gossip lanka

මහවැලි ගඟ අනතුරක - තව අවුරුදු දෙක තුනකින් කාන්තාරයක්

තී‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයට අයත්, ප‍්‍රදේශ කිහිපයක සිදු කෙරෙන වැලි ජාවාරම හේතුවෙන් මහවැලි ගඟ අවධානමකට ලක්ව ඇතැයි ගොවි සංවිධාන කිහිපයක් පෙන්වා දෙනවා.

මහවැලි ගගේ වැලි ජාවාරම වැඩි වශයෙන් සිදු කෙරෙන්නේ සෙරුවිල, මුතූර් සහ වෙරුගල් යන ප‍්‍රදේශවල බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙම වැලි ජාවාරම් හේතුවෙන් ආශි‍්‍රත ප‍්‍රදේශවලට සිදුවිය හැකි පරිසර හා සමාජයීය හානි පරිසර ඇගයීම් වලින්ද
හඳුනාගෙන ඇති බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ආශි‍්‍රත ප‍්‍රදේශවල ළිංවල ජලය අඩුවීම දැනටමත් සිදුවෙමින් ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කුඹුරුවල ජලය නොරඳන තත්ත්වයක්ද ඇතිවෙමින් තිබෙන බවයි ගොවිසංවිධාන පෙන්වා දුන්නේ. මෙම ප්‍රදේශ ඉදිරි වසර දෙ තුන තුළ කාන්තාර තත්වයකට පත්විය හැකිබව මහවැලි සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ භූවිද්‍යා හා පතල් කාර්යාංශය එකව කළ සමීක්ෂණයකින් හෙළිව ඇති බවයි නාමල් කරුණාරත්න වැඩිදුරටත් පැවසුවේ.

gossip lanka