gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුදමාර්ගයෙන් හොරබඩු ගෙන යන ‘ට්‍රැක්ටර් භූතයා’ අනුරපුරේ දී කොටුවෙයි

“ට්‍රැක්ටර් භූතයා” යන අන්වර්ථ නමින් හඳුන්වන පුද්ගලයෙකු උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක අනුරාධපුර පළාත් වැටලීම් එක්කයේ නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ සිට බස් රථයකින් මත්කුඩු පැකට් විසි පහක් ගුද මාර්ගයේ සඟවාගෙන අනුරාධපුර නගරයට පැමිණි අවස්ථාවේ දියි.

ස්ථිර ස්ථානයක රැඳී නොසිටින මොහු විවිධ
ප්‍රදේශවල සැඟවෙමින් මත්කුඩු ජාවාරමේ නිරතවී ඇති අතර පවුලේ සාමාජිකයන්ද ඊට උදවු උපකාර කර තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම ට්‍රැක්ටර් භූතයා නමැත්තා කොළඹ ප්‍රදේශයට ගොස් මගී බස් රථයකින් හෙරොයින් රැගෙන එන බවට ලැබුණු තොරතුරකට අනුවයි පොලිස් කණ්ඩායම අනුරාධපුර නව බස් නැවතුමේ සැඟවී සිට ඔහු බස් රථයෙන් බසිනවාත් සමඟම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සැකකරු දැඩි පරීක්ෂාවට ලක්කරනු ලැබුවත් ඔහු සන්තකයේ මත්කුඩු නොතිබූ බවත් සැකයට මෙන් ඔහුගේ අධෝ මාර්ගය පරීක්ෂා කළ අවස්ථාවේ ඉටි උරයක දමා සඟවාගෙන තිබූ හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 170ක් බර මත්කුඩු පැකට් 25ක් පොලිසිය මඟින් සොයා ගෙන ඇති බවත් වාර්තා වෙනවා.

මොහු එක් පැකට්ටුවක් රුපියල් 1000ක මුදලකට කොළඹින් මිලදී ගෙන රුපියල් 2500ක මුදලකට අනුරාධපුර නගරයේ අලෙවි කරන බව පොලිසිය පැවසුවා.

සැකකරු උළුක්කුළම ප්‍රදේශයේ පදිංචිකරුවකු වුවත් ඔහු එක් ස්ථානයක නොසිට විවිධ ප්‍රදේශවලට යමින් හෙරොයින් ජාවාරම කරන බවත් අත්අඩංගුවට ගත් 30 හැවිරිදි ට්‍රැක්ටර් භූතයා මීට පෙරත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka