gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කැරලි කළ රැඳවියන්ට නීතිමය ක්‍රියාමාර්ග

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ පෙරේදා (20දා ) ඇති වූ කැරැල්ලට සම්බන්ධවූ සහ එය මෙහෙය වූ බවට සැක කරන කාන්තා රැඳවියන් 61කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

ප්‍රකෝපකාරී ලෙස හැසිරීම, රාජ්‍ය දේපළවලට හානි සිදුකිරීම, නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කොට තුවාල කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මෙම කණ්ඩායම බන්ධනාගාර
විශ්චය මණඩලයක් හමුවට පමුණුවන බවද බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටියි.

මෙම කාන්තා රැඳවියන් සිරවාට්ටුවලින් එළියට පැමිණ ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් මිරිස් වතුර මෙන්ම ජල හා මුත්‍රා ප්‍රහාර පවා නිලධාරීන්ට එල්ල කර ඇතැයි ද ඔහු කීය.

වහල මත නැග විරෝධතාවයේ යෙදී සිටි කාන්තා රැඳවියන් වහලේ උළු ගලවා නිලධාරීන්ට පහර දීම නිසා 8 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කිරීමට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.

මෙම ගැටුමේ දී තුවාල ලැබූ කාන්තා රැඳවියන් තිදෙනා කාන්තා රෝහල් වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර, එම තිදෙනාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka