gossip lanka

උසස්පෙළ ලියූ සිසුවියට යොවුන් මන්ත්‍රී හදි කරයි

උසස් පෙළ විභාගය නිමාවී නිවෙස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු පළාතේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු අද (22) අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි.

සැකකරු පලෙයි ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි
තරුණයෙකි.

මෙම සිසුවිය විභාගට ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

මුලතිව් පාසලක සිසුවියක වන ඇය ඉකුත් 19 දින උසස් පොළ විභාගය නිමවී නිවෙස බලා යමින් සිටියදී මෙම සැකකරු වෑන් රථයකින් හා යතුරු පැදි කිහිපයකින් පිරිසක් සමග පැමිණ සිසුවිය පැහැරගෙන ගොස් පලෙයි කෑලෑ ප‍්‍රදේශයක රැයක් පුරා රඳවාගෙන අපයෝජනය කර ඇති බවට පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත.

සැකකාරි මන්ත්‍රීවරයා පෙරේදා (20) පෙරවරුවේ මෙම සිසුවිය මුදා හැර ඇති අතර ඇය නිවසට ගොස් ඥාතීන් සමග පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කළ බව පොලිසිය කියයි.


gossip lanka