිතුමා මට වඩා ක්‍රිකට් දන්නවා. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව එතුමාට භාරදීලා මම නිහඬව ඉන්නවා. හැබැයි ඉදිරි ආණ්ඩුවක් ආ වෙලාවක මම ක්‍රිකට් ටික හදලා දෙන්නම්' යි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවැසුවේ මාධ්‍යවේදී තමීර මංජු මහතා විසින් රචනා කළ 'සෙල්ලම් ද සෙල්ලම්' ක්‍රීඩා කෘතිය ජනගත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙම උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය (26දා) පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

''ක්‍රීඩා ඇමැතිකම කවදාවත් භාර ගන්නේ නෑ කියලා මම පැහැදිලිවම කියලා තියෙනවා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මට වගකීමක් තියෙන නිසා වෙන දේශපාලන නායකත්වයක් හරි ඇවිල්ලා මට කිව්වොත් ක්‍රිකට් ක්‍රීඩාව භාරගෙන හදලා දෙන්න කියලා අනිවාර්යයෙන්ම මාස හයක් ඇතුළත එය කරලා දෙනවා. ඒක මම කරන්නේ ක්‍රිකට් ගැන පෙරේතකමකට නෙවෙයි. කාටවත් කියන්න බෑ මට ක්‍රිකට්වලට එන්න බැහැයි කියලා. මොකද මට තරම් අයිතිවාසිකමක් නැහැ කාටවත් ක්‍රිකට්වලට. අද ක්‍රිකට් පරිපාලනයට ක්‍රීඩකයන්ට එන්න දෙන්නේ නැහැ.

මේ කොහෙද යන දේශපාලන බලයක් නැති අපත කට්ටියක් එක්කහු වෙලා ක්‍රිකට් විනාස කරලා තියෙනවා. ක්‍රීඩාවත් විනාස කරලා තියෙනවා. ඒක මම අසතුටින් හරි කියන්න ඕන. ක්‍රීඩා ඇමැතිවරුත් ඒකට උදවු කරනවා. ඒකයි තියෙන අවාසනාව. නමුත් මතක තියාගන්න මේ සියලු දෙයටම මහජනතාව හරි විදියට උත්තර දෙයි ඊළඟ මැතිවරණවලදී.

'සෙල්ලම් ද සෙල්ලම්' කෘතිය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට තමීර මංජු විසින් පිළිගැන්වූ අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය වූ අනස්ටාසියා කොක්ලොවා මහත්මියද  සහභාගි වූවාය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka